IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


අවවාදය නොරිස්සූ පාසල් සිසුවා ගුරු දෙවියනට පහරදීලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බම්බලපිටිය පාසලක 10වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු  පන්ති ගුරුවරයකුට පහරදී ඔහුගේ බෙල්ලෙන් අල්ලා කලහකාරී ලෙස හැසුරුණේ යැයි කියමින් පැමිණිලි ලැබී ඇතැයි බම්බලපිටිය පොලිසිය පවසයි.

ගුරුවරයාගේ බෙල්ලෙන් තදින් අල්ලාගෙන සිටි බව කියන සිසුවා ගුරු භික්ෂුන් වහන්සේලා සහ ගුරුවරුන් කිහිප දෙනකු  බලවත් පරිශ්‍රමයක් යොදා මුදා ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙහි දී පහර කෑමකට ලක් වූ බව කියන එම සිසුවාද කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට  පැවසීය.

පාසලේ පන්ති කාමරයක් තුළදී මල්ලිට ගුරුවරුන් පිරිසක් පහර දෙන බව දැනගත් ඔහුගේ 22 හැවිරිදි අයියා පාසලට කඩා වැදී ගුරු භික්ෂුවකට පුටුවක් ඔසවා පහර දීමට තැත් කර ඇති බව කියමින් එම ගුරු භික්ෂුව බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

පාසලක ගුරුවරයකු පන්ති කාමරය තුළ උගන්වමින් සිටිය දි සිසුවකු කෑකෝ ගසමින් එම පන්ති කාමරය අසලින් ගමන් කරනවා දුටු ගුරුවරියක එම සිසුවා අල්ලා පහරකෑ ගුරුවරයාට භාරදී ඇතැයි කියති.

ඉස්කෝලේ උගන්වන අවස්ථාවේ එහෙ මෙහෙ යන්නේ ඇයිදැයි කියා ගුරුවරයා විමසූ අවස්ථාවේ මම කොහේ ගියත් උඹට වැඩක් නැහැනෙ යැයි කියා ගුරුවරයාට අතින් පහරක් එල්ල කර ඇති බවට පැමිණිල්ලක් ද ලැබී ඇතැයි පොලිසිය කීය.

 



අදහස් (12)

අවවාදය නොරිස්සූ පාසල් සිසුවා ගුරු දෙවියනට පහරදීලා

Bunny Preena Saturday, 20 May 2023 08:56 AM

අනාථ, අනාගත පරපුර මොන ගමනක් යන්න හදනවද?

:       0       69

Roshan Saturday, 20 May 2023 09:03 AM

2000 අවුරුද්දට කලින්නම් ගුරු දෙවිවරුන් හිටියා... දැන් කොහෙද එහෙම අය ඉන්නේ? ගොඩක් අය නිදහස් අධ්‍යාපනය ගැන කථා කරනවා. ලංකාවේ නිදහස් අධ්‍යාපනය තිබුණා. දැනට අවුරුදු 25කට විතර කලින්. ආනන්ද, නාලන්ද, රාජකීය සහ විශාඛා හැරෙන්නට මොන පාසලේ ඉන්න ගුරුවරු ද පාසලේදී උගන්වන්නේ? දැන් ඉන්න ගුරුවරු ළමයින්ගෙන් අහනවා ඔබ පන්තියකටවත් යන්නේ නැද්ද කියලා? අපි පාසැල් ගිය කාලේ නම් වචනයේ අර්ථයෙන්ම නිදහස් අධ්‍යාපනය සහ බුදුවරු දෙවිවරු වගේ ගුරුවරු හිටියා. මම අදටත් මහා පාරක හරි දැක්කොත් දණගහලා වැඳලා කථා කරලා තමයි යන්නේ...

:       59       0

MaxSaturday, 20 May 2023 03:21 PM

රොෂාන්, ඔබේ කියමන අනුව ලංකාවේ පාසල් 4ක් පමණයි තියෙන්නේ... හොඳයි කියන්න. ඒකෙන් 3ක් පිරිමි පාසල්... අනිත් එක ගැහැණු. ඒ කියන්නේ ඔබතුමා කියන විදිහට වෙන පාසල් වැඩකුත් නැහැ. අනිත් එක ඔය ඔබතුමා කියන පිරිමි සහ ගැහැණු පාසල් දෙකටම ගියාද? 

