IMG-LOGO

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා


ආගන්තුක සළඹ විශේෂයක් කැකිරාව හා අවටින් හමුවෙයි

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව හා අවට ප්‍රදේශයන්හි ගෙවතු කිහිපයක ආගන්තුක සත්ව විශේෂයක් සැරිසරන බව එම ප්‍රදේශවාසීහු පවසති.

සළඹයින්ට සමාන පෙනුමක් සහිත මෙම සත්ව විශේෂය වැඩි වශයෙන් රංචු වශයෙන් සැරිසරන අතර වැඩි වශයෙන් විශාල ගස්වල ලැගුම් ගන්නා බවක් දක්නට ලැබේ.

කැකිරාව නගරාසන්නයේ ඇති ඔලුකරද හා වෙරුංකුලම යනාදී ගම්මානවල මෙම ආගන්තුක සත්ව විශේෂය දක්නට ලැබේ.

ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙම සත්ව විශේෂය මින්පෙර තම ප්‍රදේශයේ සිටිනු දැක නොමැති බවයි.

දින දෙක තුනක පමණ කාලක සිට එම සත්වයා මෙම ප්‍රදේශයට සංක්‍රමණය වී ඇති බව ද ප්‍රදේශවාසීහු පවසති.

අත්තටු සහිත අගල් 1ක් පමණ දිගැති මෙම සත්ව විශේෂය පුල්ලි සහිත කලු හා අලු පැහැයෙන් යුක්තය.

ගෙල ප්‍රදේශයේ කහ පැහැති කුඩා ලපයක් වැනි සලකුනක් ද දක්නට ඇති අතර සිරුරේ යටි ප්‍රදේශය තැඹිලි පැහැයක් ගනී. ඉහලට ඉගිලීමේ හැකියාවද මෙම සත්ව විශේෂයට ඇත.

මෙම ආගන්තුක සත්ව විශේෂය සම්බන්ධයෙන් කැකිරාවට ආසන්න ගල්කිරියාගම දඹේවටන ප්‍රදේශයෙන් ද වාර්ථාවන අතර ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් ද එම සත්ව විශේෂය නිරීක්ෂනය කරනු ලැබ තිබේ.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක ඩී රාමසිංහ මහතා කියා සිටියේ එම සත්ව කොට්ඨාසය සළඹ විශේෂයක් වන අතර මේ සම්බන්ධයෙන් සිය දෙපාර්තමේන්තුවේ අදාළ අංශයන්ට දැනුම් දී ඇති බවයි.

දඹ හා හල්මිල්ල ශාඛවල වැඩි වශයෙන් එම සත්ව විශේෂය ලැගුම් ගන්නා බවක් දක්නට ඇති බවත්, මෙම සත්ව විශේෂය 2016 වසරේ ජූනි මාසයේ ද මෙම සළඹ විශේෂය ගල්කිරියාගම ප්‍රදේශයට පැමිණ සිට ඇති බවට ද දැනට සිදුකර ඇති විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බවයි.

එම සළඹ විශේෂය වගා හානි සිදුකර ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව ද රාමසිංහ මහතා අපකළ විමසීමකදී පැවැසීය.

කෘෂීකරම දෙපාරතමේන්තු නිලධාරීන්ද මේ වනවිට එම සළඹ විශේෂය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.



අදහස් (17)

ආගන්තුක සළඹ විශේෂයක් කැකිරාව හා අවටින් හමුවෙයි

සමිත සේනක අලුත්ගමගේ. Monday, 08 June 2020 06:48 AM

වගාවට හානියක් නොමැති නම්, ඔන්න ඔහේ හිටපුවාවේ අහිංසක සත්තු. සාමාන්‍යයෙන් කළු සමනලයව, කළු දළඹුවාව කුරුල්ලන් ආහාරයට ගන්නවා අඩුයි. එහෙම ගන්නා විශේෂ පක්ෂීන් ඉන්නවාද දන්නේ නැහැ. කළු සමලයන්ගේ, කළු දළඹුවන්ගේ සිරුරෙහි සයනයිඩ් සංයෝග තීබෙනා බවට මත තිබෙනවා. සමනළයන්, සලබයන්, දළඹුවන් වැනි සතුන්ව ආහාරයට ගන්නා කුරුල්ලන් මේ සතුන් ආහාරයට නොගත්තේ මන්ද යන්න ගැටළුවකි.

