IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ

(බී.ජී. චතුරංග)

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තාවේ.

නිවෙසක් නොමැතිකම හේතුවෙන් ගසක් මත ඉදිකර ගත් පැලක ජීවත්වීමට තමන්ට සිදුව ඇති බවත්, ස්ථීර ආදායම් මාර්ගයක් නොමැතිකම හේතුවෙන් දැඩි දුෂ්කරතාවකින් යුතුව දිවි ගෙවීමට සිදුව ඇති බවත් එම දරු තිදෙනාගේ පියා වන එස්. එච්. සුසන්ත කුමාර මහතා පවසයි.

මෙම ප්‍රදේශය වන අලි බහුලව සැරිසරන ප්‍රදේශයක් බැවින් තාවකාලික ඉදිකිරීමක් හෝ කර ජීවත් වීමට නොහැකි නිසා ගසක් මත පැලක් ඉදිකර එහි වාසය කිරීමට සිදුව ඇති බවත් ආහාර පාන සකසා ගැනීම සඳහා පමණක් එම පැලයට කටු මැටි ගසා තාවකාලික මුළුතැන් ගෙයක් ඉදිකර කරුවල වැටීමට පෙර ආහාර ගෙන පැල තුළට වී රාත්‍රිය ගත කරන බව සුසන්ත කුමාර මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවැසීය.

"මට වයස අවුරුදු 18ක පිරිමි දරුවෙක්, 11ක ගැහැනු දරුවෙක්  සහ අවුරුදු 5 ක පිරිමි දරුවකු සිටිනවා. මගේ බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ. සතියකට දෙකකට පමණ වරක් මේ අවට පැපොල් , පේර වගා කරලා තියෙන ගොවිබිම්වලට ගිහින් කුලී වැඩක් කරලා තමයි දරුවන්ට කන්න දෙන්නේ.

මීට දවස් හතරකට පෙර කලාපේ අධ්‍යාපන මැඩම් කෙනකුගේ මැදිහත්වීම මත වැඩි මහල් පිරිමි දරුවාව කාර්මික අධ්‍යාපන ආයතනයකට යොමු කළා නේවාසිකව. අවුරුදු 11 පමණ වයසේ පසුවන දැරිය පාසල් යනවා. චූටි පුතා පෙර පාසල් යන්න බලාගෙන ආශාවෙන් ඉන්නේ. "

එහිදී එම දරුවන්ගේ මව වන එස්.එච්. සෝමා චාන්දනී මහත්මිය මෙසේ පැවැසුවාය.

"අපි මීට පෙර හිටියේ රත්නපුර ප්‍රදේශයේ පවුලේ ප්‍රශ්න ඇතිවුණ හින්දා අපි වසරකට පමණ පෙර මේ පළාතට ආවා. අපි පිට ගමකින් ආපු හින්දා මෙහේ බොහෝ ප්‍රශ්න ඇති වුණා. මේ ගමේ ඉන්න අඳුරන මහත්තයෙක් සල්ලිවලට ගත්ත ඉඩමක්  අපට දුන්නා. ඒක වැවේ ඉඩමක් කියලා ප්‍රශ්න ගොඩක් ආවා. ඊට පස්සේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම්තුමිය මැදිහත් වෙලා එය අපට නීත්‍යනුකූලව පවරලා දුන්නා.

ඊට පස්සේ කීප දෙනෙකුගෙන් ලැබුණු ආධාර මත කාමරයකට අත්තිවාරමක් දැම්මා. ඒක ඉදි කරගන්න විදිහක් නෑ. හරි හැටි රස්සාවක් නැති හින්දා. මේ ප්‍රදේශයට  හවස, හය හත වෙන කොට වන අලි රංචු එනවා. දැන් කාලෙක ඉඳලා මේ පැල තුළ තමයි දිවා රෑ  ජීවත් වෙන්නේ. පෙරේදා මහ වැස්සක් වැහැලා පැල හොඳටම තෙමුණා. පාසල් ඇඳුම් පොත්පත් තෙමිලා දරුවා ඉස්කෝලේ ගියෙත් නැහැ.

අපි ලොකු දෙයක් ඉල්ලන්නේ නැහැ. කුලී වැඩක් හරි කරලා දරුවන් එක්ක ජීවත් වෙන්න පොඩි කාමර දෙකක් හදලා දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ. එහෙම දෙයක් කරල දෙන්න කවුරු හරි ඉදිරිපත් වුණොත් බොහොම පින්. 



අදහස් (0)

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ

ඔබේ අදහස් එවන්න

දියත

බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 833 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 401 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 361 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 296 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 1524 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 26 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38807 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1003 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 352 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site