IMG-LOGO

2025 ජනවාරි මස 12 වන ඉරිදා


අලුත්දිවුල්වැව කැඩියාමේ අවධානමක් : පවුල් 100 ක් ඉවත් කරයි

(දයාරත්න ඇඹෝගම)

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ගලෙන්බිදුණුවැව,අලුත් දිවුල්වැව දින කිහිපයක් තිස්සේ ජල කාන්දුවක් හේතුවෙන් වැව්බැම්ම කැඩී යාමේ අවධානම යාම්තාක්  දුරකට පාලනය කිරිමට හැකිවු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හුරැළුවැව වාරි ඉංජිනේරැ දසුන් තිලකරත්න මහතා පවසයි.

වැව් බැම්මේ උමයකින් මහපරිමාණයෙන් ජලය කාන්දුවී වැව් බැම්ම කැඩියාමේ අවධානමක් මතුව තිබුණි.මෙම අවධානමත් සමග ඒ අවට පදිංචිව සිටි පවුල් සීයකට අයත් සාමාජිකයන්   පිරිසක් ඉන්ද්‍රජෝතියාරාම විහාරස්ථානයේ තාවකාලිකව රදවා සිටින අතර  ඔවුන්ට පිසූ ආහාර ලබාදිම සිදුවේ. 
 
පසුගිය දහ වැනිදා උදෑසන හතට පමණ මෙම අවධානම හදුනාගෙන තිබේ. එතැන් සිට මේ දක්වා වැව් බැම්ම කැඩී යාම වැලැක්වීම සඳහා විවිධ ආයතනය වල සහයෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටිති. වැව් වාන පහත් කිරීමෙන් හා ස්ථාන දෙකකින් වැව් බැම්ම කප ක්‍රමානුකූලව ජලය බැහැර කිරිමේ කටයුතු සිදුවෙමින් පවතී. වැව් බැම්මේ ස්ථානයකින් උමයක් සැකසීම නිසා මෙම අවධානම් සහගත තත්ත්වය ඇතිවිය. එම ස්ථානයට ද ගල් පුරවා තත්ත්වය පාලනය කිරිමට පියවර ගැනීම සිදුවේ. 

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය , අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර යන මහත්ම මහත්මීන් මෙන්ම කලාප වාරි අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් පිරිසක් තත්වය මැඩ පැවැත්විම සදහා එම ස්ථානයට පැමිණ අදාල උපදෙස් ලබාදුන්හ. තත්ත්වය පාලනය කිරිමට සහය විය හැකි සියලු ආයතනවල නිලධාරින් මෙම ස්ථානයේ රැදී සිටියහ.

දිස්ත්‍රික් අපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ කර්නල් සනත් දිසානායක මහතා මෙම පිලිසකර කිරිම් සදහා ආයතන සම්බන්ධිකරණයෙන් සහය දැක්වුහ. 

සිද්ධිය වාර්තා වූ වහාම යුධ හමුදාවේ 120කට අධික භටයන් පිරිසක් මෙම ස්ථානයට පැමිණි වැලි කොට්ට ගැසීමේ කටයුතු ආරම්භ කළේ ය. මේවන විටත් එම ස්ථානයේ යුධ හමුදාවේ සාමාජිකයන් පිරිසක් ආරක්ෂාව වෙනුවෙන් යොදා සිටිති. 

අලුත් දිවුල්වැව වැව යටතේ මෙවර මහ කන්නයේ දී අක්කර 320 ක පමණ කුඹුරු ප්‍රමාණයක් වගාකර තිබේ. 



අදහස් (1)

අලුත්දිවුල්වැව කැඩියාමේ අවධානමක් : පවුල් 100 ක් ඉවත් කරයි

Chinthaka Sunday, 12 January 2025 06:02 AM

රූපවාහිනී පුවත් මගින් අතීසාරයට අමුඩ ගහන්නා වගේ කටයුතු කලා කියලා පෙනුනා ගොවීන්ගේ අදහස වුනේ ඔය තත්වය අවුරුදු ගණනකට පෙර ඔවුන් පෙන්වා දුන්නා කියල තමා .සාමාන්‍යයෙන් සෑම මසකට වරක් ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමෙන් නිළධාරි එකතුවෙලා කෘෂිකර්ම කමිටු පැවැත්වෙනවා අඩුම තරමින් ඒ සදහා ගොවි නියෝජිතයන්ගේ සහභාගිත්වයක් නැහැ කියල තමයි හිතෙන්නේ .එහෙම සම්බන්ධ කරගන්න ලැජ්ජාවක් තිබේනම් අඩුම තරමින් ඔවුන්ගේ යෝජනා ලබාගෙන ඒ වෙනුවෙන් කමිටුව ගත් තීරණ ඔවුන්ට දැන්වීමවත් කරනවානම් මේවාට වැරදිකරුවන් හදුනාගැනීමට පුළුවන් වේවි ඇත්තෙන්ම කන්නයකට වරක්වත් ජලාශයන් සේවාකිරීමක් කරන්නෙ නැද්ද .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

දහ අට හැවිරිදි පාසල් දැරියක වෑන් රියකින් පැහැරගෙන
2025 ජනවාරි මස 12 1106 1

රුපියල් ලක්ෂ පණහක මුදලක් ඉල්ලා වෑන් රථයකින් පැමිණ පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යමින් සිටි දහ අට හැවිරි ගැහැණු ළමයෙකු පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් උඩුනුව


පොලොන්නරුවේ මුහුණු පොත සාදයක් වටලයි
2025 ජනවාරි මස 12 429 1

පොළොන්නරුව බැඳි වැව ප්‍රදේශයේ පුද්ගලික සංචාරක හෝටලයක 11 වැනිදා රාත්‍රියේ පැවති ෆේස්බුක් සාදයක නීති විරෝධීව රැගෙන විත් තිබූ දේශීය සහ විදේශීය මත්පැන් බ


එක්ව වැඩ කර ජය ගමු
2025 ජනවාරි මස 12 656 7

පක්ෂ නායකත්වයන් ගැන නොසිතා සජබ එජාප සියලු දෙනා එක්ව වැඩ කර ජයග්‍රහණය ලබාගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩුවෙල ආසනයේ සමගි ජන බලවේග පළ


හොරෙන් ලයිසන් හැදූ තිදෙනෙක් මාට්ටු
2025 ජනවාරි මස 12 160 0

රියැදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචි කිරීම සහතික, සහ තවත් වටිනා සහතික පත් සකස් කර දෙන බවට පවසා මුදල් ලබාගෙන කූට ලෙස සකස් කරන ලද බලපත්‍ර සහ සහතික පත් තොගයක්


රිය අනතුරින් හමුදා නිලධාරීන් තිදෙනකු රෝහලේ
2025 ජනවාරි මස 12 360 0

කොළඹ වරාය නගරයේ ගුවන් පාලම ආසන්නයේදී යුද හමුදාපති ආරක්ෂක අංශයට අයත් ඩිෆෙන්ඩර් රථයක් මර්ගයේ මැද සවිකර තිබූ විදුලි පහන් කණුවක ගැටී රියැදුරු ඇතුළු හමුද


ඇමෙරිකාවේ ගින්නෙන් මේ වන විට ඩොලර් බිලියන 150ක පාඩුවක්
2025 ජනවාරි මස 12 432 0

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන ළැව් ගිනි හේතුවෙන් එරට ආර්ථිකයට සිදුව ඇති පාඩුවඅද අද(12) වනවිට ඩොලර් බිලියන 150 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 140 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 528 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 280 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site