සුජිත් හේවාජුලිගේ
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අමාත්‍ය ධුරයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (2) පෙරවරුවේ නැවතත් දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
නිමල් සිරිපාල ද සිල්වා මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයට අද (2) උදේ පැමිණෙන ලෙස ඊයේ (1) දැනුම්දීමක් ද කර තිබිණි.
අමාත්‍යවරයකු විසින් ජපාන සමාගමකින් අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පැවැත්වීම සඳහා අවස්ථාව උදාකර දීමේ අරමුණින් නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අමාත්‍ය ධුරයෙන් පසුගිය මස 6 වැනිදා ඉල්ලා අස්විය.
එම පරික්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට පෙරේදා (30) බාරදුන් අතර නිමල් සිරිපාල මහතා ඒ චෝදනාවට නිර්දෝෂී බව කමිටු වාර්තාවෙන් පෙන්වාදී ඇතැයි ආරංචි මාර්ගවලින් පැවසෙයි.
ඔහුට අමාත්‍ය ධුරය නැවත පිරිනැමෙන්නේ ඒ අනුව බව ආරංචි මාර්ග සඳහන් කරයි.
කැබිනට් අමාත්‍යවරයකු ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලසක් ලබාගෙන ඇතැයි විවිධ පාර්ශ්වවලින් පසුගිය කාලයේදී චෝදනා එල්ල වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව චෝදනා කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී එම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීමට තීරණය කළ නමුත් තනතුරෙන් ඉවත්වීම නිසා එම කටයුත්ත සිදු නොවීය.
පසුව නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීමක් අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ සහ පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ එස්. එම්. ජී. කේ. පෙරේරා යන මහත්වරු කටයුතු කළහ.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි එල්ල කළ පොලු පහරින් අයියා මියගොස් ඇති බව සාලියවැව පොලිසිය අද(15) පැවසිය.
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අල්ලස් චෝදනාවෙන් නිමල් සිරිපාල නිදහස්
chandima Monday, 01 August 2022 10:59 PM
ඒකනේ කියන්නේ... මේ උත්තමයෝ කවදාවත් ඒ වගේ වැඩ කරනවද? බලන්න පිරිසිදු සුදු ඇඳුමින් සැරසිලා උපාසක මහත්තුරු වගේනේ ඉන්නේ. හීනෙකින්වත් ඒ වගේ වැරැද්දක් හිතන්නේ වත් නැහැ.
Kapila Monday, 01 August 2022 11:51 PM
ඔන්න රනිල්ගේ හොරුන් රැකීමේ ප්‍රථම රාජකාරිය. දැන් ඉතින් 134 ම ගොඩ වගේ.
senaTuesday, 02 August 2022 10:48 AM
ඒකට තමයි ගෝඨා යනකොට රනිල්ට පාර කපලා ගියේ. රනිල් ගෙනාවේ ගෝඨා. ඉතින් රනිල්ට ගෝඨාගේ වැඩ කරන්න වෙනවා.
Santhu Monday, 01 August 2022 11:55 PM
ඔන්න ඔහොමයි දැන් තීන්දු තීරන වෙන්නෙ. මාස 4ක් තිස්සේ එක එකාගේ අනසකට, කුලියට, මත් ද්‍රව්‍ය වලට ලොබවී අරගල කරලා "Gota go home "කියල එතුමව එලව ගත්ත වුන් දැන් එක එකා අත්අඩංගුවට. සම හරක් සහ එළ දෙන්නු දැන් ඉන්න තැනක් වත් නෑ නිහඞ වෙලාද? නිහඞ කරලාද. අරගලයේ මහා මොල කරුවන් වගේ කිසිම නායක කමකට, කිසිම සුදුසු කමක් නැති රස්තියාදු කාරයින් ඉස්සරහටම ඇවිත් තර්ඡන කලා දැන් ඉන්න ඡනපතිටත්. හනේ හපෙයි, ඔවුන් ඒ කලෙත් රුපියල් කෝටියකට දෙකකට ඇති කෑදර කමට. අවසානයෙදි සිදු වූයේ කුමක්ද? හරියට සාපයක් වගේ. උඹලව බේර ගන්න කවුද දැන් ඉදිරිපත් වෙන්නෙ. මොල තියෙන වුන් හොඳට හිතල බලපල්ලා, මේ සැලැස්මේ මුලින්ම ඉන්නේ කවුද කියල. ඒත් මොනා කරන්නද. දැන් පමා වැඩියි. අපේ රටට තෙරුවන් සරණයි!
