(අංජුල මහික වීරරත්න සහ සනත් ගමගේ)
ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවක් බවට පත් ව ඇති අලි - මිනිස් ගැටුමට විවිධාකාර වු විසදුම් සොයන පසුබිමක ඒ සදහා විද්‍යාත්මක විසදුමක් ලෙස සාර්ථකත්වයක් ලබා ඇති දේශිය අලිවැට පද්ධතියක් නිර්මාණය කිරිමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජාතික ඉංජිනේරු හා සංවර්ධන මධ්‍යස්ථානයේ ( NERDC ) ඉංජිනේරුවන් විසින් සමත්ව ඇතැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය පවසයි.
නියමු ව්‍යාපෘතියක් ලෙස වීරවීල එලිමහන් කදවුරේ ඉදිකෙරුණු මෙම අලිවැට පද්ධතිය නිමකර බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට බාරදීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ පරිසර අමාත්‍ය ධම්මික පටබැදි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.
පෞද්ගලික අංශයේද සහය ඇතිව ඉදිකෙරුණු මෙම අලිවැට පද්ධතිය කිලෝ මීටර් 3.8 ප්‍රමාණයක් දක්වා විහිදෙන අතර අලි වැටේ උස අඩි 16 කි.මෙහි කණු පෙර සවි කොන්ක්‍රීට් තාක්ෂණයෙන් සංවර්ධනය කර මෙහි විශේෂත්වයන් කිහිපයක් දක්නට ලැබෙන අතර අලි වැට පද්ධතියට යම් හානියක් හෝ දෝෂයක් සිදු වු විට එහි හිමිකරුට කෙටි පණිවිඩයකින් දැනුම් දීමක් සිදු වේ. අලි වැටේ වාර්තා නිරීක්ෂණය කිරිමට හා විශ්ලේෂණය කිරිමට වෙබ් පිටුවක් ද නිර්මාණය කර ඇත.
මෙරට දැනට පවතින අලි වැට පද්ධතීන් ඉතා පහසුවෙන් අලින් විසින් කඩා බිද දමන අතර මෙම අලිවැට පද්ධතියට අලින්ට ප්‍රහාර එල්ල කිරිමේ හැකියාවද අවමය.
මින් පෙර මෙරට අලි වැට පද්ධතීන් සදහා විදේශ රටවලින් ආනයනය කරන ලද තාක්ෂණික උපකරණ භාවිත කළ අතර ඒ සදහා වාර්ෂිකව විශාල ඩොලර් ප්‍රමාණයක් වියදම් කෙරේ.
මෙම අලි වැට පද්ධතියේ විද්‍යුත් එනජයිසරය රුපියල් ලක්ෂයකට අවම මුදලකින් නිපදවා ඇති අතර මින් පෙර මෙවැනිම එනජයිසරයක් රුපියල් ලක්ෂ 5 පමණ වියදම් කර මෙරටට ගෙන්වා තිබේ.
මෙම පද්ධතිය දේශිය උපකරණ, තාක්ෂණය හා මානව සම්පතින් ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව නිර්මාණය කර ඇතැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය කියයි.
ශ්රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අලි වැට මොඩ් වෙයි
Chamila Fernando Sunday, 02 February 2025 12:13 PM
මේවා සුපිරි වැඩ... මුළු රටේම අලි, මිනිස් ප්‍රශ්නය විසඳන්න ලොකු පිටිවහලක් වේවි. මේ වෙනුවෙන් කැප වුණු සියලුම නිලධාරීන්ට උපහාරය...
පැරකුම් Sunday, 02 February 2025 10:43 PM
ඒක හොදයි එතකොට කොමිස් එකත් මොඩ් වෙලා ඒවි. කොච්චර මොඩ් උනත් අලි වැට අලිවැටම තමයි. අවාසනාවක තරම. අපි නම් වන අලි පිරිච්ච මහවැලියේ පොල් වැව්වෙ අලි කාණුව කපල. අපට උපදෙස් දුන්නෙත් වනජීවියම තමයි. හැබැයි කොමිස් නෑ. අදටත් අපේ පොල් වගාව ඉතා හොදින් සරුවට තියනවා. කවදාවත් වන අලි හානියක් වුණේ නෑ. ඕන කෙනෙක් ඇවිත් බලන්න අපේ මාදුරු ඔය පොල් වගාව.