IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අලි ඇතුන් 15

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා  සිටින බලපත්‍ර නොමැති අලි ඇතුන් 15 දෙනෙකු  මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ මාතලේ මහේස්ත්‍රාත්වරයා දුන් නියෝග බලරහිත කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සමේ අතරමැදි පාර්ශවකරුවන් වශයෙන් මෙම සිද්ධියට සම්බන්ධ අලි ඇතුන් හිමිකරුවන් ඇතුළත් කිරීමට අභියාචනාධිකරණය අද (14) අවසර ලබා දෙන ලදී.

ඒ අනුව අතරමැදි පාර්ශවකාර අලි ඇතුන්ගේ හිමිකරුවන්ට සති දෙක ඇතුළත සිය විරෝධතා අධිකරණය හමුවේ ගොනු කරන්නැයි අධිකරණය නියෝග කෙරිණි.

ඒ අනුව මෙම රිට් පෙත්සම  ලබන 23 වැනිදා යළි කැදවන ලෙසද අධිකරණ නියෝග කෙරිණි.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැළිණි.

වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා  සිටින බලපත්‍ර නොමැති අලි ඇතුන් 15 දෙනෙකු  මුදාහරින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ මාතලේ මහේස්ත්‍රාත්වරයා දුන් නියෝග බලරහිත කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය මෙම රීට් පෙත්සම ගොනු  කර තිබිණි.

පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා මෙම පෙත්සම ගොනු කර තිබිණි.

වනජීවී  රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ස්ථානාධිපති (අංක 01), පොලිස්පති සී ඩී වික්‍රමරත්න, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්‍රභාකරන්, මාතලේ  මහේස්ත්‍රාත් සී. වික්‍රමනායක සහ නීතිපතිවරයා  වගඋත්තර කරුවන් ලෙස නම් කර සිටිති. 

හීලෑ අලි ලියාපදිංචිය විධිමත් කිරීම සඳහා අයිතිකරුවන් වෙත ආපසු අලි බාර දීමට අදාළව වනජීවි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය (අංක 2241/41) ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය  වෙනුවෙන් නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.

අතරමැදි පෙත්සම්කාර අලි ඇතුන් හිමිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ෆයිස් මුස්තාපා , සාලිය පීරිස් සහ කුවේර ද සොයිසා මහතා පෙනී සිටියහ.

නීතීපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ කනිෂ්කා ද සිල්වා මෙනවිය පෙනී සිටියාය.



අදහස් (0)

අලි ඇතුන් 15

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 659 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 188 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1406 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 169 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 398 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2316 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site