(සුජිත් හේවාජූලිගේ)
නෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් කොටස බුදුන් වහන්සේට පූජා කෙරෙන වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදි අද පැවැත්විණි.
ගොවි ජනතාව වෙහෙසී නෙලාගත් අස්වැන්නෙහි අග්‍රභාගය බුද්ධ පූජාව සඳහා වෙන්කිරීම් සාම්ප්‍රදායිකව කරගෙන එන් ලබන වාර්ෂික චාරිත්‍රයකි. 54 වන වරටත් පැවැත්වුණු ජාතික අලුත් සහල් මංගල්‍ය අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යංශ සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර තිබුණි.
කලට වැසි ලැබී කෙත් වතු සරුසාරවන්නට සොබාදහමේ ශක්තිය සහ රත්නත්‍රයේ ආශිර්වාදය අපෙක්ෂාවෙන් සතර දෙසින් පැමිණි ගොවි ජනතාව අලුත් සහල් මංගල්‍යය චාරිත්‍රයට එක් වූහ.
එප්පාවල කටියාව යාය 10 ප්‍රෙද්ශයේදී අද(12) එල්ලවූ වන අලි ප්‍රහාරකින් 84 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොල
1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු මන්ත්‍ර්‍රීන් ලෙස මෙවර පාර්ලිමේන්තුවට තෝරාපත් කරගැනීම පිණිස මැතිවරණ කොමිෂන
වවුනියාව, පට්ටාන්ච්චිචූර් හී මැතිවරණ ප්‍රචාරණ රැලියක් අතරතුර හිටපු ඇමැතිවරයෙක්ගේ සහ රාජ්‍ය අමැතිවරයෙක්ගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) රාත්‍රිය
දේශපාලනඥයන් දෙදෙනෙකුත් රජයේ නිවාස තවමත් භාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන්
රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , ගුවන් තැපැල් සේවය ඔස්සේ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ ආනයන භාණ්ඩ පර්යන්තය වෙත ලැබ
බම්බලපිටියේ සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි වෘත්තිකයකු බියගන්වා රුපියල් දශලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කන ලද සැකකරුවන් සිව් දෙනකුට ආධාර අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අස්වැන්නේ අග්‍රභාගය බුදුන්ට පූජා කරයි
Tharindu Perera Sunday, 04 April 2021 08:44 AM
රටේ මිනිස්සුන්ට අඩුමිලට හාල් දෙන්න බැරිව මෝල් හිමියන් ඉස්සරහ දණින් වැටෙන මේ ජනාධිපති දැන් රට්ටු හිනස්සන්න අලුත් සහල් මංගල්‍යයට ගිහින් සහල් බුදුන්ට පූජා කරනවා. ඇත්තටම කරන්න අවශ්‍ය දේ පැත්තකින් තියලා බොරු මීඩියා ෂෝ නම් උඩදාගෙන කරන්න මෙයා හරි හපනෙක්...! අනේ අපිත් ඉතින් ඡන්දේ දුන්නේ මෙහෙම අයටනේ...!
Thaufeek Sunday, 04 April 2021 09:16 AM
හැමදේම විවෘත කරන්න දේශපාලකයින් ඉන්න දුප්පත් රටක්..
rathgama Sunday, 04 April 2021 09:42 AM
ඇත්තටම ඔය එකතු කරන දේවල් කවුද භුක්ති විඳින්නේ..? මැටි පිළිමයකට සහල් අස්වැන්නක් අවශ්‍ය නැහැ නේද?
janahitha Sunday, 04 April 2021 10:01 AM
අනේ අපේ හාමුදුරුවනේ, පොල්තෙල් බෝතලයක්, සීනි කිලෝ 02ක් එහෙම පිරිකර තිබුණා නම් කොච්චර අගනේද?
Asanga Sunday, 04 April 2021 10:16 AM
බොරු මීඩියා ප්‍රදර්ශන තියෙනවා මෙයා... අම්මපා අපිත් රැවටුණු රැවටිල්ලක්. ඔයිට වඩා නරකද හාල් මිල අඩු කරන්න ක්‍රියා කළා නම් මොකද රටේ මිනිස්සුන්ට බොරු ෂෝ දාලා වැඩක් නැහැ දැන්...
kapila Sunday, 04 April 2021 01:14 PM
මේ පූජාකරපු සහල් ප්‍රමාණයම, දුප්පත් මිනිස්සු අතරේ බෙදලා ඒ මිනිස්සුන්ගේ කුසගින්න නැති කළානම්, බුදු හාමුදුරුවො අපමණ ප්‍රීතියට පත්වෙයි.. උන්වහන්සේ දෙශනා කළේත් ඒ වගේ කරන්න තමයි. නැතුව උත්සව තියාගෙන කටාරම් පුරවන්න නෙමෙයි. ගොවි පුතුන් මහන්සිවෙලා කුඹුරු කරලා හාල් හදලා, මෝඩ පුතුන් හොඳට හෙවනේ වාඩිවෙලා ඒවා පූජා කරනවා. මහන්සි වෙච්ච ගොවි පුතුන් වැටෙන් එපිට, අව්වේ හිටගෙන ඒක දිහා බලන් ඉන්නවා.
sunil Sunday, 04 April 2021 11:35 PM
මේ සහල් දුප්පත් මිනිසුන් අතර බෙදා දුන්නනම් කොතරම් පිනක්ද?