IMG-LOGO

2025 ජනවාරි මස 12 වන ඉරිදා


අලුත්දිවුල්වැව කැඩියාමේ අවධානමක් : පවුල් 100 ක් ඉවත් කරයි

(දයාරත්න ඇඹෝගම)

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ගලෙන්බිදුණුවැව,අලුත් දිවුල්වැව දින කිහිපයක් තිස්සේ ජල කාන්දුවක් හේතුවෙන් වැව්බැම්ම කැඩී යාමේ අවධානම යාම්තාක්  දුරකට පාලනය කිරිමට හැකිවු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හුරැළුවැව වාරි ඉංජිනේරැ දසුන් තිලකරත්න මහතා පවසයි.

වැව් බැම්මේ උමයකින් මහපරිමාණයෙන් ජලය කාන්දුවී වැව් බැම්ම කැඩියාමේ අවධානමක් මතුව තිබුණි.මෙම අවධානමත් සමග ඒ අවට පදිංචිව සිටි පවුල් සීයකට අයත් සාමාජිකයන්   පිරිසක් ඉන්ද්‍රජෝතියාරාම විහාරස්ථානයේ තාවකාලිකව රදවා සිටින අතර  ඔවුන්ට පිසූ ආහාර ලබාදිම සිදුවේ. 
 
පසුගිය දහ වැනිදා උදෑසන හතට පමණ මෙම අවධානම හදුනාගෙන තිබේ. එතැන් සිට මේ දක්වා වැව් බැම්ම කැඩී යාම වැලැක්වීම සඳහා විවිධ ආයතනය වල සහයෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටිති. වැව් වාන පහත් කිරීමෙන් හා ස්ථාන දෙකකින් වැව් බැම්ම කප ක්‍රමානුකූලව ජලය බැහැර කිරිමේ කටයුතු සිදුවෙමින් පවතී. වැව් බැම්මේ ස්ථානයකින් උමයක් සැකසීම නිසා මෙම අවධානම් සහගත තත්ත්වය ඇතිවිය. එම ස්ථානයට ද ගල් පුරවා තත්ත්වය පාලනය කිරිමට පියවර ගැනීම සිදුවේ. 

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය , අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර යන මහත්ම මහත්මීන් මෙන්ම කලාප වාරි අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් පිරිසක් තත්වය මැඩ පැවැත්විම සදහා එම ස්ථානයට පැමිණ අදාල උපදෙස් ලබාදුන්හ. තත්ත්වය පාලනය කිරිමට සහය විය හැකි සියලු ආයතනවල නිලධාරින් මෙම ස්ථානයේ රැදී සිටියහ.

දිස්ත්‍රික් අපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ කර්නල් සනත් දිසානායක මහතා මෙම පිලිසකර කිරිම් සදහා ආයතන සම්බන්ධිකරණයෙන් සහය දැක්වුහ. 

සිද්ධිය වාර්තා වූ වහාම යුධ හමුදාවේ 120කට අධික භටයන් පිරිසක් මෙම ස්ථානයට පැමිණි වැලි කොට්ට ගැසීමේ කටයුතු ආරම්භ කළේ ය. මේවන විටත් එම ස්ථානයේ යුධ හමුදාවේ සාමාජිකයන් පිරිසක් ආරක්ෂාව වෙනුවෙන් යොදා සිටිති. 

අලුත් දිවුල්වැව වැව යටතේ මෙවර මහ කන්නයේ දී අක්කර 320 ක පමණ කුඹුරු ප්‍රමාණයක් වගාකර තිබේ. 



අදහස් (0)

අලුත්දිවුල්වැව කැඩියාමේ අවධානමක් : පවුල් 100 ක් ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඉගිල්ලෙන රියදුරන් මට්ටු කරන්න SPEED GUN
2025 ජනවාරි මස 12 69 0

අධික වේගයෙන් වාහන ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ඇමරිකාවේ නිෂ්පාදිත නවීනතම වේග මාපක භාවිතා කිරීමට යයි.


පොල් මෝලේ ආරක්ෂක ඝාතනයට සේවකයෙක් අල්ලයි
2025 ජනවාරි මස 12 42 0

මුන්දලම බත්තුලුඔය ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදන ආයතනයක සිටි ආරක්ෂක සේවකයකු ඝාතනය කර සේප්පුවේ තිබූ ලක්ෂ දාහතරක මුදලක් කොල්ලකා පලා ගිය බව කියන එම ආයතනය


ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි
2025 ජනවාරි මස 12 154 0

එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත විය.


රත්කිද ජලාශයේ සියලු වාන්දොරටු විවර කරයි
2025 ජනවාරි මස 12 56 0

පෝෂක ප්‍රදේශයන්ට ඇද හැලෙන වැසි තව දුරටත් වර්ධනය වීම හේතුවෙන් උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ තවත් ජල පාලන දොරටු හතරක් අද (12) උදෑසන විවෘත කල බව ජලාශය භාර


දුමින්ද සිල්වා ජාතික රෝහලට
2025 ජනවාරි මස 12 386 0

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදකරුවී මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ව


උඩරට දුම්රිය මඟට පස් කඳුවැටෙයි
2025 ජනවාරි මස 12 95 0

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගය ට අද (12) අලුයම පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැය


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 132 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 527 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 279 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site