:       0       86

විජිත්Monday, 08 June 2020 11:00 AM

ඔව් සමිත, වැඩිහරියක් කුරුල්ලන් කළු සමනලයින්, කළු දළඹුවන්ව ආහාරයට ගැනීමට අකමැතියි. ඔයා අහලා ඇති කුරුල්ලන්ට දෙසැරයක් වරදින්නේ කලාතුරකින් කියලා. ඒ කියන්නේ යම් ආහාරයක් අප්‍රියබවක් හෝ විෂබවක් ඒ අයට දැනුනොත් අායෙත් දවසක ඒ සතාව ආහාරයට ගන්නේ නැහැ. එයා දළඹු අවධියේදීම අරිස්ටෝලෝචියා කියන ගසේ කොළ ආහාරයට ගන්නවා. මේ කොලවල අරිස්ටෝලෝචික් කියන සතුන්ට විෂ අම්ලය අඩංගුයි. දළඹුවා, සමනලයා විදිහට රූපාන්තරණය වුණාටත් පස්සේ අර විෂ සමනලයාගේ සිරුරේ ප්‍රවේශමෙන් රඳවා ගන්නවා. ඒ එයාගේ ආරක්ෂාවට... ප්‍රජාවගේ ආරක්ෂාවට සොබා දහමින් දුන්නු දෙයක්. වැරදිලාවත් කුරුල්ලෙක් මේ කළු සමනලයාව ආහාරයට ගත්තොත් මහා අප්‍රියව මෙන්ම විෂබවක් කුරුල්ලාට දැනෙනවා. ආයේ කවදාවත් කුරුල්ලා කළු සමනලයිව ආහාරයට අල්ලාගන්නේ නැහැ. මොකද එයා දන්නවා මෙයා විෂ සතෙක් කියලා.

:       0       35

විජිත්Monday, 08 June 2020 12:13 PM

සමිත, ".. තව ආහාරයට ගන්නේ නැහැ. එයා දළඹු අවධියේදීම අරිස්ටෝලෝචියා.." කියන කොටසේ " එයා "කියලා මම අදහස් කලේ pipevine swallowtail කියන කළු සමනලයවයි...

:       0       31

සමිත සේනක අලුත්ගමගේ.Monday, 08 June 2020 01:30 PM

විජිත්, අපව නිතර දැනුවත් කරනවාට ඔයාට ස්තූතියි.

:       0       31

පූජා Monday, 08 June 2020 07:41 PM

එම සළඹ විශේෂය වගා හානි සිදුකර ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නැත්නම්, එයාලත් අපි වාගේ (සමිත මයා, විජිත්) වෙන්නැති. අපිත් කාවවත් අනවශ්‍ය විදිහට විවේචනය කරන්නේ නැහැනේ. ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙම සත්ව විශේෂය මින්පෙර තම ප්‍රදේශයේ සිටිනු දැකලත් නැහැ කියලනේ.

:       1       45

විජිත් Tuesday, 09 June 2020 07:33 AM

පූජා, මගේ ඔලුව ගොඩක් නිදහස් දැන්. (අර වොෂින්ටනයේ උද්ඝෝෂණ ගැන අදහස ලිව්වට පස්සේ. එය නොලිව්වා නම් මගේ ඔලුව පුපුරලා යන්නත් තිබුණා..) මට හිතෙන්නේ මේ සලබ විශේෂය මෙහෙ කොහේ හරි සැඟවිලා ඉන්න ඇති. නමුත් පරිසරයේ ඇතිවුණු " ප්‍රබෝධයෙන්" " පොඩි ජොලියක් ගිහිල්ලා " ඒ අය අපේ පළාත්වලට ආවද දන්නෙත් නැහැ. ඔයා ඇහුවාද අමෙරිකාවෙන් වාර්ත‍ාවුණු "නිල් පාට" මීමැස්සා ගැන? ඒ කෘමියත් වසර ගණනකින් තමයි වාර්තාවෙලා තියෙන්නේ. කාටවත් කරදරයක් නැතිබව දැනට වාර්තා වෙලා තියෙන නිසා... එයා එයාගේ පාඩුවේ ඔහේ හිටපුවාවේ. ලොක් ඩවුන් ඉවරවෙලා.. මිනිස්සු පරණ පුරුදු විනාශකාරී ජීවන රටාව පටන් ගත්තහම.. පරිසරය විනාශවෙන බව එයාට හැඟුණාම.. එයා සැඟවිලා හිටපු තැන්වලට අපිටත් නොකියම යන්න යාවි. ඉතින්.. අද වැඩ නේද..? ප්‍රවේශමෙන් ගිහින් ප්‍රවේශමෙන් එන්න.

:       0       32

පූජා Tuesday, 09 June 2020 08:25 AM

මම ගියේ කොහාටද? කලේ මොනවද කියලා පැහැදිලි කරලා.., කමන්ට් එකක් ඊයෙම දැම්මා. පසුව ඔයාට ඒක කියවන්න ලැබෙයි. අද ගියේ නැහැ. සියලු විස්තර එහි ඇති. ගෙදර ඉඳන් රෙස්ට් කරන්න කියලා කීවා...

:       0       30

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 09 June 2020 10:06 AM

ඇත්තටම පූජා, ඔයාට නියම උපමාව මතක් වුණේ. මම පහුවෙලා එ්ක දැක්කේ... මට හොඳටම හිනා.. ඔව්..! ඇත්තටම අපි තුන්දෙනා වගේ වෙන්න ඇති නේද?

