(මදුශානි අබේසිංහ)
ඇළහැර දිග්ගල්පිටිය ඇතුළු අවට ගම්මානවලට පවතින වන අලි තර්ජනයට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසට බල කරමින්, ගොවි සංවිධාන නියෝජිතයන් කිහිපදෙනෙකු සහ ගොවීන් පිරිසක් පොළොන්නරුව සම්බන්ධීකරණ කමිටු රැස්වීමට බලහත්කාරයෙන් පැමිණ ඊට විසඳුම් ලබාදෙන ලෙසට විරෝධතාවයක්ද නිරත වූහ.
ජාතක ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සහ දිස්ත්‍රික් ලේකම්වරයා, වනජීවීන් නිලධාරින්, දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැති අතර එම රැස්වීම සඳහා ඇතුල්වන දොරටු අසලට ගොවීන් පැමිණ කෑකෝ ගසමින් වන අලි තර්ජනයට විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළහ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිව්වන මහලේ රැස්වීම් ශාලාවේ ප්‍රධාන දොරටුව අසල පැය කිහිපයක් රැඳී සිටි ගොවි සංවිධාන නියෝජිතයන් සහ ගොවීන් මාධ්‍ය වෙත අදහස් දැක්වෙමින් පැවසුවේ ගම්මානයේ මොහොතේ වන විටත්, අලි කිහිප දෙනකු රැඳී සිටින නිසා එම වන අලින්ගෙන් තම දේපළ හා ජීවිතවලට යම් හානියක් සිදුවීමට පෙර අලින් පලවා හැරීමට කටයුතු කරන ලෙසටයි.
නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 5ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.
තිරප්පනේ සෙම්බුකුලම හා දෙමටෑගම යන ගම්මානවලට අයත් කුඹුරු අක්කර 50ක් පමණ වන අලි රංචුවක් පැමිණ විනාශ කර ඇතැයි ගොවීහු පවසති.
ශ්‍රී ලංකාවේ සමස්ත වෙළෙඳ පොළෙන් සියයට 45 කට වැඩි අස්වැන්නක් හිමිව තිබු පුත්තලමේ ලුණු නිෂ්පාදනය දිගින් දිගටම පවතින වර්ෂා තත්වය හේතුවෙන් අහිමි වෙමින් යන
කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිට රජයෙන් ලබා දෙන ඉන්ධන මෝටර් රථය සහ කාර්යාලය කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.ඒමි ආර් රත්නායක මහතාට ආපසු
ඇළහැර දිග්ගල්පිටිය ඇතුළු අවට ගම්මානවලට පවතින වන අලි තර්ජනයට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසට බල කරමින්, ගොවි සංවිධාන නියෝජිතයන් කිහිපදෙනෙකු සහ ගොවීන් පිර
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
අලි ගැටළුවට විසැදුම් ඉල්ලා ගොවීහු ඩී.සී.සී රැස්වීමට කඩා පනිති
Damith Sunday, 15 December 2024 03:41 PM
බලාගෙන තැපෑලෙන් වදියි.
Srinath priyantha karunarathna Sunday, 15 December 2024 04:39 PM
අලි මිනිස්සු ගැටුමට සහ වනාන්තර ඉඩම් බලෙන් අල්ලන එකට, එකම විසඳුම සියලුම වනාන්තර වටා පවුරක් ඉදිකිරීම... මෙමගින් කිසිම සතෙකු මිනිස්සු ඉන්න පැත්තට එන්න බෑ.., හැටියට chinese wall eka වගේමයි. කවුරු හරි ආණ්ඩුවට මේ යෝජනාව කරන්න... ස්තුතියි...!