IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අවස්ථාවක් ලැබුණොත් පාස්කු ප්‍රහාරයෙ මහ මොළකරු අල්ලනවා

(ගයාන් සූරියආරච්චි )

මට අවස්ථාවක් ලැබුණොත් පාස්කු ප්‍රහාරයේ මහමොලකරු නිසැක වශයෙන්ම අල්ලන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඔහු ඒ බව පවසූවේ තලාහේන පක්ෂ කාර්යාලයේ අද (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

පාස්කු ප්‍රහාරය සිදුවී ඊයේ දිනට වසර පහක් ගත වන අවස්ථාවේදී තවමත් එම ප්‍රහාරයේ මහ මොලකරුවන් නිදැල්ලේ සැරි සරන බවද ඒ මහතා පැවසීය.

බුද්ධි තොරතුරු වලට අනුව එම ප්‍රහාරය සිදුවන දිනය වේලාව ස්ථාන සියල්ලම රාජ්‍ය බුද්ධි තොරතුරු නිලධාරීන් විසින් කලින් දැනුම් දී තිබියදීත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දඬුවම් ලැබිය යුතු බවත් හිටපු බුද්ධි ප්‍රධානී එම තොරතුරු වසං කළේ නම් ඔහු දඬුවම් ලැබිය යුතු බව ෆොන්සේකා මහතා පැවසීය.

සියල්ලම රාජ්‍ය බුද්ධි තොරතුරු නිලධාරීන් විසින් කලින් දැනුම් දී තිබියදීත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දඬුවම් ලැබිය යුතු බවද ඒ මහතා පැවසීය.

 



අදහස් (16)

අවස්ථාවක් ලැබුණොත් පාස්කු ප්‍රහාරයෙ මහ මොළකරු අල්ලනවා

NAMAL Sunday, 21 April 2024 02:01 PM

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ, අනුබල දුන්නු හැම එකාටම ශාප වේවා !!! හෙණ පහල වේවා!!!

:       1       37

Nihal Sunday, 21 April 2024 02:42 PM

හැමෝම කියන්නේ අල්ලනවා...! අල්ලනවා...!

:       0       25

Kumara Sunday, 21 April 2024 02:49 PM

මාලිමාවට එකතු වෙන්න​...!

:       8       32

ranjith Sunday, 21 April 2024 03:49 PM

ඔබතුමාට නුදුරේදීම එම අවස්ථාව ලැබේවි... යුද්ධය නිමා කළාම මේ රටේ අපරාධ රැල්ලත් මර්ධනය කර ඔබට රටේ නායකයා වීමේ අවස්ථාව අනාගතයේදී ලැබේවි.

:       17       15

Tharindu Sunday, 21 April 2024 04:26 PM

කරුණාකරලා මිනිස්සු ෆෝම් නොකර ඉන්න..

:       10       15

Roshan Sunday, 21 April 2024 04:44 PM

මේවා බලය ගන්න කියන සීනිබෝල කතා..

:       7       17

පිටිගල මිලානෝ Sunday, 21 April 2024 04:47 PM

අල්ලලා විතරක් මදි… හතර හන්දි කඩලා ගෝල්ෆේස් එකේ එල්ලන්න ඕනේ…

:       3       20

fairoos Sunday, 21 April 2024 05:34 PM

මෙතුමාට තියෙන්නේ පුද්ගලික ප්‍රශ්න විතරයි. එතකොට දැන් ගෝඨාභය හොඳයිද? මෛත්‍රීපාල විතරද ඇතුලේ ඉන්න ඕනේ..?

:       7       16

sk Sunday, 21 April 2024 06:24 PM

පාස්කු ප්‍රහාරය වෙලාවේ මෙයත් ඇමැති කමක් කළා නේද?

