IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අලි සබ්‍රි පක්ෂයෙන් නෙරපීම අධිකරණයෙන් වළකයි

(රෝෂන් තුෂාර)

රත්තරන් සහ ජංගම දුරකථන තොගයක් සමග අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල් රහිම් අලි සබ්‍රි මහතා පක්ෂයෙන් නෙරපීම වළක්වමින් සමස්ත ලංකා මහජන කොන්ත්‍රසයට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(07) නිකුත් කළේය.

පක්ෂයෙන් නෙරපීපමින් නිකුත් කළ ලිපිය ක්‍රියාත්මක වීම  තහනමට ලක් කළද පැමිණිලිකරුට  එරෙහිව පක්ෂය මගින් නීත්‍යානුකූලව  විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට මෙම තහනම බාධාවක් නොවන බවද අදාළ නියෝගය නිකුත් කරමින් ප්‍රධාන දිසා විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

අලි සබ්රි මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ රිසාඩ් බදුර්දීන්,එම කොංග්‍රසයේ ලේකම් සුබෙයිර්ඩීන් සහ එක්සත් ජාතික සන්ධානයේ මහ ලේකම් එම්.නයිනමුල්ලා මහත්වරුන්ට මෙම අතුරු තහනම නිකුත් කළේය.

රේගු අන පනත් උල්ලංඝනය කරමින්,මන්ත්‍රීවරයෙකුට නොගැළපෙන හැසිරීම් රටාවක නිරත වීම තුළින් පක්ෂ විනය බරපතල උල්ලංඝනය කිරීමට ලක්කර ඇතැයි සඳහන් කරමින් 2023 නොවැම්බර් මස පස් වැනි දින නිකුත් කළ  නෙරපීමේ ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වමින් නිකුත් කළ මෙම අතුරු තහනම නඩුවේ අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් ක්‍රියාත්මක වේ.

පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා මහතා සමග නීතිඥ පුලස්ති රූපසිංහ මහතාපෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් සමඟ ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා මහතා පෙනී සිටියේය. 



අදහස් (1)

අලි සබ්‍රි පක්ෂයෙන් නෙරපීම අධිකරණයෙන් වළකයි

de silva Friday, 08 March 2024 02:23 PM

මේ වගේ අලි හොරෙක් වත් පක්ෂයකින් නෙරපන්න විරුද්ධ වෙන්නේ මොන පදනමකින්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 483 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 52 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 391 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 490 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 695 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 987 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site