(ඉන්දිකා රාමනායක)
අවිස්සාවේල්ල තල්දූව ඉහළමංකඩ ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතල තුවාල සිදුකිරීම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිවිදෙනකු විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.
මෙම සිද්ධියේ වෙඩික්කරුවන්ට තොරතුරු ලබා දීම, වෙඩිකරුවන් ට ත්‍රිරෝද රථයෙන් ප්‍රවාහන පහසුකම් ලබා දීම, සහ ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් අතර මාධ්‍යවිදියකු ද සිටින බව විශේෂ කාර්ය බළකාය පවසයි.
කෑගල්ල ප්‍රදේශයේ අවමංගල්‍යයක සහභාගී වී ඉකුත් 21 දින රාත්‍රියේ නිවසක් බලා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුව තිබුණි.
මෙම ඝාතන සිද්ධිය දැනට ඩුබායි රටේ සැඟව සිටින මන්නා රමේෂ් නැමැත්තා මෙහෙයවා ඇති බවට ලද තොරතුරකට අනුව ඔහුගේ දුරකතන ඇමැතුම් විශ්ලේෂණය කිරීමෙන් හෙළි වු තොරතුරු විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ විශේෂ බුද්ධි කණඩායමක් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අවිස්සාවේල්ල ඝාතනයට 4ක් අල්ලයි