Wasantha Tuesday, 02 August 2022 12:34 AM
මේවා දකිද්දී ඇත්තටම හිතෙන්නේ ලංකාවේ මිනිස්සු මෙච්චර කල් ඇන්දිලා තියෙන්නේ හරක් රෑනක් වගේ...
Saman Amarasinghe Tuesday, 02 August 2022 01:18 AM
අනේ බලන්න ඉතින් මේ අහිංසක ඇමති තුමාට බොරු චෝදනා කරන හැටි. ඉන්නේ ඔහේ මේ පාරත් ඇමති කමක් දීලා දාමු. මෙහෙම උන් කප්පම් ඉල්ලන්නේ තමන් ගිහින් නෙමෙයි. ලංකාවේ මිනිස්සුන්ට කරපු දේවල් වලට ඔබලාට.... එක්කෝ ඕනේ නෑ
Palitha P. Tuesday, 02 August 2022 02:39 AM
සිරිසේන ගොන් කොන්ත්‍රාත්තුව පුස් වෙඩිල්ලක් බවට පත්විය. අපහාස නඩුවක් ගොනුකළොත් කුමන්ත්රණයේ අගමුල හොයාගන්නට පුළුවන්...
Kalana Tuesday, 02 August 2022 04:57 AM
කොච්චර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ද අපිට තියෙන්නේ.. බලන්න ඒ මැතිදුන්ට චෝදනාව ආවා .. පරීක්ෂණ කළා .. මාස දෙකෙන් විසදුම් දුන්න... ඒ උතුමාට දියුරුම් දෙන්න පුළුවන් දැන්...
Pradeep Tuesday, 02 August 2022 06:53 AM
Project එක නතර වුනා නිමල් නිදහස් උනා
දාස Tuesday, 02 August 2022 07:12 AM
අහන්නත් දෙයක්ද? අනේ රනිල්ගේ ආණ්ඩුව...
Vira Tuesday, 02 August 2022 07:32 AM
ඒකනේ, අපේ ඇමතිලා එහෙම කරයිද?
ලුම්බිණි Tuesday, 02 August 2022 07:52 AM
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කාලේ මහා බැංකු හොරකම ගැනත් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටුවක් පත් කලා. ඒ කමිටු වාර්තාවෙන් කිව්වෙත් එහෙම හොර කමක් උනේ නැහැ කියල.
Hafeel Tuesday, 02 August 2022 12:32 PM
හොරුන් කවදද හොරුන්ට දඬුවම් දෙන්නේ? හොරු රංචු එකතු වෙලා මහ බැංකු හෝරාව ලොක්ක කරනවා. ඒ හොරා අනිකුත් හොරු රංචුවට පත්වීම් දෙනවා. මේවා තමයි අපි දකින්නේ.
Surain Tuesday, 02 August 2022 08:33 AM
බැඳුම්කර මගඩිත් ඔය වගෙ නිදහස් කිරිමෙ මගඩි ඇපි දැක්ක
namalie Tuesday, 02 August 2022 08:58 AM
මහ බැංකුව කඩලත් බේරුන එකේ, මෙහෙම නොවුනොත් තමයි පුදුමෙ. එත් කප්පම් අරගෙන වරදි කරු වෙලා ඇමතිකම් කරන්න පුලුවන්නම් ඔක මොකක්ද සිරිපාල..
