IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


අවුරුදු 60 විශ්‍රාම චක්‍රලේඛය නිසා වෛද්‍යවරුන් 800ක් ගෙදර

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අවුරුදු හැටෙි සීමාවෙන් විශ්‍රාම ගැන්වෙන  චක්‍රලේඛය නිසා දෙසැම්බර් 31 වන විට අවුරුදු  60ට වැඩි වෛද්‍යවරුන් අටසීයයකට වැඩි ප්‍රමාණයක් විශ්‍රාම ගැන්වෙන බවත් මෙි අතර විශේෂඥ වෛද්‍යවරුන්  තුන් සියයක්ද සිටින බව මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙි කාරණා නිසා සෞඛ්‍ය අර්බුදයකුත් රටට එන්න නියමිත බව කී ගලප්පත්ති මහතා මෙම ගැටළු  නිසා කොළඹින් පිට රෝහල් වැහෙන්න පුළුවන් බවද සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහත කීවෙි සේවා අවශ්‍යතාවය පිළිබඳව සලකා  විශ්‍රාම ගැන්වෙන වෛද්‍යවරුන් සම්බන්ධයෙන්  සලකා බලා මැදිහත්වීමක්  කරන බවයි.



අදහස් (10)

අවුරුදු 60 විශ්‍රාම චක්‍රලේඛය නිසා වෛද්‍යවරුන් 800ක් ගෙදර

Prase Wednesday, 05 October 2022 12:09 PM

හොඳ වැඩක්, පින්පඩි කාරයින් ගෙදර. අනිවාර්යයෙන් රජය කරපු හොඳ වැඩක්...

:       10       14

nimalWednesday, 05 October 2022 05:22 PM

රටින් විශාල ප්‍රමාණයක් වෛද්‍යවරුන් පිටව යාම සහ වෛද්‍ය සිසුන් පිටව යාම නිසාත් ලංකාවේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 65ක් කර ෆ්‍රී එඩියුකේෂන් විශ්ව විද්‍යාලය තුළින් පිටවන වෛද්‍ය සිසුන් වසර 10ක් රට තුළ සේවය කළයුතු බවට හෝ නීතියක් තිබිය යුතුවේ. දියුණු රටවල අධ්‍යාපනයට "මුදල් ගෙවිය යුතු අතර" විශ්ව විද්‍යාලයෙන් පිටවූ විට එම රටට සේවය කළද නොකළද ගැටළුවක් නොමැත..

:       3       8

කිරි පුතා Wednesday, 05 October 2022 12:47 PM

මැරෙනකම් තනතුර බදාගෙන ඉන්න කල්පනාව... එයාලාට යන්න කියන්න. තරුණ වෛද්‍යවරුන්ට අවස්ථාව දෙන්න. පුදුම කුහක කමක් සහ තණ්හාවක් තියෙන්නේ... ඔච්චරම ජනතාවට ආදරේ නම් ස්වේච්ඡාවෙන් සේවය කරන්න පුළුවන්...!

:       5       28

sharm warn Wednesday, 05 October 2022 01:44 PM

පාර්ලිමේන්තුවේ ඉන්නෙත් විශ්‍රාම යවන්න ඕනෑ අයනේ... බය වෙන්න ඇති ‘‘අපිටත් මේ හැන්දෙන්ම බෙදන්න යයිද?‘‘ කියලා ජනතාවනි, හොරිකඩ මහල්ලන් පාර්ලිමේන්තු යැවිල්ල වහාම නවතනු...!

:       3       16

nimal solangaarchchi Wednesday, 05 October 2022 02:08 PM

බහුතරයක් තරුණ වෛද්‍යවරුන් සහ ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් බහුතරයක් ඉන්නේ ගෙවල් වල සහ පුද්ගලික රොහල්වල තමයි. සේවා මුර කියකියා මාසෙට දවස් 10ක් වත් වැඩට යන්නේ නෑ. ඒ වුණාට අතිකාල ඔක්කොම ගන්නවා. ඒකට තමයි අනිත් සියලුම සේවාවල ක්‍රියාත්මක වුණත් මේ ගොල්ලෝ ඇඟිලි සලකුණු යන්ත්‍ර ගේනවාට විරුද්ධ... විශේෂයෙන්ම බහුතරයක් දන්ත වෛද්‍යවරු 8-12 විතරයි රෝහලේ ඉන්නේ... සති අන්තවලත් ගෙදර. පඩිය ලක්ෂ 2 යි. හොරට අතිකාල දාගෙන. හැබැයි ඇතැම් රොහල්වල වෛද්‍ය හිඟයක් තියෙනවා.. හොරට ඉන්න අය ඒවාට දැම්මා නම් හරි. නැත්තම් ඒ රෝහල් වල කාර්යය මණ්ඩලය පඩියට වැඩිය සේවයක් කරනවා...!

:       4       18

nirmala Wednesday, 05 October 2022 03:39 PM

ඕක GMOA එක ඇරෙන්න රටේම අය දන්නවා ඕටී ගන්නේ හොරාට කියලා. ඕවා ඉතින් හිතට අවංකවම බැලුවොත් සහගහන අපරාධ...!

:       1       9

de silva Wednesday, 05 October 2022 03:42 PM

මේ ගොල්ලන් උදේ වරුවේ රජයේ රෝහලට ආවත් හිත තියෙන්නේ චැනල් කඩේ හෝ පුද්ගලික රෝහලේ... රජයේ රෝහලේ මොවුන්ගේ වාට්ටුවට ඇතුල්වෙන්න මුලින්ම චැනල් කඩේට ගිහින් චිට් එකක් ගන්න ඕනේ... මොවුන් රජයේ රෝහලේ නම් වැඩකරන්නේ.., තීරුබදු රහිත වාහන වැනි වරප්‍රසාද ලබාගැනීමට සහ චැනල් කඩේට ලෙඩ්ඩු ආකර්ශණය කරගැනීමට පමණි. මේක රජය ගත් හොඳ තීරණයක්. ඉදිරියට රජයේ රෝහල්වල සේවය කරන දොස්තරලට පුද්ගලික චැනල් කඩේ සේවය තහනම් කරන්න. දොස්තරලා රජයේ රෝහල්වල නිසිලෙස පැය 8 සහ අතිකාල වලට වැඩ කරනවා නම් රෝගීන්ට පුද්ගලික චැනල් කඩවලට දහස් ගණන් මුදල් පූජකරන්න අවශ්‍ය නොවේ...!

:       2       7

දිමුත් Wednesday, 05 October 2022 04:05 PM

ඒ වුණාට 60 පැනපු පාර්ලිමේන්තු සේවකයින් යවන්න වුවමනාවක් නෑ වගේ...?

:       0       4

Kamal Wednesday, 05 October 2022 05:22 PM

තරුණ වෛද්‍ය උපාධිධාරීන්ට රෝහල් සේවයට එන්න හොඳ අවස්ථාවක්...

:       2       6

Prase Wednesday, 05 October 2022 09:41 PM

ත්‍රිවිධ හමුදාව ඇරෙන්න රාජ්‍ය සේවකයෝ නැති රටක් හදමු

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 59 0

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 373 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 746 0

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 48 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 388 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල



වැඩි දෙනා කියවූ පුවත්




අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 19763 23

රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18832 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 358 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 635 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1816 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site