(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා දෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
මේ අනුව අන්ත දිළිඳු පවුල් සඳහා දෙන රුපියල් පහළොස් දහසේ දීමනාව රුපියල් දාහත් දහස් පන්සියය දක්වාත්, රුපියල් අටදහස් පන්සියයක දීමනාව රුපියල් දස දහසක් දක්වාත් ,රුපියල් දෙදහස් පන්සියයක දීමනාව රුපියල් පන් දහසක් දක්වාද රුපියල් පන්දහසක දීමනාව නොවෙනස්ව පවත්වා ගෙනයෑමටත් මෙසේ අනුමැතිය ලැබී අැත
මේ අතර සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩුකිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ගෙන ආ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.
සෙස් බද්ද ඔස්සේ ලැබෙන අදායම ඍජුවම අදාළ මුල්‍ය ආයතනවලට ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මෙම තීරණ ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 8වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව නව නීති හඳුන්වා දීම හා පවත්නා පනත් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන 3 සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ දමන ප්‍රදේශයෙ වගුරු බිමක දැඩි ආරක්ෂීත ගල් ඉබ්බන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරී
කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (KOICA) ආධාර යටතේ කොළඹ මහ නගර සභාව සඳහා පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් තන
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අස්වැසුම ප්‍රතිලාභ වැඩි කිරීමට මුදල් සභාවේ අනුමැතිය
Lalla Wednesday, 15 January 2025 04:43 PM
සහනාධාර පෝලිම්වලට වැඩිකරන දීමනාව ගෙවන්නේ ආණ්ඩුවේ පාර්ශ්ව කරුවන්ගේ මුදල්ද? බදු ගෙවන්නන්ගේ මුදල්ද? ඇයි මෙතරම්ම නිකමුන් ප්‍රවර්ධනය කරන්නේ?..
priyanga Wednesday, 15 January 2025 08:10 PM
අසරණ මිනිසුන් ඉන්නවා. කාගෙන් වත් මුදලක් වත් ඉල්ලා ගැනීමට නොහැකිව...
Mali Wednesday, 15 January 2025 09:45 PM
5000 දීමනාවට තමයි කුඩම්මගෙ සැලකිලි
U.l p wickramasingheSaturday, 18 January 2025 08:13 PM
මට ළමයි 3යි... හැබැයි 5000යි හම්බ වෙන්නේ...
ඕ. ඩී. ඉරේෂා ප්‍රියදර්ශනී Thursday, 16 January 2025 03:18 PM
සැමියා හා බිරිඳ මියගිය රජයේ සේවයේ කම්කරු තනතුරු වල සේවය කරන අයට දරුවන් සදහා දෙන මුදල ලබා දෙන්න
Sameera Thursday, 16 January 2025 04:10 PM
අපි ඉන්නේ ලිමා කාමරේක... 5000 වැඩි කරන්නේ නැත්තේ ඇයි..? අනිත් හැම කෙනාම වැඩි කරනවා.
Anil Thursday, 16 January 2025 08:01 PM
අස්වැසුම ගැන හරිම දුකයි කියන්න දෙයක් නෑ
Chaminda Thursday, 16 January 2025 10:59 PM
මම ඉන්නෙ කුලියට, ලමයි දෙන්නෙක් ඉන්නවා උදව් කරන පුළුවන්ද?
Sachi Friday, 17 January 2025 01:38 PM
අපේ ගම්වල සහනාධාර දෙන්නේ දුප්පත් අයට නෙවෙයි, පෝසත්ම අයට... නිකමුන්ට සල්ලි දීලා... නිකන් බිහිකරන්න හොඳ නෑ.. අපේ ගම්වල දුප්පත්ම අයටනේ පවු...!
Km G Sadarenu Monday, 20 January 2025 04:26 PM
අපි 4 දෙනෙක් ඉන්නවා. ලොකු බාබා ආබාධිතයි... ඒත් 5000යි දෙන්නේ එයාගේ පැම්පස් ගත්තාම හරි...
Namal Friday, 24 January 2025 11:52 PM
මට 2500 තිබුණා... එය වැඩිකරලා නැහැ... ජනවාරි...!