මාලනීTuesday, 02 August 2022 10:08 AM
මහ බැංකුව කැඩුවේ නම් ප්රභාකරන්... රනිල් එහෙම කැඩුවේ නම් නැහැ. මේ මිනිස්සු කියන බැඳුම්කර වංචාව අවස්ථාවේ ඇපයට තැබූ මුදල් වලින් 22 අයවැය පියවීමට කොටසක් ගන්නවා කියලා කපුටු ඇමැති අයවැය වෙලාවේ කිව්වා තවත් කොටසක් ඉතිරි කියලා එම අවස්ථාවේ කිව්වා. එහෙම තියෙද්දී රනිල්ට මෙහෙම අවලාද නැගීම ගැන එම පරීක්ෂණ කළ අය හෝ මහ බැංකු අධිපතිතුමා ජනතාව දැනුවත් කළොත් වටිනවා... රනිල් නිවැරැදි නම් මෙහෙම ප්‍රකාශ කරන අයට දඬුවමක් දියයුතුයි. මෙහෙම දේවල් අවසානයක් වියයුතුයි.
sumanapala Tuesday, 02 August 2022 10:30 AM
උපත 1944 සැප්තැම්බර් 6.. වයස අවුරුදු 77යි.
BamunuarachchiWednesday, 03 August 2022 08:28 PM
සුමනපාල අවරුදු 77 වයසකද? ඇයි ගෙදරට නාකිවෙවී ඉන්නවාද. වයසගැන දුක්වෙන්න එපා. දාමු මංගල දැන්වීමක්.
kamal Tuesday, 02 August 2022 11:21 AM
අපි දැන් බලන් ඉන්නේ ඔයකියන ජපාන සමාගමට විරුද්දව අපහාස නඩුව දානකම්.
amila Tuesday, 02 August 2022 11:24 AM
මෙයාව ඇල්ලුවොත් එයා අනිත් ඔක්කොමගේ ෆයිල් දිගඅරිනවා... ඊට වඩා ලේසි ඒවා නිදහස් කරලා ඇඟ බේරගන්න එක... හොරු වෙනුවෙන් හොරු කියන්නේ මේකට...
ranjith Tuesday, 02 August 2022 12:26 PM
දැන්නම් මේ පාර්ලිමේන්තුව අප්‍රසන්නයි. ඡන්දයක් ආවොත් මේ හොරු ටික ගෙදර යවන්න. ඡන්දෙ ඉල්ලන්න එන්නේ හොරු අල්ලන්න. අල්ලන හොරෙක් නෑ. ඊළඟට එන උනුත් එන්නේ හොරු අල්ලන්න. අල්ලන එකෙක් නෑ,
Jayarathna Tuesday, 02 August 2022 12:50 PM
පුළුවන්නම් කමෙන්ට් වලට රිඇක්ට් කරන්න පුළුවන් විදියක අප්ඩේට් එක්ක දෙන්න සයිට් එකට. මොකද කමෙන්ට් වලට හිනා වෙනවද, කේන්ති ගන්නවද කියල රිඇක්ට් කරන්න තිබුණා. සමහර කමෙන්ට් වලට ලයික් අන්ලයික් කරනවට වඩා දේවල් කරන්න හිතෙනව. (මේ නිවුස් එක ගැන විතරක් නොවේ
Prabha Tuesday, 02 August 2022 12:57 PM
ඔය ජපන්නු කට ඇරියොත් කියන්නේ බොරු...
Raja Tuesday, 02 August 2022 01:02 PM
ඕක පුදුම වෙන්න දෙයක් නෑ. ලොකුම හොරුන්නේ මූලාසනය අරගෙන තියෙන්නේ..!
