IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


අලුත් දේශපාලන සංස්කෘතියට රාමසාන් ආදර්ශයක්

(අංජුල මහික වීරරරත්න)

මහජන මුදල් සහ රාජ්‍ය දේපළ විනාශ කරන අශිෂ්ට දේශපාලන සංස්කෘතියක් වෙනුවට අල්පේච්ඡත්වය සහ පරිත්‍යාගය සහිත අනෙකාගේ සංවේදනා  හමුවේ සංවේදී වන සහකම්පනීය දේශපාලන සංස්කෘතියක් සහ පුරවැසි සමාජයක්  ගොඩනැගීමට දරන උත්සාහයේදී  රාමසාන් සමයේ භාවිතය මහඟු ආදර්ශයක් සපයනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාමසාන් දින පණිවිඩයෙන් පවසයි.

ජනාධිපතිවරයා මෙසේද කියයි.

ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් මාසයක් පුරා උපවාස ශීලය රැක ඉන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු සමරනු ලබන ඊදුල් ෆිතර් උත්සවය ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් අවස්ථාවකි.

ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති කුලුනු පහෙන් එකක් වන  රාමසාන් උපවාසය පිළිබිඹු කරන්නේ ලෞකික ආශාවන්ගෙන් දුරස් වී පරිත්‍යාගය සහ අල්පේච්ඡත්වය සහිත පරමාදර්ශී පිළිවෙතක පිහිටීමේ වැදගත්කමයි. ලොව පුරා කුසගින්නෙන් පීඩා විඳින ජනයා කෙරෙහි පරිත්‍යාගශීලී වීමට මෙන්ම සිත දමනය කර ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමටත් මේ සමය මහඟු අවස්ථාවක් ලෙස ඉස්ලාමීය බැතිමත්හු සලකති.

සමාජ, ආර්ථික සහ දේශපාලන  පරිවර්තන රැසක් සමග දියුණු ශ්‍රී ලංකාවක් පිළිබඳ මේ රටේ ජනතාව තැබූ අපේක්ෂා මල්ඵල ගන්වමින් නිදහස, සමානාත්මතාව, සාමුහිකත්වය සහ මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩනැගීමට අප තබන පියවරේදී  ඉස්ලාම් දහම තුළ වන මෙම ඉගැන්වීම් පරමාදර්ශයක් වනු ඇති බව මම විශ්වාස කරමි.

ආගමික සීමා අතික්‍රමණය කරමින් පොදු මිනිසත් බව සහ සාමුහිකත්වය ආමන්ත්‍රණය කරන්නා වූද, ආත්මාර්ථය වෙනුවට පරාර්ථය ප්‍රකට කරන්නා වූද ඊදුල් ෆිතර් උත්සවය සමරන සමස්ත ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි. 

පුනරුද යුගයක අපේක්ෂා ඉටුවන සාමය, සංහිඳියාව සපිරි ප්‍රීතිමත් ඊදුල් ෆිතර් සැමරුමක් වේවා !

ඊද් මුබාරක් !

 



අදහස් (7)

අලුත් දේශපාලන සංස්කෘතියට රාමසාන් ආදර්ශයක්

prasanna Monday, 31 March 2025 10:21 AM

දේපල වෙනස්කිරීමේ ව්‍යාපාරයේ නිර්මාතෘ ගෙන් ජනතාවට උපදෙසක්

:       1       8

රම්බොඩ Monday, 31 March 2025 10:43 AM

හැම රෙද්දක්ම දේශපාලණයක්. ඒක තමයි දැක්ම.

:       1       10

Mohan Mangala Mapa Monday, 31 March 2025 10:48 AM

ජනාධිපතිතුමනි, ඔබ අපට ආඩම්බරයකි. කරුණාකරලා රටේ තියෙන මේ මූලික ප්‍රශ්න විසඳන්න, එතකොට ඔබ පවසන ආදි දේ ලබාගත හැක. නීතිය ඉහළින්ම ක්‍රියාත්මක නොකිරීම – (අවංක හා දක්ෂ ප්‍රධාන විනිසුරුවරයා සහ අටර්නි ජනරාල් පත් කර ඔවුන්ගේ සේවය සොයන්න.) රජයේ අමාත්‍යංශ කාර්යක්ෂම නොවීම – (අමාත්‍යංශ වලට ඉලක්ක නියම කරන්න.) ආර්ථිකය, සෞඛ්‍යය, අධ්‍යාපනය, යටිතල පහසුකම් – අද රටට නොගැලපෙන ප්‍රවේශයන්. (බලධාරීන්ට KPI (Key Performance Indicator) ලබාදෙන්න, ඒවා නොකළොත් දැඩි තීරණ ගන්න.)

:       3       6

Sameera Monday, 31 March 2025 12:51 PM

කන්ටේනර් 323 ගැන හොයමුද? කැම්පේන් ඒකට පරිත්‍යාගශීලීන්ගේ ලැයිස්තුවට එළියට දාන්න බැරිද ?

:       2       5

Lahiru Monday, 31 March 2025 02:55 PM

රාමසාන් දවසේ ඉදලාවත් පච දේසා බාන්නේ නැතුව ඉන්ඩ අධිෂ්ඨාන කරගන්න

:       0       7

ගුණරත්න Monday, 31 March 2025 03:53 PM

අලුත් සංස්කෘතියක්? මට නම් පෙනෙන අලුත් සංස්කෘතියක් නම් නැහැ, මට පෙනෙන එකම දේ ආණ්ඩුවේ ඉහළම ලොක්කන් ටිකක් නම් මාරු වෙලා එච්චරයි, රට යන්නේ පරණ පීල්ලේ පරණ කෝච්චියම තමයි. මිනිස්සුත් පරණ මිනිස්සු, ඊළඟ අර්බුදය එනකම් ඔහොම යමු...!

:       1       3

Hira Monday, 31 March 2025 04:50 PM

ඡන්ද ගන්න ධර්ම ටෝක්...!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඇල්ලේ නායයෑමෙන් රථවාහන ධාවනයට බාධා
2025 අප්‍රේල් මස 01 269 0

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාක


අකිල එජාප උප නායක ධූරයට
2025 අප්‍රේල් මස 01 446 0

එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.


ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක්
2025 අප්‍රේල් මස 01 761 0

අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව


ඉන්ධන ලොරිය වෙළට පෙරළේ
2025 අප්‍රේල් මස 01 570 0

කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි


අඩුවට කෑම දෙන ආණ්ඩුවේ හෝටලේ ඇරැඹෙයි
2025 අප්‍රේල් මස 01 1701 0

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැ


ගුරුවරයාගේ පහරකෑමෙන් සිසුවා රෝහලේ
2025 අප්‍රේල් මස 01 495 0

ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 148 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 736 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site