(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති කාර්යාලයේ හස්තයකින් බලපත්‍ර ලබාදීමට පිඹුරුපත් සකසා ඇතැයි කියන බණ්ඩාරගම අළුබෝමුල්ල කුරුස හංදිය රවුම් කඩය අසල ඇරඹීමට නියමිත රට බීමහලට විරෝධය පාමින් මහා සංඝරත්නය ප්‍රධානව මහජන විරෝධතාවයක් අද (28) පෙරවරුවේ එම ස්ථානයේදී පැවැත්විය.
සියලුම පක්ෂවල නියෝජිතයන්ද සහභාගි වූ එම විරෝධතාවය සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා ද පැමිණි සිටියේය.
ඒ අතරතුර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු කළුතර දිස්ත්‍රික් නායක බණ්ඩාරගම මිල්ලනිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ පැමිණීමත් සමගම ‘ තැබෑරුම් සඳහා අනුමැතිය ලබා දුන් පුද්ගලයන් සමග මොන විරෝධතාද ‘ යනුවෙන් පවසා මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.
විරෝධතාවය අතරතුරදී එම ස්ථානයට කඩා වැදුණු පුද්ගලයකු " අද මෙතනට දේශපාලනඥයෝ ඇවිල්ලා ඉන්නවා.ඒ දේශපාලඥයෝ ඇවිල්ලා ඉන්නේ දේශපාලනයේ මූන දාගන්න. එක පෑන් පහරින් පුළුවන් මේවා නතර කරන්න. එක පෑන් පාරෙන් පුළුවන් මේවා නතර කරන්න "යනුවෙන් මා හයියෙන් පවසා කෑ ගැසීමත් සමගම එම ස්ථානයේ තරමක උණුසුම්කාරී තත්ත්වයක් ඇති වු අතර පොලිසිය මැදිහත්ව එම පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත් කරනු දක්නට ලැබිණි
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස
නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර
එල්ල වන බාහිර පීඩනයන්ට ශ්‍රී ලංකාව හිස නොනැමිය යුතු බවත් විශේෂයෙන් මෙරට ආර්ථික තත්වයෙන් වාසි ගැනීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව ස්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරුකට අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400 කට වැඩි තොගයක් රැගෙත් මෙරට බහුදින යාත්‍රා දෙකක් සමග ලාංකික සැක
කොළඹ ප්‍රදේශ කීහිපයකට පැය දහ අටක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අළුබෝමුල්ලේ විරෝධතාවක් අතරතුර කලබලයක්
saman Sunday, 28 July 2024 02:48 PM
තැබෑරුම් දැම්මට මිනිස්සු බොන්නේ නැත්නම් තැබැරුම්කරුට එය වහන්න වෙනවා . බැරිද හාමුදුරුවනේ අන්න ඒ වැඩේට මිනිස්සු පොළඹවන්න?
fairoosMonday, 29 July 2024 11:10 AM
අනේ ටිකිරි මොලේ...!
abe Sunday, 28 July 2024 11:17 PM
රට විනාශ වෙලා ඉවරයි .මේ පහත මිනිසුන් තවත් පිස්සු නටනවා