විජේ Tuesday, 02 August 2022 01:13 PM
ඔය තියෙන්නේ සද්දෙත් එක්කම... මං හිතන්නේ සිරිපාලයට එතැනත් නින්න යන්න ඇති...!
kalatibuwa Tuesday, 02 August 2022 01:28 PM
සිරිපාල දොරේ කියන්නේ මෙන්න මේවට..!
gag Tuesday, 02 August 2022 01:40 PM
දැන් බලපුවාම පගාව ඉල්ලපු කෙනෙක් නැහැ එහෙනම්... ඇමැතියෙක් පගාව ඉල්ලුවා කියලා ජපන්නු කියන්නේ මෙතන හිටපු අනිත් ඇමැති කව්ද? මම පගාව එයාගෙන් ඉල්ලුවා. එයා පගාව මම වගේ කෙනෙක් ඉල්ලුවා කිව්ව වගේ දෙයක්... අද වෙනකොට එක ඇමතියෙක් වරදකට හිරේ ගිහින් නැහැ. හැබැයි රට බංකොළොත් කළෙත් ඔවුන්මයි.
Bamunuarachchi Tuesday, 02 August 2022 02:11 PM
කවදාද 1957න් පසුව දේශපාලකයෙක් ලංකාවේ වැරදිකරුවෙක් වුනේ...? වැරදිකරුවෙක් වුණත් ජනාධිපති සමාව ලැබෙනවා.. අල්පොන්සෝට සමාව දෙනවා කියන්නේ. කෝ අරගල කාරයින් ඊට විරුද්ධව කුමක් කියනවද?
ගමේ එකාලාTuesday, 02 August 2022 02:42 PM
තමුන්ගේ හිතේ අල්පොන්සෝ ගැන තියෙන්නේ මොන විදියේ හැඟීමක්ද කියලා අපි දන්නවා. රටම විනාශ කරපු දූෂිත දේශපාලුවෝ අද කොයිතරම් නිදහසේ ඉන්නවද.
BamunuarachchiWednesday, 03 August 2022 08:20 PM
අල්පොන්සෝ එක්කෙනෙක්
Rohana Tuesday, 02 August 2022 02:22 PM
යාන්තම් ආණ්ඩු පක්ෂයේ හිටිය නිසා අල්ලස් චෝදනාවෙන් බේරුනා.
විපරමා Tuesday, 02 August 2022 03:06 PM
දේශපාලුවෝ කියන්නේ කිසිම වරදක් නොකරන ශුද්ධවන්තයෝ කියලා හිතගෙන ඇත්තේ?
de silva Tuesday, 02 August 2022 03:19 PM
ලංකාවේ මන්ත්රිලාට, ඇමැතිලාට පුළුවන් ඕනෙම දෙයක් කරන්න. කප්පම් ගත්තා කියලා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවෙලා අච්චු කරපු කෙනෙක්ව අද පාර්ලිමේන්තුවේ ඉන්න එකේ, ඔබතුමාත් ඒකට ආවේ නැතිනම් හොරු සෙට් එක සම්පූර්ණ වෙන්නේ නැහැ.. කුණු එකතු වෙන්නේම කුණු ගොඩට කියලා කතාවකුත් තියෙනවනේ..!
de silva Tuesday, 02 August 2022 03:31 PM
ජපන්නු වගේද සිරිපාල...? අපේ ඇමැතිලාට ලෝකෙ පුරා තරු 5 හෝටල් 2-3 ආසියාවේ තිබෙන ලොකුම වී මෝල්... තව කොපමණ දේවල් තියෙනවද? ජපානයේ ඇමැතිලාට ඒවා තිබෙනවද?
susantha Tuesday, 02 August 2022 03:31 PM
දැන් ජපානෙන් ඉස්සරහටත් ආධාර දෙයි හොඳටම... මේ වංචා, දූෂණ දෙක දෙක ලංකාවට සල්ලි දෙන්න එන්නේ වැඩි පොළියට ලොකු කොමිස් කුට්ටිත් එක්ක ණය දෙන චීන්නු විතරයි. මේ තක්කඩි මේ සෙල්ලම් කරන්නේ මිලියන 22 මිනිස්සුන්ගේ ජීවිත එක්ක.
