IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


අල්ලස් ගන්න ගිය ග්‍රාමසේවක රිමාන්ඩ්

(කේ බුද්ධික කුමාරසිරි)

හෝමාගම පිටිපන සුවපබුදුගම ප්‍රදේශයේ පෙර පාසල් ගුරැවරියකගේ දරුවන් මරා මරා දමන බවට දුරකතන ඇමතුම් ලබාදී තර්ජනය කර ලක්ෂ විස්සක කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ග්‍රාම නිළධාරීවරයා මෙම 16 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් බන්ඳු ලියනගේ මහතා අද (12) දින නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ හෝමාගම පිටිපන දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රුවන් කුමාර නැමැති ග්‍රාම නිලධාරී වරයෙකි.

රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් ලබා නොදුනහොත් දරුවන් තිදෙනා මරා දමන බවට හෝමාගම සුවපුබුදුගම ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියකට තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඉල්ලූ ලක්ෂ විස්සක කප්පම් මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී අත් අඩංගුවට ගත් එම ප්‍රදේශයේ ම ග්‍රාම නිළධාරීවරයා හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් මෙලෙස හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලදී.

 



අදහස් (5)

අල්ලස් ගන්න ගිය ග්‍රාමසේවක රිමාන්ඩ්

චිරන්ත Sunday, 12 November 2023 06:52 PM

ඔය නිසා තමයි හැට ගණන්වල මුල් කාලය දක්වා පැවැති ගම් මුලාදෑනි තනතුර අහෝසි කර ග්‍රාමසේවක තනතුර ඇතිකලේ. ඒත් සමහරක් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල ගම්පති පියස කියලා එකක් අටවාගෙන තියෙනවා මේක ගම්පති තනතුරු තිබුනේත් ග්‍රාමසේවක තනතුර ඇතිකරන්න පෙර තමයි දැන් දැන් තත්වය ඔහොම නම් සිරිමාවෝ මැතිණියගේ කාලයේ ඇතිකල ග්‍රාමසේවක තනතුර නැවතත් ඇතිකිරීම ඉතාමත් හොඳයි... මේ කාලයේ තවත් වරදක් වෙනවා මොකක්ද කිව්වොත් මෑතක් වනතුරුම ග්‍රාම නිලධාරින් නිකුත්කරන සහතික අනු අත්සන් කළේ කාර්‍යාලයේ කෙනෙක් වුණත් දැන් ඒක ඔවුන්ගේ කෙනෙක්ම කරනකොට වංචා වැඩිවෙනවා...

:       0       2

kamal Sunday, 12 November 2023 07:12 PM

අද රටේ මෙවැනි සිද්ධීන් බහුල වී ඇත්තේ මෙවැනි අපරාධවලට..., ඒවාට සරිලන දඬුවම් නොලැබීමයි.

:       0       4

Senarath Monday, 13 November 2023 09:55 AM

මේක අල්ලස් ගැනීමක් බොවේ. කපිපමි ගැනීමක් ලෙස වෙනස් වියයුත්තේ.

:       0       7

Bunny Preena Monday, 13 November 2023 12:17 PM

කොහේද යන්නේ මල්ලෙ පොල්...

:       1       1

විජේ Tuesday, 14 November 2023 12:17 AM

ඉහළ ඉඳලා රජයේ ඉහලම ඉඳලා පහළ නිලධාරීන් දක්වා ඉතා වේගයෙන් මේවානම් ( අල්ලස්, කප්පන්, දුෂණය, හොරකම ) ගලාගෙනයනවා ලස්සනට සංවර්දනය කෙසේ වෙතත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 226 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1077 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 165 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2869 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 338 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site