(තිලකරත්න දිසානායක)
අස්වැසුම වැඩපිළිවෙලෙහි විරෝධතා සහ අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කිරීම ග්‍රාමීය කමිටුවලට බාර දීම සිදු කරමින් නියම පුද්ගලයින් සදහා ප්‍රතිලාභ ලබාදීම සුදුසු බවට ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී යෝජනා කෙරිණි.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති කමිටු රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත්වූ අතර මීට අදාල චක්‍රලේඛයක් නිකුත් කර ගැනීමට පියවර ගන්නා බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පැවසීය.
ග්‍රාමීය කමිටුවලට අයත් ග්‍රාම නිලධාරීන් ඇතුලු සෙසු නිලධාරීන් අස්වැසුම ප්‍රතිලාභ හිමිවිය යුතු පුද්ගලයන් කවුරුන්ද යන්න හොදින්ම දන්නා බැවින් නියම සුදුස්සන් හදුනාගැනීම කළ හැකි බවත් මේ අනුව දේශපාලනඥයින් කිසිදු ආකාරයකින් සම්බන්ධවීමක් ඇති නොවන බවත් ප්‍රසන්න රණතුංග මහතා පැවසූ අතර අස්වැසුම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඇතැම් නිලධාරීන් කටයුතු කරන බවක් පෙනෙන්නට ඇතැයිද කීය.
මෙම අවස්ථාවට ගම්පහ දිසාපති සමන් දර්ශන පාඩිකෝරාල මහතා ඇතුලු දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද එක්ව සිටියහ.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අස්වැසුමට අස්වැසිල්ලක් දෙන්න ගමේ කමිටුවට බාර දෙයි
ගජමිතුරු Friday, 30 June 2023 06:12 PM
ඇත්තටම ඒක චුට්ටක් හොඳයි... ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ව්‍යාපාර ලියාපදිංචි ලැයිස්තු සමග විශ්‍රාම වැටුප් ලේඛනය සමග සහ ප්‍රාදේශීය අමු දලු එකතු කරන බලපත්‍ර හිමියන්ගේ ලැයිස්තු අනුව රබර් වෙළෙන්ඳන්ගේ මිලට ගැනීම බිල් අනුව සමීක්ෂණයක් කලොත් මිලියන 3.3 න් 2.5 ක් වත් නුසුදුස්සෝ කියලා අයින් කරන්න පුළුවන්... මෙහෙම වැරැදි වුනේ අස්වැසුම ඉල්ලුම් පත්‍රය සැකසීමේ නොසැලකිල්ල නිසා සිදුවූ දෙයක් කියලා කියන්න පුළුවන්...
නිහාල් Friday, 30 June 2023 06:26 PM
ඕකෙන් වෙන්නේ ගම්වල මිනිස්සු ඇණකොටාගන්න එක....
විජේලාල්Friday, 30 June 2023 08:00 PM
එහෙම වෙන්නේ නැහැ... දුකට, සැපට සිටින නිතර දෙවේලේ දකින මිනිස්සු කියලා නිහඬව ඉන්නවා මිස හරි වැරැදි පෙන්වයි කියලා හිතන්න බැහැ... ඒකට උදාහරණයක් තමයි ප්‍රාදේශීය සභා නියෝජිතයින් තෝරද්දී හොරාද, කුඩුකාරයාද කියලා නොබලා නුසුදුස්සෝ තෝරලා යවන්නේ...!
ජයරත්න Friday, 30 June 2023 07:55 PM
ඔය අස්වැසුම ප්‍රතිලාභීන් තේරීම සිදු කිරීමට නියමිතව තිබුණේ ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් හරහා වුවත් ඒ සඳහා නිකුත් කළ චක්‍රලේඛයේ වගන්තියක් නිසා එම නිලධාරීන් එම කටයුත්තෙන් ඉවත්වුණා නේද? හැබයි එයාලාට තමයි මේ වැඩේ කරනවා නම් හරියට කරන්න පුළුවන්...