( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
වර්තමානයේ පවතින හා මේ වන විට අහෝසි වී ඇති අමාත්‍ය ධුර සම්බන්ධයෙන් සොයා බලා සති දෙකක් ඇතුළත ඊට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නීතිපතිවරයාට නියෝග කළේය.
වත්මන් අමාත්‍ය මණ්ඩලය පත් කර ඇති ආකාරය නීති විරෝධී යැයි තීන්දු කොට එහි ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දෙන ලදී.
පෙත්සම විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී මෑතකදී පත් කරන ලද ඇතැම් අමාත්‍ය ධුර අහෝසි වී ඇති බවට තමන්ට තොරතුරු දැනගන්නට ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඒ අනුව අදාළ නියෝගය ලබාදුන් අධිකරණය අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සදහා ජනවාරි මස 27 වනදා කැඳවීමට නියම කෙරිණි.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අනුමත කර ඇති සංඛ්‍යාව ඉක්මවා යමින් වත්මන් අමාත්‍ය මණ්ඩලය පත්කිරීම නීතිවිරෝධී බව ට තීරණය කරන ලෙස ඉල්ලා වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා මෙම පෙත්සම ගොනු කළේය.
පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, සියලුම රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු 82 දෙනෙකු නම්කර තිබේ.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත් කල හැකි කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව 30ක් සහ රාජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව 40ක් බව පෙත්සමෙහි සදහන් වේ.
බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැති වරයා ලෙස ද , නාමල් රාජපක්ෂ මහතා සංවර්ධන කටයුතු පිළිබඳ අධීක්ෂණ ඇමැති වරයා ලෙස ද පත් වීම නිසා මේවන විට කැබිනට් ඇමැති ධුර 32ක් පවතින බව පෙත්සමෙහි සදහන් වේ. එසේම චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, දිලුම් අමුණුගම, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන
අය රාජ්‍ය ඇමැති වරු ලෙස පත් වීම නිසා රාජ්‍ය ඇමැති වරු 44ක් සිටින බවද එමගින් පෙන්වා දී ඇත.
එය ව්‍යවස්ථාව මගින් පනවා ඇති සීමාවන් ඉක්මවා කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු ජනාධිපතිවරයා විසින් වැඩිපුර පත් කිරීමක් බවට
චෝදනා කරන පෙත්සම්කරු එම පත්කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට චෝදනා කර සිටී.
ඒ අනුව එම ඇමැති ධුර පත් කල ඉකුත් ජුනි මස 07 වැනිදායින් පසුව මෙරට අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම ව්‍යවස්ථාවට පටහැනි බව ඔහු පෙන්වා දෙයි
ජනාධිපතිවරයා විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය අමාත්‍යවරු පත් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (1) (අ) සහ (ආ) ව්‍යවස්ථාවට පටහැනි බවත්,එමගින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ට ප්‍රකාශයක් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.
එබැවින් එම ඇමැති වරු අදාළ ඇමැති ධුර වල කටයුතු කිරීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම් මගින් ඉල්ලා ඇත.
අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත.
නීතිඥ දර්ශන වේරදූවගේ මහතා සමඟ නීතීඥ ඩිලාන් මනම්පේරි මහතා පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.
නීතිපතිවරයා හා අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමුනි ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අහෝසි වී ඇති ඇමැතිධූර ගැන වාර්තාවක් දෙන්නැයි නීතීපතිට නියෝග