IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


අවුරුදු උත්සවය කැත කළ අයට දැඩි දඬුවම්

(සුජිත් හේවාජුලිගේ )

අසීලාචාර අංග ඇතුළත් අවුරුදු උත්සව සංවිධානය කළ සංවිධායකවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බුද්ධශාසන සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා තීරණය කර ඇත.

එම උත්සව සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් යොදවා තොරතුරු සොයා බලා ගෙන යන බව බුද්ධ ශාසන අමාත්‍යංශය පවසයි.

අසීලාචාර අංග ඇතුළත් අවුරුදු උත්සව ගණනාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පවත්වා ඇති බවට බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට තීරණය කර ඇත්තේ ඉන් අනතුරුවය.

ලිංගික ක්‍රියාකාරකම් ඉස්මතු වන ආකාරයේ විශේෂාංග ඇතුළත් කරමින් එම අවුරුදු උත්සව සංවිධානය කර තිබූ බව පැවසේ.

 



අදහස් (12)

අවුරුදු උත්සවය කැත කළ අයට දැඩි දඬුවම්

Prabha Saturday, 22 April 2023 04:13 PM

මාර ශිලාචාර අයනේ මේ දඬුවම් දෙන්න යන්නේ...!

:       38       17

දිනේෂ් Sunday, 23 April 2023 04:13 PM

මෙරට දැන් හදන්න ඕනේ අනාගත පරපුරකටවත් බයක් හැකක් නැතිව ජීවත් වෙන්න. ඒ නිසා ඔබලා වගේ මෙලෝ රහක් නැති, දෙලොවටම නැති, දරුවන් නැති, අනාගතයක් ගැන හිතෙන්නේ නැති මිනිස්සු ටිකක් කට පියාගෙන ඉන්නවාද? මහා දාර්ශනිකයෝ වගේ මෝඩ කතා නොකියා.

:       1       0

කිරිපුතා Saturday, 22 April 2023 04:40 PM

වර්ථමාන දියුණු තාක්ෂණයේ නරක ප්‍රතිඵල... වඳුරන්ට දැළිපිහි අහුවුණා වගේ තමයි අමනයින්ට අන්තර්ජාලය. ඒවගේ තියෙන හොඳ නරක තෝරාගන්න බැරිව තමනුත් විනාශ වෙලා... සමස්ථ සමාජයම විනාශ කරනවා. ඔවුන්ට දඬුවම්දී, නැවත එවන් දේ නොවන්නට වගබලා ගැනීම පාලකයින් ගේ වගකීම....

:       3       30

රංජිත් Saturday, 22 April 2023 05:34 PM

ඉතාම හොඳයි ඇමැතිතුමනි. සංස්කෘතිය කියන්නේ රටක අනන්‍යතාවයක්. ඒවත් කෙලසන නරුමයින්ට උපරිම දඬුවම් නොදුන්නොත් මේවා රැල්ලට ගිහිල්ලා තව මොනවා පෙන්නයිද දන්නැහැ...

:       6       39

ගමේ එකාලා Saturday, 22 April 2023 05:51 PM

එහෙම දේවල් කරන්නේ පහත් මානසිකත්වයක් තියෙන අසහනකාරයෝ...!

:       4       40

Saranee Saturday, 22 April 2023 06:05 PM

තම රටේ ජාතික උත්සවවලට මේ වාගෙ පහත් නීච වැඩ හා අදහස් ඉදිරිපත්කර ඒවා ක්‍රියාවට නන්වපු මේ අධමයින්ට දැඩි දඩුවම් දියයුතුමයි. මෙහෙම ගියොත් ජාතික උත්සව කානිවල් බවට පත්වෙයි. දළදාවහන්සේටත් මේ හැටිම දෙයක් වෙන්න ගියානේ. බටහිර රටවලවත් තම ජාතික උත්සවවලට අලුතින් වෙනස් අංග ඇතුල් කරන්නේ නෑ. සංස්කෘතික හා අධිකරණ ඇමැතිතුමන්ලාගේ අවධානයටයොමුවිය යුතුයි.

