(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ වසන්ත චන්ද්‍රපාල)
වැලි තොටුපොළකට බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ගත් බව කියන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනකු ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කළාය.
මෙලෙස අත්අඩංගුවට පත්වූයේ බීට්ටු වන නිලධාරියෙකු සහ වන ක්ෂේත්‍ර සහකාරවරයෙකි.
අම්පාර වන සංරක්ෂණ කලාපයට අයත් සමන්ගල රක්ෂිතය තුල වැලි ගොඩ දැමීම සහ ගවගාලක් පවත්ගෙනයාම සදහා බලපත්‍රයක් ලබාදීම වෙනුවෙන් රුපියල් 100,000 ක අල්ලසක් ඉල්ලා, එම මුදල් ලබා ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් පෙරේදා (18) සවස අත්අඩංගුවට ගත් බව අධිකරණයේ දි කියැවිණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ වැටලීමක දී, පැමිණිලිකරුට අයත් ව්‍යාපාරික ස්ථානයක් අසල දී, සමන්ගල රක්ෂිතයේ ගවගාලක් පවත්වාගෙන යාම සහ වැලි ගොඩ දැමීම සදහා බලපත්‍රයක් ලබාදීම වෙනුවෙන් සැකකරුවන් දෙදෙනා අල්ලස් ලෙස මුදල් ලබා ගනිමින් සිටීය දී අත්අඩංගුවටගත් බවත් , පළමු සැකකරුවන බීට්ටු වන නිලධාරියා සන්තකයේ තිබී එම මුදල්වලින් රුපියල් 40,000 ක් ද, වන ක්ෂේත්‍ර සහකාරවරයා සන්තකයේ රුපියල් 60,000 ක මුදලක්, සොයා ගත්බවත්, සැකකරුවන් ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කළහ.
පලතුරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ 39 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී අද සවස පෙරළී අනතුරට පත්ව ඇතැයි මීරිගම අධිවේග
ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කරන රිට් ආඥාව නිකුත් කරන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ සභා
ඕස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේදී තම බිරිඳව පොරවකින් කපා කොටා ඝාතනය කර තම පුතුණුවන්ටද පහරදුන් 47 හැවිරිදි දිනුෂ් කුරේරා නම් ශ්‍රී ලාංකික ජාතිකයා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන අද (19) පෙරවරු 11.40 ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්ම පාර්ලි
05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව කළ විමර්ශනවල සවිස්තර තොරතුරු ඇතුළත් රහසිගත වාර්තාවක් අපරාධ පරීක
ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇති තවත් පිරිසකගේ ලේඛනයක් ඉදිරියේදී නිකුත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (19)පැවසීය
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
අල්ලස් ගත් වන නිලධාරින් රිමාන්ඩ්