IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


අලි සබ්රි ඇප මත මුදා හරියි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

විවෘත වරෙන්තුවක් ලබා සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා අද දින පුත්තලම අධීකරණයට ඉදිරිපත් කිරිමේන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් ඉන්දික තෙන්නකොන් මහතා  නියෝග කළේය.

කල්පිටිය කුරිඤඤංපිටිය ප්‍රදේශයෙ පිහිටි අදාල රජයට අයත් ඉඩමේ මදර්සා පාසලකට ඉල්ලා තිබියදී එය රාජ්‍ය නොවන සංවිධානයක ෙ ගොඩනැගිලි ඉදිකරමින් තිබිම ගැන සොයා බැලිමට යාමේදි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා තම රාජ්‍ය නොවන සංවිධානයට අයත් භුමියට කඩා වැදි බලපැම් කළ බවට අදාල රාජ්‍ය නොවන සංවිධානය කල්පිටිය පොලිසියට පැමිණිලි කර තිබුණි.

එම පැමිනිල්ල මත කල්පිටිය පොලිසිය විසින් කල්පිටිය අධීකරණයට කරුණු වාර්තා කළේය.

අදාල චෝදනාව එල්ලවු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතාට ජූලි 8 දින මේ සම්බන්ධව කල්පිටිය අධීකරණයෙ පෙනි සිටින ලෙසට නොතිසි නිකුත් කර තිබුණ ද ඔහු අධිකරණයෙ පෙනි නොසිටිමේ චෝදනාවට වරෙන්තු නිකුත් කළේය. 

කෙසේවුවද සැකකාර මන්ත්‍රිවරයාට ලබන 22 යළි අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



අදහස් (9)

අලි සබ්රි ඇප මත මුදා හරියි

fairoos Saturday, 20 July 2024 03:27 PM

එක එක්කෙනාට ඕන විදියට තමයි ලංකාවේ නිතිය

:       0       10

gundaSunday, 21 July 2024 12:33 AM

අපරාදේ අර අහිංසක රඹුක්වැල්ල ගොයියා රක්ෂිත බන්ධනාගාර ගත කලේ පොරටත් එදාම ඇප දෙන්න තිබුනේ

:       0       4

පිටිගල මිලානෝ Saturday, 20 July 2024 04:36 PM

මුස්ලිම් සහෝදරයන්ම එකතු වෙලා මේ අපතයාව එලවන්න.

:       0       9

ලක්විදු Saturday, 20 July 2024 04:37 PM

ඔව් ඉතින් එයා පොල්ගෙඩියක් හොරකම් කලේ නෙහෙනෙ

:       0       8

Hafeel Saturday, 20 July 2024 05:03 PM

මෙච්චර කල් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව පාර්ලිමේන්තුවට යවල තියන්නේ රත්තරන්, ජංගම දුරකථන හොර රහසේ පන්නන හොරා, එතනෝල් කාරයා, වොඩ්කා වතුර බෝතල් කාරයා, ඔක්සිජන් කන්නටද කියන අහන හාල්පාරුවෝ තමයි යවල තියන්නේ. ඊළඟ පාර හරි බුද්ධිමත්ව ඡන්දය ප්‍රකාශ කරන්න.

:       0       11

රම්සිSunday, 21 July 2024 12:18 AM

පුත්තලං බූරැවො කියන්නෙ නිකමටයැ...!

:       0       4

Surain Saturday, 20 July 2024 05:41 PM

මරු පොලිිසියඇප දෙනවාට අපි විරුද්ධ නැහැ ස්වාමිනි

:       0       9

Prabha Saturday, 20 July 2024 05:52 PM

ඡන්ද කිට්ටු වෙනකොට ආණ්ඩුව මුන්ට දෙයින්ට වගේ සලකනවා

:       0       8

viraj ekanayaka Saturday, 20 July 2024 05:58 PM

ඔවා කියපියව් කොන්ඩේ බැඳපු එවුන්ට අද නිවාඩු දවසේ පොලිසියත් එක්ක උසාවියට ගිහින් වැඩබලන මහෙස්ත්‍රාත් ගෙන් ඇප ගන්න එක මහලොකු වැඩක්ද?

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය
2024 සැප්තැම්බර් මස 16 579 0

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 16 188 0

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
2024 සැප්තැම්බර් මස 16 459 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 695 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 180 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 569 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site