:       4       34

ගජමිතුරු Saturday, 22 April 2023 08:21 PM

ඔබතුමා ඇතුළු පොහොට්ටු පිරිසට 2019 මැතිවරණය අවස්ථාවේ සෙවිල්ලක් බැලිල්ලක් නැතුව ලක්ෂ හැටනවයක් එකතුවෙලා පෝලිමේ ගිහිල්ලා මනාපය දුන්නේ මෙහෙම මිනිස්සු තමයි. එහෙම කරලා වැරැදිලා දැන් කියන්නේ අරුන්ට අපි දුන්නේම නැහැනේ, මේවාරේ අයට දෙනවා කියලා ඒ එක පිරිසක්වත් එහෙම තීරණ ගත්තාම සිදුවන අනිටු විපාක ගැන හිතන්නේ නැහැ. මෙහෙම දේවල් වෙන්නේ ලංකාවේ පවතින ජරාවට පත්වෙලා තියෙන දේශපාලන ක්‍රියාවන් හේතුවක් වෙනවා.

:       12       13

sampath Saturday, 22 April 2023 08:49 PM

ඕක මනින්නේ මොන විදිහටද? මොකක්ද නිර්ණායකය...?

:       15       6

Lalla Saturday, 22 April 2023 09:18 PM

හොරණ පැත්තේ කට්ටිය වික්‍රමනායකලා ගතකල ශීලාචාර ජීවිතය ගැන දන්නවා. ඒක හින්දා වැඩිය හිතන්න ඕන නෑ ඔයාගේ කියමන්....

:       17       15

LolliSunday, 23 April 2023 08:16 AM

කියන කෙනා නෙමෙයි වැදගත් කියන්නේ මොකද්ද කියලා බලපන්. උඹලවගේ උන් ඉන්නකන් මේ රට හදනවා බොරු. අනුන්ගේ වැරදිමයි පෙන්නේ. හොඳක් වැරදිලාවත් පෙන්නේ, කියවෙන්නේ, දකින්නේ නෑ. අපේ උන්ට ඔය අන්තර්ජාලය ලැබුන කියන්නේ වඳුරන්ට ස්මාට් පෝන් එකක් ලැබුන වගේ මෝඩ කම් වල සීමාවක් නෑ. කන්න නැතත් පෝන් එක ස්මාට්. මහා මෝඩ හරි හමන් ජොබ් එකක් නැති හැම එකා ලඟම ඕක තියෙනවා. ඕකෙන් ඉන්ටෙර්නෙට් ගිහින් ඒවා බලලා ඒ හැම එකක්ම ක්‍රියාත්මක කරන්න යනවා..... ඕකට කියන්නේ බය්යන්ට ස්මාට් පෝන් එකක් ලැබුන වගේ කියලා. බත් කනකොටවත් ඒකට නිදහසක් නෑ.

:       1       10

Ananda Sunday, 23 April 2023 12:34 AM

ඕවා කරන්නෙ… අපේ සන්ස්කෘතිය විනාශ කරන්න

:       2       6

pakeer Sunday, 23 April 2023 05:33 PM

සංවිධානය කරන එවුන්ටත් වඩා මේවට ඉදිරිපත් වෙන එවුන් තමයි පිස්සෝ .දේශපාලනය වගේමයි .ඕන එකෙකුට චන්දෙ ඉල්ලන්න පුළුවන් .චන්දෙ දෙන එක තමයි වැරදි .ඒ වගේ තමයි මේක .මිනිස්සුත් ඉන්නේ පුදුම අසහනයකින් .ඉතින් උන් මේ වගේ එකකින් හරි ඒක ලබනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 456 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 591 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


නව විගණකාධිපති කවුද? තීරණය 22
2025 අප්‍රේල් මස 19 517 0

විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මෝටර් රථයක් මතට කළු ගල් වැටිලා
2025 අප්‍රේල් මස 19 1244 0

කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම


පියාගේ ටිපරයට යටවී සිඟිත්තා මරුට
2025 අප්‍රේල් මස 19 514 0

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක


වැල්ලවාය - බෙරගල මාර්ගයේ ධාවනය බාධා
2025 අප්‍රේල් මස 19 318 0

වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයේ විහාරගල 184 කිලෝමීටර් කනුව ප්‍රදේශයේ දී අද (19) අලුයම මාර්ගයට විශාල පස්කන්දක් සමග ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 88 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 219 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site