:       5       14

SuranjithSunday, 21 April 2024 08:32 PM

Sk ඔලුව කොහේද බං වැදුනේ කියලා කල්පනා කරපං ඇත්තටම සරත් ෆොන්සේකා මැතිතුමා එකල ඇමති කෙනෙක් වුනාට එතුමා ආරක්ෂක ඇමැතිවරයා නොවෙයි . එහෙම තියෙද්දි අනුන්ගේ කටයුතු ගැන බලපෑම් කරන්න හැකියාවක් නැහැ Sk හොදින් කල්පනා කරපං පාස්කු ප්‍රහාරය දවසේ ආරක්ෂක මණ්ඩලය කැඳවීමටවත් රටේ දෙවැනි පුරවැසියා වන අගමැතිටවත් ජනාධිපති අවසරයක් නොදුන්නානම් ආරක්ෂාව සම්බන්ධ කිසිම ගැලපීමක් නැති ඇමති කෙනෙකුට කරන්න පුළුවන් ඉටිගෙඩියක් ඇත්තෙම නැහැ

:       0       1

ගාමිණී s වැනිගසේකර Monday, 22 April 2024 08:18 AM

කාලෙන් කාලෙට එන හැම මාතෘකාවෙම එල්ලෙන්න හදන්න එපා. ජනප්‍රිය ඒවා හොයාගෙන යන්න එපා. පැහැදිලිවම තමන්ගේ වැඩපිළිවෙලක් හදාගන්න. හැමදේම ඇතුලත් කරලා. ඒක ප්‍රමෝට් කරන්න. නැතුව බස් එකක් එනකන් හෝල්ට් එකේ ඉන්නවා වගේ ඉඳලා මේකත් හොඳයි, මේකත් හොඳයි කිය කියා ඉඳලා හරියන්නේ නෑ. මිනිස්සු අනාගත නෑයෙකුගෙන් බලාපොරොත්තු වෙන අහිංසක බලපොරොත්තු කීයක් තියෙනවද. මේ දැන් ඉන්න කිසිම කෙනෙක් ඒවා ගැන මීක් නෑ. ඔහේ කියවනවා. ගැලරිය පිනවන්න. දැන් ගැලරියේ මිනිස්සු නෑ ඒක කව්රුත් මතක තියාගත්තොත් හොඳයි. කට්ටියක් හාල් බෙදනවා. මහන්සි වෙලා කීයක් හරි හොයාගන්න මිනිස්සුන්ට බදු ගහල ඒවා නිකං කන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ට දීල චන්දේ වැඩි කරගන්න බලනවා. මෙහෙමත් රටක්. මෙහෙමත් පාලකයෝ, මෙහෙමත් බලාගෙන ඉන්න ජනතාවක් ලෝකේ කොහේද තියෙන්නේ.

:       0       7

asank Monday, 22 April 2024 08:24 AM

සිහින දකින ජනාධිපති, මෙයාට කවුද ඡන්දය දෙන්නේ කිසිම කෙනෙක් දෙන්නේ නැහැ මෙයාට කවුරුත් කැමතිත් නැහැ

:       2       2

Chandra Monday, 22 April 2024 08:37 AM

අර 1983.../ 87.88 රටම අගාදයට ඇදල දාපු අහිංසක ත්‍රස්තයන් පාස්කු ප්‍රහාරය කරපු ත්‍රස්තයන් අල්ලනවා කියල පොරොන්දු වුනා කියලත් ආරංචියි .

:       5       2

Danuka Dilshan Monday, 22 April 2024 08:49 AM

ඇයි ඒකාලේ බලයේ හිටියෙ ඔබතුමාලා නේද ?

:       1       5

Perera Monday, 22 April 2024 10:06 AM

රාජපක්ෂලා ඔය වැඩේට කෙලින්ම හවුල්කාරයෝ

:       2       2

Asanga samantha Monday, 22 April 2024 10:13 AM

ඒ සරේ මෙයා මොකාටද එන්න හදන්නේ

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 647 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 179 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 537 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 135 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1801 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site