දොළොස් මසින් සපිරුණු කැලැන්ඩරයේ අප්‍රේල් මාසය හෙවත් බක් මාසය සිංහල සහ හින්දු ජනයාට සුවිශේෂී මාසයක් වෙයි. බක් මාසය යන්නෙන් අර්ථවත් වන්නේ ද සෞභාග්‍යය වේ.
සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන සුබ නැකත අනාදිමත් කාලයක් පුරා රටට සැණකෙළි සිරිය ගෙනාවේය. කපා ගත් අස්වනු වලින් ගෙපැල පිරී ගියේය. තුරු ලතා හා පලබර විය. මලින් පමණක් නොව අලුත් දලුපත්වලින් ද තුරු ලතා සැරසී ගත්තේය. විවේකී සුවය අත්විඳින ජනයා එකිනෙකා අතර ඇති සබඳතා අලුත් කර ගත්හ. වැඩි වර්ධනය කර ගත්හ. ඒ වෙනුවෙන්ම ඇති ජන ක්‍රීඩා ද අලුත් අවුරුදු උත්සව ද ගම් නගර නියම් ගම් ජනපද මගුල් සිරියෙන් පුරවාලුයේය. අලුත් අධිෂ්‍ඨාන සමගින්, අලුත් බලාපොරොත්තු පැතුම් ප්‍රාර්ථනා සමඟින් අලුත් ජීවිතයට අලුත් හුස්මක් රැගෙන ආවේ මේ බක් මාසයමය.
මෙවර බක් මාසය එළැඹෙන්නේ වසංගත රෝ බියකින් මුළු ලොවම ඔත්පළව තිබිය දීය යන්න බැහැර කළ හැක්කක් නොවේ. එය එසේ වුවත් සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සුබ නැකතින් උදාවී තිබේ. මරණ බිය රැගෙන පැමිණි කොරෝනා මාරාන්තික උවදුරේ සැහැසි ග්‍රහණයෙන් මුළු ලොවම නිදහස්ව නිදුක් නිරෝගී සුවයෙන් සැනසෙත්වා යන පරම රමණීය ප්‍රාර්ථනාව පෙරදැරිව අපි අලුත් අවුරුද්ද දෝතින් පිළිගනිමු.
සෞභාග්‍ය හා සන්තුෂ්ටියේ පැහැබර සජීවි සලකුණ වූ බක් මාසය වෙනදා මෙන් එරබදු මලින් හැඩ නොවුණද, අතරින් පතර නැඟෙන කොවුල් නාදය අතරේම ලෝක සිතියමේ අබැටක් තරම් වූ නයන පිනවන මේ රන් දිවයින ද බරපතළ ගැටලුවකට මුහුණ පා තිබේ. එහෙත් මේ මොහොතේදී එයට හිමි නිසි බරින් හඳුනා ගනිමින් බුද්ධිමත්ව කටයුතු කරන්නේ නම්, මග වැරදුණු අවුරුදු කුමාරයාට කල් පසුව හෝ වැඩමවන්නට පාවාඩ අතුරා තැබිය හැකිවනු ඇත.
(චිත්‍රය - සමන් කළුබෝවිල)
පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබි
හැඩ ඔය ද්‍රෝණියට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අවුරුදු කුමාරයාට පාවාඩ අතුරන්න
Raveendra Monday, 13 April 2020 05:49 PM
ලැබුවාවූ නව වසර සියලුම අහිංසක ලෝකවාසි මිනිසුන්ට නිදුක් නිරෝගී වසරක් වේවා !! සැමට යහපතක්ම වේවා !!! අපගේ මාතෘ භුමිය මෙම අවදානමින් ඉක්මනින් මිදෙත්වා !!!