(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වයස අවුරුදු 8 ක පිරිමි ළමයෙකු අපයෝජනය කළ බව කියන තරුණයන් 7 දෙනෙකු අද (18) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් තරුණයන් වයස අවුරුදු 16,17 හා 18 වයස් සීමාවල පසුවන්නන්ය.
අපයෝජනයට පත් පිරිමි ළමයා ප්‍රතිකාර සඳහා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇත.
එම දරුවාගේ පියා වෙනත් විවාහයක් කරගෙන වෙනත් ප්‍රදේශක පදිංචිව සිටින අතර මව විදේශගතව සිටින බව පොලීසිය කියයි.මිත්තණිය සහ සීයා සෙවණේ සිටින මෙම දරුවාට සැකකරුවන් අතර සිටින තරුණයෙකු මීට දින කිහිපයකට ඉහත දී පරවියෙකු ලබාදී රවටාගෙන අසල පාළු නිවසකට ගොස් අපයෝජනය කර තිබිණි. එය දැනගත් ඔහුගේ මිතුරන් එම දරුවාට පරවියන් ලබා දෙන ලබාදෙන බවට බොරු පොරොන්දු දී වරින් වර එම නිවසට රැගෙන ගොස් අපයෝජනය කර ඇති බව දරුවාගේ සීයා සිදු කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
පොරොන්දු වූ පරිදි පරවියන් නොදීම හේතුවෙන් දරුවා ඒ බව සීයාට පැවසීමෙන් අනතුරුව ඔහු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර තරුණයන් පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් තරුණයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන
මහකන්නයේ වගාව සඳහා ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අවුරුදු 8 ක දරුවෙකු අපයෝජනය කළ 7 ක් දැලේ
sharm warn Tuesday, 19 January 2021 06:40 AM
දරුවන් හදන්න බැරි නම් හදන්න එපා.