නාලක සංජීව දහනායක
සාමාන්‍ය ජනතාවගේ හා රජයේ සේවකයන්ගේ සිත්තුළ ඇතිව තිබූ අසහනකාරී තත්ත්වයන් තුරන්ව යන ආකාරයේ යෝජනා ඇතුළත් මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් මෙවර ඉදිරිපත් කරන බව මාතර දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (13) පැවසීය.
රජයේ සේවකයන්ට වාහන බලපත‍්‍රය ලබාදීම, දේශීය කර්මාන්ත සංවර්ධනය කිරීම, පොහොර සහනාධාරය නැවත ලබාදීම වැනි මූලික කරුණු සම්බන්ධයෙන් එමඟින් වැඩි අවධානයක් යොමුකරන බවද මන්ත‍්‍රීවරයා කීය.
එහිදී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේද පැවසීය.
ඉදිරි මහා මැතිවරණයට පුළුල් සන්ධානයකින් තරග කරන බව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඒ කියන්නේ එතුමා මැතිවරණයට සූදානම් වෙනවා කියන එකයි. නමුත් මැතිවරණ පැවැත්වීමට එරෙහිව එතුමට හොරේ කණ්ඩායමක් අධිකරණයට ගියපු එක ගැන අපි කණගාටු වෙනවා. මේ රටට මැතිවරණයක් අවශ්‍යව තිබුණා කියන එක අපි කවුරුත් දන්නවා.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ මැතිවරණ පැවැත්වීමම නෙවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ බලයටපත්වුණ ආණ්ඩුවක් මිනිසුන්ගේ මතයට ගරුකරලා රට පාලනය කිරීමයි. නමුත් පැවැති ආණ්ඩුව මහජන මතයට ගරු නොකර, මැතිවරණ පොරොන්දු ඉටුනොකිරීම හා තවත් කාරණා කිහිපයක් මත මැතිවරණයක් පවත්වන්න සිදුවුණා.
පසුගිය අවුරුදු තුනහමාරතුළදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ප‍්‍රතිපත්තිමය වශයෙන් මතගැටුම් පැවතුණා. ඒ නිසා ජනතාව පීඩාවට පත්වුණා. මැතිවරණ කල් දැම්මා. අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලා කෑ ගහන කවුරුවත් මේ දේවල් ගැන කතාකළේ නැහැ. නමුත් ජනාධිපතිවරයා විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව දින 11 පාර්ලිමේන්තුව කල් තැබීම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියාවක් බව තනාපතිවරුන් පවසනවා.
මේ අර්බුදයට කතානායකවරයා සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. ඔහු තමන්ගේ සීමාව ඉක්මවා වැඩ කළා. ඒ නිසා ව්‍යවස්ථාදායකයේ අර්බුදයක් මතුකළා. ඔහු නිවරදිව ක‍්‍රියාකළා නම් මැතිවරණ පැවැත්වීමට එරෙහිව කවුරුවත් උසාවි යන්නේ නැහැ.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කොට ගනිමින් බොරු පුවතක් නිර්මාණය කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස එම අමාත්‍යංශ
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස මෙම මස 27 වැනි ඉරිදා යොදාගෙන ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.
ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමා
පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් ඡන්ද දායකයාට අනියමින් බලපෑමක් එල්ල වන බව ෆැෆරල් සංවිධානයේ විධායක අධ්
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘අසහනකාරී තත්ත්ව තුරන්වයන මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් ඉදිරිපත් කරනවා’