(අංජුල මහික වීරරත්න සහ දයාරත්න ඇඹෝගම)
මාස් කන්නයේ නෙලා ගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණි.
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමිගේ අනුශාසනා පරිදි,
"අහරින් ස්වයංපෝෂිත දැයක් තනන්නට එක මිටට ගොවි බිමට " තේමාව යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව 58 වන වරට මෙවර ජාතික අලුත් සහල් මංගල්‍යය සංවිධානය කර තිබිණි.
රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සදහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර “කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවායි” ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් සාම්ප්‍රදායික චාරිත්‍ර අනුව මෙහිදී සිදු කෙරිණි. ජාතික අලුත් සහල් මංගල්‍යයට එක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළමුව ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
අනුරාධපුර සිංහ කණුව අසල සිට පැමිණි අලුත් සහල් රැගත් පෙරහර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලි මලුවට ගෙවැදීමත් සමඟ චාරිත්‍රානුකූලව අලුත් සහල් මංගල්‍යයේ කටයුතු ආරම්භ කෙරිණි.
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ විසින් අලුත් සහලින් රන් පාත්‍රය පිරවීම ආරම්භ කළ අතර, ඉන් අනතුරුව සියලු පළාත් ආවරණය වන පරිදි රැගෙන ආ සහල්වලින් රන් පාත්‍රය පිරවීම සිදු කෙරිණි. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද රන් පාත්‍රය සහලින් පිරවීමේ අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක්විය.
සාම්ප‍්‍රදායිකව ජයශ‍්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන මී පැණි පූජාව සඳහා පිරිසිදු මී පැණි බඳුන ආදිවාසී උපනායක ගුණබන්ඩියලා ඇත්තන් විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
ශ‍්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන ගිතෙල් පූජාව සඳහා සබරගමුව ඓතිහාසික සමන් දේවාලයෙන් රැගෙන ආ ගිතෙල් බඳුන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.
“58 වන ජාතික අලුත් සහල් මංගල්‍යය” සමරු කලාපයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර මෙරට කෘෂිකර්මාන්තයේ දියුණුව වෙනුවෙන් දායකත්වය සැපයූ ගොවි නායකයින් වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය.
වස විසෙන් තොර අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙන් පළාත් මට්ටමින් ගොවි ජනතාව වෙත බිත්තර වී බෙදා දීමටද මෙහිදී ජනාධිපතිවරයා එක් විය.
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
දැදිගම මැණික්කඩවර ප්‍රදේශයේදී පස්දරු පියකු, සිය බිරිඳට හා එක් දියණියකට පොරවකින් පහරදී ඔහුද ගෙලවැලලාගෙන මියගොස් ඇති අතර බිරිඳ හා දියණිය බරපතල තුවාල ල
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (CoPE), රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (CoPA), රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (CoPF) යන කාරක සභා
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසු කම් ලැබූ පවුල් 1,737,141 (දාහත් ලක්ෂ තිස් හත්දහස් එකසිය හතලිස් එකක්) සඳහා රුපියල් බිලියන 12.63 ක්ද සුදුසුකම් ලැ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
අලුත් සහලින් බෝ සමිඳු පුදති