(යොහාන් භාසුර)
කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය අද (29) රාත්‍රී 9.00 සිට හෙට (30) අලුයම 1.00 දක්වා වාහන ධාවනයට සීමා පනවන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ ගංගාරෝහණ මහ පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය නිවේදනයේ සදහන් වේ.
පෙරහැර කොස්ගම කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයෙන් ආරම්භ කර කොස්ගම පූගොඩ මාර්ගයේ කනම්පැල්ල හන්දිය දක්වා ගමන් කිරීමෙන් පසු කනම්පැල්ල හන්දියෙන් දකුණට හැරී කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ මීටර් 800 ක් පමණ දුර කඩුගොඩ හන්දිය දක්වා ගමන් කර නැවත එම මාර්ගය ඔස්සේ විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතය.
පෙරහැර ගමන් ගන්නා කාලය තුළ එම මාර්ග භාවිතා කරන රියදුරන් හා මහජනතාව වෙත පහත විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලීසිය ඉල්ලා සිටී.
කොළඹ දෙස සිට අවිස්සාවේල්ල, රත්නපුර සහ හැටන් දෙසට ගමන් කරන වාහන සඳහා කොස්ගම කළුඅග්ගල හන්දියේ පිහිටි ඔරලෝසු කණුව අසලින් දකුණට ඇති ලබුගම මාර්ගයේ කිලෝ මීටර් 12 ක් ගමන් කළ පසු හමුවන තුංමෝදර හන්දියෙන් වමට ඇති තුංමෝදර - අවිස්සාවේල්ල මාර්ගයේ කිලෝමීටර් 08ක් ගමන් කිරීමෙන් පසු හමුවන පුවක්පිටිය හන්දියෙන් දකුණට හැරී ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බව පොලිසිය සඳහන් කරයි.
සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි.
ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උද
ශ්‍රී ලංකා සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රනිල් මැල්කම් ජයවර්ධන මහතාට තෙවැනි චාල්ස් රජු විසින් නයිට් පදවියක් පිරිනමා ඇත.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) රාත්‍රී නිවේදනය කළේය.
අරගල සමයේ එක් උණ්ඩයකින් හෝ සාමාන්‍ය වැසියකුට වෙඩි තැබීමට තමා නියෝග නුදුන් බවත් නිල බලයෙන් උමතුවී ජන ඝාතකයකුවීමට තමා උත්සුකවීමට තමාට අවශ්‍ය නොවූ බවත්
සොරකමක් සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයේ බන්ධනාගාරගතකර සිටින රැඳවියෙකුට දිම සඳහා අයිස් සහ දුම්කොල රැගෙන පැමිණි රැඳවියාගේ මිතුරන් දෙදෙනෙකු අද(31) අත් අඩ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
අවිස්සාවේල්ල මාර්ගයය වහයි
Ratavasiya Sunday, 29 December 2024 03:44 PM
පුදුම රටක්, පාරවල් හදලා තියෙන්නේ වාහන යන්නද, පෙරහැරවල් යන්නද? කවුද මේවාට අවසර දෙන්නේ...?