IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


අලි රංචුවක් දුම්රියක ගැටේ,හයක් මරුට

(නිමල් ජයරත්න,උපුල් හේරත් සහ සුනිමල් හේවගේ)

මඩකලපුව සිට කොළඹ දක්වා අද අලුයම ධාවනය වූ මීනගයා රාත්‍රී දුම්රියට හබරණ  ගල්ඔය දුම්රියපොළ ආසන්නයේ  අලි රංචුවක් ගැටීමෙන්, අලි හය දෙනකු මියගොස් ඇති බව හබරණ පොලිසිය කියයි.

වන අලි දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර වන අලි රංචුව ගැටිමෙන් දුම්රිය එන්ජිමද පීලි පැන ඇති බව, ඒ සම්බන්ධ පරීක්‍ෂණ සිදුකරන හබරණ පොලිසිය සඳහන් කරයි.

දුම්රියේ ගමන් කළ මගීන් කොළඹ සිට පැමිණි වෙනත් දුම්රියකින් කොළඹ බලා රැගෙන යාමට කටයුතු කර ඇති අතර මීනගයා දුම්රිය එන්ජිම පමණක් ඉවත්කර මඩකලපු දෙසට ගමන් කිරීමට කටයුතු සලසා තිබේ.

පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද අලාභ හානි සිදු වී ඇති අතර ගල්ඔය මඩකලපුව දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරියෙක් සඳහන් කළේය.

එම ස්ථානයට ගල්ඔය පොලිස් මුරපලේ පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් විසින් ආරක්ෂාව සපයා ඇත.



අදහස් (4)

අලි රංචුවක් දුම්රියක ගැටේ,හයක් මරුට

Akila Thursday, 20 February 2025 06:58 AM

මේකනං ජාතික අපරාදයක් , ලංකාවේ එක අලියෙක් ගේ ජිවිතයක් කොච්චර වටිනවද ? දුම්රිය රියදුරුගේ වැඩ තහනම් කල යුතයි

:       1       3

Asela Thursday, 20 February 2025 07:02 AM

දුම්රිය රියදුරුව වහාම අත්අඩංගුවට ගන්න , හිටපු අලි රංචුව වම මරල දාල !!!

:       1       3

pj Thursday, 20 February 2025 07:24 AM

ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ අනුව මෙවැනි දේ මාලිමා ආණ්ඩුවක් යටතේ සිදුවිය නොහැකිය...වාර්තාකරැවනුත් බොරැ කීමට පටන් අරන්ද...

:       1       5

ජානක Thursday, 20 February 2025 12:50 PM

ඔය ප්‍රශ්නය කවදාවත් විසඳන්න පුළුවන් වෙන දෙයක් නෙවෙයි. ඒකට ප්‍රධාන හේතුව මේ සතුන්ට සර්වජන ඡන්ද බලය නොමැතිවීම, අනික හැමදාම ඔය විෂයය බාරව කටයුතු කරන්නේ සතුන්, ගහකොළ ගැන කිසිම හැගීමක් නැති අමරවීර, ෆොන්සේකා, ලාල්කාන්ත වගේ මිනිස්සු. හැමදාම සත්තු අසරණයි..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 201 0

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 75 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


දළදා වඳින්න ආවොත් මඟ නතර වෙන්න වෙයි
2025 අප්‍රේල් මස 24 2 0

දළදා වන්දනාවට ඉදිරි දින දෙකට සරිලන බැතිමතුන් විශාල පිරිසක් මේ වන විටත් පෝලිම්වල රැඳී සිටින බැවින් මහනුවරට නොපැමිණෙන්නැයි මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ට නි


ඡන්ද අපේක්ෂිකාවක් නිල ඡන්ද පත්‍රිකා 86 ක් සමඟ අල්ලයි
2025 අප්‍රේල් මස 24 225 0

නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස


ඌව පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ට ඇප
2025 අප්‍රේල් මස 24 178 0

ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය


දළදා වන්දනාව හැම වසරකම?
2025 අප්‍රේල් මස 24 858 6

දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 705 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 349 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 498 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site