(ජේ.ඒ.එල්.ජයසිංහ සහ තෙල්දෙණිය චන්දන උඩුවාවල)
හීලෑ අලි ඇතුන් නොමැති නිසා මෙවර මහනුවර ඇසළ පෙරහරේ සතර මහා දේවාලවල කරඩුව වැඩම වන හස්තියා දෙපස දෑලේ ඇතුන් ගමන් නොකළ බව සමස්ත ලංකා බස්නායක නිළමේ වරුන්ගේ සංඟමයේ සභාපති මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා පවසයි.
වෙනත් වසරවලදී එක් දේවාල පෙරහරක ඇලි ඇතුන් 20ක් පමණ ගමන් කරන අතර මෙවර ගමන් කර ඇත්තේ අලි ඇතුන් 5 වැනි ඉතා සුළු ප්‍රමාණයකි.
ශ්‍රී විෂ්ණු , ශ්‍රී කතරගම, ශ්‍රී නාථ සහ ශ්‍රී පත්තිනි යන දේවාලවල පෙරහරවලට උග්‍ර ලෙස අලි ඇතුන් හිඟ බව ද සමස්ත ලංකා බස්නායක නිළමේ වරුන්ගේ සංඟමයේ සභාපති මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා ප්‍රකාශ කළේය.
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අලි ඇතුන් නැතිව මහනුවර දේවාල පෙරහරේ දෑල නොයයි
ගමේ එකාලා Sunday, 11 August 2024 04:42 PM
දියවන්නාවේ හරි, සිරිකොත පැත්තේ හරිගියා නම් හොයාගන්න බැරි වෙන එකක් නැහැ...
Samantha Sunday, 11 August 2024 05:45 PM
දිගු කලක සිටම මාලිගාවේ දෑලේ ඉන්නවා කියලා අමතක කරන්න එපා. ඒත් සිරිකොතට නම් සම්බන්ධ නැහැ කියලා හිතෙනවා
Ruwan De Silva Sunday, 11 August 2024 05:05 PM
ඇයි සිරිකොතේ අලි ටික දැන් හිලෑ නැද්ද?
Nandalal de Silva - France Sunday, 11 August 2024 05:44 PM
කවද්ද සිරිකොතේ අලි ඇතුන් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ගමන් කළේ? සිරිකොතේ අලි, ඇතුන් ඉන්නේ රට පාලනය කරන්න මිසක් ධාතු කරඬු වැඩම කරවීමට නොවෙයි..!
ක්‍රිශාන්ත Sunday, 11 August 2024 08:03 PM
සහතික ඇත්ත ඒත් පොහොට්ටුවේ කට්ටිය නම් එක් පැත්තකින් ආණ්ඩුව කරන අතරේ අනෙක් පැත්තෙන් ලොකු දේවාලවල ලොකු තැන් අත්පත් කරන අතරේ මාළිගාවේත් පාලනය කරන්නේ නැහැ කියලා කියන්න පුළුවන්
Nimal 1 Sunday, 11 August 2024 07:45 PM
ඡන්දෙන් පසුව ඔය ටිකත් නැතිවෙයි.
Mala Amarasinghe Monday, 12 August 2024 09:40 AM
පාරම්පරිකව පෙරහැර පැවැත් වුවද, අලි ඇතුන් අමානුෂික ව රදවා ගැනීම සහ මිනිසාට අවනත කර ගැනීම ගැන මගේ විරුද්ධත්වය පල කරමි
JayasekaraMonday, 12 August 2024 09:55 AM
වනාන්තර වල ඉන්න අලි ඇතුන්ට මිනිසුන්ගෙන් වෙන දරුණු විනාශය සහ හිංසාවන් ගැන මගේ විරුද්ධත්වය පළ කරයි
පසියා Monday, 12 August 2024 09:51 AM
දළදා මාළිගාවටයි දේවාල ටිකටයි දවසට ලක්ෂ ගණන් ලැබෙනවා....අලි ටිකක් ඇරන් නඩත්තු කරන්න බැරිද? ඒකත් නෑ කිය කිය වැලලෙන්න හදනවා
fairoos Monday, 12 August 2024 11:37 AM
මේ කාලකණ්ණි දේශපාලකයින් නිසා තමයි.