( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය රන්සේල ගම කොමඩු වගාවකට කඩා වැදුණ 20 කට වැඩි වල් අලි රංචුවක් එම වගාවේ අස්වැන්න නෙලීමට තිබු කිලෝ 3000 කට ආසන්න ප්‍රමාණය විනාඩි 30 යාමටත් පෙර ගිල දමා වගාවද වනසා ගොස් ඇති බව ඉඩම් හිමියා පවසයි.
අද (27) අලුයම කඩා වැදි ඇති මෙම වල් අලි රංචුව අක්කර 2 කට වැඩි භුමියක තිබු අස්වැන්න නෙළිමට දින කිපයක් පමණක් තිබු කොමඩු කිලෝ 3000 මෙලෙස ගිල දමා පිටව ගොස් ඇත්තේ එහි තිබු ජල නල පද්ධතිය ඇතුළු අනිකුත් දෑ වනසමින් බව මෙම ඉඩමේ හිමිකරු වන ආර්.ඩි.සුනන්ද ජයසිංහ මහතා පවසයි.
වගාවේ පලමු අස්වැන්න එකේ කිලෝ 3000 කට වැඩියි.කොමඩු වලින් විතරක් ලක්ෂ හතරක වැඩි පාඩුවක් වෙලා.ඒ මදිවට ජල නල පද්ධතිය,පොල් පැළ වනසලා එවත් ලක්ෂ 4 කට වැඩි පාඩුවක් වුණා .
දැන් කරකියා ගන්න දෙයක් නැති වෙලා.දහ දුක් විදලා වගා කලාම අලින්ට කන්න දිලා අපි බලන් ඉන්න වෙලා.
මම දැන් දහ අතේ කල්පනා කරන්නේ ඉතිරි වගාවන් කර ගන්නේ කොහොමද කියලා.වල් අලින්ගෙන් අපිට තිබෙන කරදරය දැන් අවුරුදු 10 කට වැඩියි.
ඒ මදිමට මේ රන්සේල මග අවට තිබෙන ඉඩම් වැඩි ප්‍රමාණයක් කොළඹ අයට ඒ අක්කර 100 විතර කෑලෑවට වැහිලා ගිහින් ඒවාගේ තමා අලි නතර වෙන්නේ මේ ඉඩම් වෙන කාට හරි දිලා වගා කරවන්න කියලා තමයි අපි ඉල්ලන්නේ යැයි වගාවේ හිමිකරු සඳහන් කළේය.
බෘනායිහිදී පැවති Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උළෙලෙහි ශ්‍රී ලංකාව කැපී පෙනෙන සන්ධිස්ථානයක් අත්කර ගෙන ඇත. මෙරට තරුණ නවෝත්පාදකයින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එ
දේශීය සුදු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවූ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙද සැලකට රුපියල් ලක්ෂ 10 ක දඩයක් පැනවීමට මහර අධිකරණය අද
බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඉඩම ට්‍රැක්ටරයක් මගින් සුද්ධ කරමින් සිටියදි ඉඩමේ තිබු විදේශිය රටක නිෂ්පාදිත අද (27) සවස අත් බෝම්බයක් පුපුරා ගො
2025 වසරේ ගතවූ දින කිහිපය තුළ ශ්‍රී ලාංකිකයින් 119 දෙනෙකු ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
මතට ලොල් වූ සොරුන් කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් වලට පැන වටිනා පාසල් උපකරණ සොරාගෙන යන බව කොලොන්නාව කොට්ඨාසයේ පාසල් වල ගැටලු පිළිබඳ සොයා බැලීමේ ස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස මෙරට වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් පත්‍රයක් අද (27) නිකුත් කළේය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අලි 20 ක් කොමඩු වගාව විනාශ කරලා