IMG-LOGO

2025 ජනවාරි මස 05 වන ඉරිදා


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි

(මනෝප්‍රිය ගුණසේකර)

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය මහේස්ත්‍රාත් උසාවියේ ඇති නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය භාරයට ගැනීමටද තීරණය කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම මෝෂමක් මාර්ගයෙන් කැඳවා කළ ඉල්ලීමක් පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්තුරුන්ගෙන් සැදුම්ලත් විනිසුන් මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

ස්වභාවික  සත්ව අධ්‍යන කේන්ද්‍රය ඇතුළු පිරිසක් ගෙනු කර තිබු පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අමාත්‍ය මණ්ඩලය ඇතුළු පිරිසන් නම් කර ඇත.

ලියාපදිංචි නොකළ අලි ඇතුන් මුල් අයිතිකරුවන්ට බාරදීමට අවසර දෙමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අත්හිටවන්න නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මුල් පෙත්සම ගොනු කොට තිබු අතර එම පෙත්සම සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කර ඇත.

මීට පෙර අවස්ථාවේදී මෙම සිද්ධිය සම්බන්ධ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට පටහැනිව කොළඹ මහේස්ත්‍රාත්වරයා කටයුතු කර ඇතැයි පෙන්වා දෙමින් මෙම මෝෂම ගොනු කොට තිබු අතර එම මෝෂමට අනුව පෙත්සම කැඳවණු ලැබිණී.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් ලියාපදිංචි නොකළ හීලෑ ඇතුන් සන්තකයේ තබාගැනීම වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර ඇතැයිද ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නියෝගයට පටහැනිව කොළඹ අධිකරණය කටයුතු කර ඇතැයිද කීය.

එහෙයින් කොළඹ අධිකරණයේ විභාග වන නඩුවට අදාළ විභාගය නවතාලන්නැයි ඉල්ලා සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති නඩු ගොනුව ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවන්නැයිද ඉල්ලා සිටියේය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්  ජනාධිපති නීතිඥ විවේක සිරිවර්ධන මහත්මිය කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවයේ ඉල්ලීමට තමා විරුද්ධ නොවන්නේ යැයි කීවාය.

දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නඩුව විභාගයට ගැනීම වළකාලමින් අතුරු නියෝගය නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගොනුව  අධිකරණය බාරයට ගැනීමටද නියෝගය කෙරිණි.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය.



අදහස් (0)

අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි

ඔබේ අදහස් එවන්න

දියත

බල්ලොත් එක්ක සහල් ප්‍රවාහනය කරලා
2025 ජනවාරි මස 04 1173 0

බලන්ගොඩ නගරයේ වෙළෙඳ සල්වලට බෙදාහැරීමට රැගෙන ගිය සහල් තොගයක් සමග සුනඛයින් දෙදෙනකු ද රැගෙන ඒම නිසා එම ලොරි රථය සහ රියදුරු සමග සහයකයා බලන්ගොඩ මහජන සෙඛ්‍


හොර වෛද්‍යවරයකු ලෙසින් රන් බඩු කොල්ල කෑ සාත්තු සේවකයා අල්ලයි
2025 ජනවාරි මස 04 621 0

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය මව බැලීමට පැමිණ සිටි කාන්තාවකගේ රන් බඩු වංචනිකව සොරාගත් වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටි සාත්තු සේවකයෙකු අත්අඩ


පුස්තකාලයෙන් රැගෙන ගිය පොත දශක 3 කට පසු ආපසු
2025 ජනවාරි මස 04 2206 0

දශක 30 කට පමණ පෙර, එක්සත් රාජධානියේ ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය ළමා කතා පොතක්, පසුගිය නත්තල් දා යළි පුස්තකාලයට ලැබී ඇත.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර අගැයීම අරඹයි
2025 ජනවාරි මස 04 514 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 සිට 12 දක්වා ආරම්භ කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසීය


නිදහස් දින උළෙලේ සංවිධාන කමිටුව අගමැතිනිය හමුවෙයි
2025 ජනවාරි මස 04 689 1

පෙබරවාරි මස 4 වැනිදාට යෙදීී ඇති 77 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත නිදහස් දින සැමරුම් උත්සවයේ සංවිධායක කමිටුව සහ අග්‍රාමාත්‍ය ආචා


ලාෆ් ගෑස් මිල ගැන තීරණය සඳුදා
2025 ජනවාරි මස 04 306 0

ලාෆ් ගෑස් මිල මෙම මස (ජනවාරි) සංශෝධනය කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සඳුදා ප්‍රකාශ කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 415 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 201 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site