IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


අල්ලස් ගත් විදුහල්පතිනියගේ ඇපෑල විසිවෙයි

(රෝෂන් තුෂාර)

2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 (එක් ලක්ෂ පනස් දහසක) අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය අධ්‍යාපන කොට්ඨාසයේ රාගම කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකාරිය ලබන 06 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද  (22)නියෝග කළේය.

අල්ලස් ලබා ගන්නා අවස්ථාවේදී පාසලේ සීසීටිවී දර්ශන ක්‍රියාත්මක වී ඇත්නම් එම දර්ශනවල පිටපතක්  රජයේ රස පරීක්ෂකවරයාට  යොමු කර වාර්තාවක් කැඳවන ලෙසට ද  නියෝග කළේය.

හඳුන්නෙත්ති මාලා මංගලිකා නැමැති විදුහල්පතිනිය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකාරිය  බන්ධනාගාරාධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර අල්ලස් දූෂණ විමර්ශන කොමිසම වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරිකවරයාගෙන් , පාසලේ මූරකරුගෙන් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රකාශ සටහන් කිරීමට තිබෙන බවය.

2025 වසර පළමු ශ්‍රේණියට ළමුන් පාසලට ඇතුලත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු 39ක් ලබාගත් මොහොමඩ් ඉමාද් නමැති දරුවාගේ මව වන රාගම මත්තුමගල පාතිමා පර්ශානා මවගෙන් මෙම අල්ලස් මුදල විදුහල්පති කාමරයේදී ලබා ගැනීමේදී පසුගිය හත් වැනි දින  සැකකාරී අත්අඩංගුවට ගෙන   අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද   දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

සැකකාරිය වෙනුවෙන් නීතිඥ මෝහන් සෙල්ලපෙරුම මහතා අධිකරණය කරණු දක්වමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සියලු සාක්ෂි අල්ලස් කොමිසම මගින් අනාවරණය කරගෙන ඇති හෙයින් ඕනෑම කොන්දේසියක් යටතේ සැකකාරියට ඇප ලබා දෙන ලෙසය. සාක්ෂිකරුවන්ට  බලපෑම් කිරීමට විදුහල්පතිනියට හැකියාවක් නොමැති බවද පෙන්වා දුන්නේය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මුරකරුගෙන් හා සංවර්ධන සමීතියෙන්  සාක්ෂි ලබා ගැනීමට ඇති හෙයින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

විමර්ශන ප්‍රගතිය ලබන 06 දිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.



අදහස් (0)

අල්ලස් ගත් විදුහල්පතිනියගේ ඇපෑල විසිවෙයි

ඔබේ අදහස් එවන්න

දියත

චීනයේ කර්මාන්ත ශාලාවක රොබෝ කැරැල්ලක්
2024 නොවැම්බර් මස 22 585 0

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍


ලොව උසම කත සහ මිටිම කත හමු වී
2024 නොවැම්බර් මස 22 392 0

මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.


ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ UN කොමිසමේ අසුනක් ලංකාවටත්
2024 නොවැම්බර් මස 22 118 0

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්


තායිලන්තයට රැගෙන ගිය මුතූගේ දළ කපන්න යයි
2024 නොවැම්බර් මස 22 606 0

ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන


තනිව යන සංචාරකයන්ගේ හොඳම නවාතැන ලංකාව
2024 නොවැම්බර් මස 22 258 0

තනිව ලෝකය වටා ගමන් කරන සංචාරකයන් ලබන වසර සඳහා වෙන්කරගෙන ඇති ජනප්‍රියතම සංචාරක ගමනාන්ත දහය අතර ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බව ෆ්ලෑෂ් පැක් සං


මාදිවෙල නිල නිවාසවලට මන්ත්‍රීන් 35ක් පෝලිමේ
2024 නොවැම්බර් මස 22 681 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලා නවක මන්ත්‍රීවරුන් 35 දෙනකු ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 479 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 707 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1979 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site