(සුජිත් හේවාජුලිගේ)
අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට දෙවෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දිය හැකි දැයි නිර්දේශ කිරීම සඳහා එන්නත් පිළිබඳ විද්වත් කමිටුව ලබන සතියේදී රැස්වීමට නියමිතය .
අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගත් හය ලක්ෂයකට ආසන්න පිරිසකට දෙවෙනි මාත්‍රාව ලබා දීම සඳහා එම වර්ගයේ එන්නත සොයාගැනීම ඒවායේ නිෂ්පාදනය පිළිබඳ ගැටළුවක් නිසා දුෂ්කර වී ඇති අතර එම පිරිසට දෙවෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇත්තේ මේ පසුබිම යටතේය .
අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගත් බොහෝ පිරිසකගේ දෙවෙනි එන්නත් මාත්‍රාව ලබා ගත යුතු කාල සීමාවද දැනට ඉක්මවා ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති .
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ගුණවර්ධන මහතා පවසන්නේ එන්නත් පිළිබඳ විද්වත් කමිටුව ලබන සතියේ දිනකදී රැස්වී ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවයි .
එම නිර්දේශ සැලකිල්ලට ගෙන තීරණයකට එන බවද ඔහු ප්‍රකාශ කළේය .
අස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් අයට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දිය හැකි දැයි යන්න ගැන පසුගිය දිනවල සාකච්ඡා පැවැත්වූ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය .
අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දිය හැකි දැයි යන්න සම්බන්ධයෙන් විද්වත් කමිටුවේ නිර්දේශ ඉදිරි දෙසතියේ දී බලාපොරොත්තු වන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද පාර්ලිමේන්තුවේදී පසුගිය 23 වැනිදා පැවසුවාය .
පළමු මාත්‍රාව ලෙස වෙනත් එන්නත් ලබා ගත් අයට දෙවනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම ලෝකයේ සමහර රටවල් දැනටමත් අරඹා ප්‍රතිඵල ලබා ගෙන තිබෙන බවද ඇය එහිදී සඳහන් කළාය .
මේ අතර රටපුරා විසිපන් ලක්ෂයකට වැඩි පිරිසක් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි
කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංඛ්‍යාව අට ලක්ෂ හැට හය දහස් හත් සිය අනූ දෙකකි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘අස්ට්‍රාසෙනිකා ගැටලුව විසඳන්න විද්වත් කමිටුව ලබන සතියේ රැස්වෙයි‘