:       0       33

RoshanSaturday, 20 May 2023 08:37 PM

මැක්සි මගේ ළමයි එක්කෙනෙක් ශිෂ්‍යත්ව විභාගය පාස්වෙලා එක පිරිමි පාසලකට ගියා. දුවලා සාමාන්‍ය පෙළ පාස්වෙලා ඔය කියපු බාලිකා පාසලට ගියා. මගේ ආර්ථිකය එක්ක කරගන්න බැරිවෙයි කියලා බයකුත් තිබුණා... නමුත් ඒ පාසල්වලට යන්න කලින් තිබුණු වියදම් වලින් 50%ක් තරම්වත් බරක් මට දුන්නේ නෑ. හොඳටම ඉගැන්නුවා අරවට සල්ලි, මේවාට සල්ලි ඕනෑ කියලා මැසේජ්වත්, පණිවුඩවත් එව්වේ නෑ. මට පන්ති වලට සල්ලි වියදම් කරන්න ඕන වුනෙත් නෑ. දුවලා උසස් පෙළට කොළඹින් ඉහළින් ලකුණු අරන් එයාලාට යන්න ඕන තැනට ගියා. ඒ පාසල්වලට යන්න කලින් හිටියේ පානදුරේ පාසල්වල... මාසෙකට සැරයක් මොකක් හරි කලෙක්ෂන් එකක් වරදින්නේ නෑ. ටියුෂන්වලින් තමයි වැඩි හරියක් කරගත්තේ. එයා මෙයා කියන දේවල් නෙමෙයි මම කථා කරන්නේ ලැබුණු කටුක අත්දැකීම්වලින් මම පාසල් ගියෙත් පානදුරේම තමයි. ඒ දවස්වල අපි ගෙදරින් අරන් ගියේ අවුරුද්දට සැරයක් ගෙවපු පහසුකම් ගාස්තුව රුපියල් 120/=ක් විතරයි. දැන් එහෙමද? ඔය දෙමව්පියන් අතරත් ඉන්නවා... ගුරුවරුන්ට එකතුවෙලා ජාවාරම් කරන සෙට් එකක්... එයාලා බිස්නස් වැඩි කරගන්න පන්තිය භාර ගුරුවරයාටත් කමිෂන් එකක් සෙට් කරලා මොකක් හරි දෙයක් විකුණන්න. ඒක ගන්නේ නැති ළමයින්ව...!

:       0       0

සකල ගුරු Saturday, 20 May 2023 04:43 PM

රොෂාන් කියපු දෙයක් තමයි ගුරුවරු ඔයාලා පංතියකට යන්නේ නැද්ද කියලා අහන එක... ඇත්තටම ඒක රජයේ පාසල්වල අනිවාර්යයෙන් සිදුවෙනවා පන්තියකට යනවා කිව්වොත් උගන්නන්නේ නැහැ. යන්නේ නැහැ... කිව්වොත් යන්න කියනවා. මෙහෙම දේවල් වෙන්න ගත්තේ දාහෙකෑලි ගුරුවරු වුණාට පස්සෙ තමයි. දාහෙ කෑලි හිටියේ ජ්‍යේෂ්ඨ ගුරුවරු පාගාගෙන කියලා කියන්න පුළුවන්... කොහොම වුණත් වත්මන් ගුරුවරු බොහෝමයක් කරන්නේ තමන් පාසලේ උගන්වන විෂයට වුණත් තමන්ගේ දරුවත් පන්තියට යැවීම තමයි.

:       18       0

රනේSaturday, 20 May 2023 05:59 PM

අනේ දෙව්දත්...

:       0       0

රනේ Saturday, 20 May 2023 09:21 AM

අනේ කාලේ.. වනේ වාසේ... (රටකට ගිය කලක්...) (අනිච්ඡං දුක්ඛං...)

:       0       22

මූසිල Saturday, 20 May 2023 09:24 AM

මේ ඉස්කෝලේ උගන්නලා නෑ වගේ... ගුරුවරු, ගුරුවරියෝ, හාමුදුරුවෝ, ආදි ශිෂ්‍යයෝ, ශිෂ්‍යයෝ ඔක්කොම වලි.. අපරාදෙ මහජන මුදල්...

:       17       1

ravin Saturday, 20 May 2023 10:27 AM

සෑම රජයේ රෝහලකම කොර වාට්ටු ඇතිකිරීම කාලෝචිතයි...

:       0       9

Nadadawa withanage sisira kumara Saturday, 20 May 2023 11:11 AM

ලොකු පාසලක් නිසාද නමක් නැත්තේ?

:       0       21

කල්පනා Saturday, 20 May 2023 01:31 PM

ඇත්තටම පාසලක්ද? නැත්නම් පිරිවෙනක්ද කියන්න ඔහොම අවිචාරවත් ක්‍රියාවන් කරන එවුන්ට වෙනමම පාසල් ඇතිකිරීම අවශ්‍ය වෙනවා. තවත් ප්‍රශ්නයක් තියෙනවා තමුන්ගේ මල්ලිට ගුරුවරු පිරිසක් එකතුවෙලා ගහනවා කියලා පිටතට ආරංචියක් ගියේ කොහොමද? කුමක් නමුත් කුමන්ත්‍රණයක් පාසල තුළ ඇතිකර තියෙනවා කියලා ඉතාමත් පැහැදිලියි...

:       0       11

Anton Gomarage Saturday, 20 May 2023 08:27 PM

මේවාට සමහරක් රූපවාහිනී නාලිකාවල යන නාට්‍යයත් වගකිව යුතුයි. සමහරක් වාණිජ නාලිකා කියන්නේ ඕනෑම කුණු ගොඩක් මාකට් කරලා තමන්ගේ බඩවඩාගන්න එකයි. අද තියෙන සමහර ටෙලිනාට්‍යවල පාසල් සිසුන් මාෂල් ආර්ට් ෆිල්ම් වල වගේ මරා ගන්නවා. සමහර ඒවායේ ටියුෂන් සර්ලා පන්තියට එන පාසල් ළමුන් සමග ගිහින් මැරයින්ට ගහනවා. මේවායින් ළමයින්ට නරක ආදර්ශයක් දෙනවා කියා අදාල බලධාරීන්ට නොතේරෙනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 201 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 82 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 237 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 460 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 222 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 649 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site