Appuhami Tuesday, 02 August 2022 03:37 PM
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...
වර්ණකුලසූරිය Tuesday, 02 August 2022 03:38 PM
කෙටියෙන්ම කියනවා නම් හොරුන්ට ගිය රටක්. හිටපු විඝනකාධිපති කියනවා වයිමාගෙන් අහන්න ඕනේ කියලා. දේශපාලකයින්ගේ මංකොල්ලකෑමෙන් ජනතාව හිඟමනට පත්ව ඇතත් දේශපාලකයින් සහ ඔවුන්ගේ සගයන් ධන කුවේරයන් වී ඇත. භාණ්ඩාගාරය හිස්ව ඇතත් හොරැ හිරගෙදර නැතත් එකම හොරා රංජන් රාමනායක පමණක් හිරගෙදරය. අරගලකරුවෙනි, ඔබලා සාධාරණයි. රටක් තවදුරටත් වංචනිකයින් අත නොතිබිය යුතුයි. ඔබ එයට ඉඩ තබන්නේ නම් එය බරපතල වරදකි. අපේ දරුවන් අපට ශාපකිරීමට අප ඉඩ නොතැබිය යුතුයි. මංකොල්ල කරුවන්ගෙන් රට මුදාගැනීම ජනතාවගේ යුතුකම වගේම වගකීමයි...
chandani - france Tuesday, 02 August 2022 05:06 PM
බඩුත් සිරාගේ නඩුත් සිරාගේ. නව රජයක් නව ජනාධිපතිවරයෙක් පත්වූ පසු මේ නඩුව නැවත පටන්ගන්නවා. සාක්ෂි ඇතිවම මෙය ඔප්පු කරනවා. මේ හාදයා ඉස්සර සෞඛ්‍ය ඇමැති කාලේ කරපු හොරකම් ඔක්කොම සැඟවූවා... පිට රටවල සිටින ඔහුගේ සහෝදරයින්ගේ ආපන ශාලාවලට කෝටිගණන් ඒ මුදල් යොදවලා තියෙන්නේ...!
kamal - la coranivuFriday, 05 August 2022 04:56 AM
ඕවා අපිත් දන්නවා. සිරාගේ මල්ලිට පැරිසියේ ලා චැපල් වල ලොකු කරවල කඩයක් තියෙනවා. ශ්‍රී ලන්කන් එකෙන් තමයි කරවල ට්‍රාන්ස්පෝර්ට් කලේ. ඒ කඩේ නැති දෙයක් නැහැ. මුහුදු අශ්වයෝ කරවල චීන්නු පැනපැන අරගෙන යන්නේ. තව වේලපු මුව මස්, වේලපු ගෝන මස්, වේලපු වඳුරු මස්... සතියකට වරක් ශ්‍රී ලන්කන් එකෙන් මෙහෙට ගෙනෙනවා. නමුත් කොච්චර මැඩලා ලැබුණත් වැඩක් නැහැ.
de silva Tuesday, 02 August 2022 05:15 PM
ජපානයට බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ.. වයස 80 විතර වෙලත් පගා ගහන එක නවත්වා ගන්න බැහැ.
ඡන්දදායකයා Tuesday, 02 August 2022 06:35 PM
මේ වැදගත් වන්නේ හෘද සාක්ෂියෙන්ද නිදහස් වූ දාටයි...
Thebuwana Abeywardhana Tuesday, 02 August 2022 07:07 PM
අනේ ෂෝක්... !
Kumara Tuesday, 02 August 2022 07:17 PM
අරගලයට ජයවේවා...!
Senarath R Tuesday, 02 August 2022 09:10 PM
අයියෝ...! සිරිසේන..!
chandima Wednesday, 03 August 2022 02:06 AM
ලොක්කට පින් සිද්දවෙන්න මෙදාපාර බෙරුනා. මිටපස්සෙ ඉල්ලන දෙයක් ගෝලයොදාල ඉල්ලන්න. නම කැත නොවෙන විදියට.