:       0       33

විජිත්Tuesday, 09 June 2020 11:02 AM

පුජා ඔයා කිව කොමෙන්ට් එක තවම නම් වැටිලා නැහැ. නමුත් මට දැනෙනවා ඔයාට සනීප නැහැ කියලා. ප්‍රවේශමෙන්. ගෙදරට ගේන හැමදේම ඇල්කොහොල් පොගවපු රෙද්දකින් පිහදානවා. එළවලු පලතුරු ඔක්කොම සෝදනවා.

:       0       12

විජිත් Wednesday, 10 June 2020 05:09 AM

පුජා, ඔයා කිව කොමෙන්ට් එක තවම දැක්කේ නැහැ. නමුත් මට ඔයාව දැනෙනවා. පෙරදා තරම් සනිපයකින් නොවෙයි ඔයා සිටින්නේ කියලා.ප්‍රවේශමෙන්.!!! පුළුවන් තරම් රෙස්ට් කරන්න. මම මෙහෙ ඉඳලා " mind concentrate " කරනවා ඔයාට ඉක්මනටම සුව වෙන්න කියලා. නිතරම පොසිටිව් විදිහට හිතන්න.

:       0       14

පූජා Wednesday, 10 June 2020 06:20 AM

විජිත්, එහෙම එකක් නොවෙයි. ඔයා කල්පනා කරන්න එපා. ගෙදර ඉඳන් ටිකක් රෙස්ට් කරන කොට ඉක්මනටම සනීප වෙයි. ලස්සන සිංදු ටිකක් ගැන ලියන්නකෝ. අර "සඳ කඩා වැටී වෙරළේ " වාගේ ලස්සන සිංදු ටිකක් එහෙම ඒවා අහන කොට පුදුම සතුටක් හිතට දැනෙන්නේ. මුළු ගීතයම ඕනේ නැහැ, මුල් වචන ටික විතරක් ලියන්න. මම හොයා ගන්නම්...

:       0       11

විජිත් Wednesday, 10 June 2020 08:37 AM

හොඳයි. මට හරිම සතුටුයි .. මෙහෙත් මේ දේශගුණය දවසක් ශීතලයි ඊළඟ දවසේ රස්නෙයි. ඉතින් මිනිස්සු නිකම් ලෙඩ වෙනවා.

:       0       11

විජිත් Wednesday, 10 June 2020 10:27 AM

පුජා..දැන් කොහොමද ..?. මම ප්‍රර්ථනා කරනවා ඉක්මනටම සුවවෙයි කියලා.

:       0       11

පූජා Wednesday, 10 June 2020 11:55 AM

විජිත්, ඔයා මා වෙනුවෙන් , mind concentrate කරපු එකට ගොඩක් තැන්ක්ස් . මම හිතන්නේ ඔයාව මට " විශ්වයෙන් " ලැබුණු හොඳම තෑග්ග කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඒක කීවේ නැත්නම්, මා මානසිකව කඩා වැටෙයි. ඒක පස්සේ කියන්නම්...

:       0       25

විජිත්Thursday, 11 June 2020 08:10 AM

පූජා.. මේ ගීතය අහලා තියෙනවාද බලන්න.. සුනිල් එදිරිසිංහ මහත්මයාගේ "සිනහ වෙනු මැන වේදනා පිසදා.."

:       0       15

පූජා Wednesday, 10 June 2020 12:52 PM

විජිත්, මා පෙරදිනෙක දාපු කමන්ට් එක වැදගත් නැහැ..ඒක ගැන අමතක කරලා දාන්න. මට දැන් ටිකක් සනීපයි. ඔයා කීවා වාගේ , දේශගුණය වෙනස් වෙලා හින්දා වෙන්න ඇති. දවසකට සීතලයි. දවසකට රස්නෙයි. කෝ අනේ සිංදු ? තාම ලියනවාද ?

:       0       25

Champa Tuesday, 09 June 2020 08:28 PM

අන්තිම පින්තූර දෙක බලන්න හරි අමාරුයි. අප්පිරියාවක් වගේ එනවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඇමෙරිකාවේ අරමුදලින් ක්‍රියාත්මක ව්‍යාපෘති දෙකක් නවතයි
2025 පෙබරවාරි මස 13 836 0

ඇමෙරිකාවේ අරමුදල් මත ක්‍රියාත්මක වූ මෙරට ව්‍යාපෘති දෙකක් සඳහා මුදල් යෙදවීම නතර කිරීමට තීරණය කළ බව රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව(ඩොජ්) පසුගියදා ප්‍


ගිනි අවියත් අරන් පැන්න පී.සීගේ පෙම්වතියගෙන් ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 13 586 0

ටී 56 ගිනි අවියක් රැගෙන ගොස් ඩුබායි රාජ්‍යයට පලා ගිය පොලිස් කොස්තාපල් වරයාගේ පෙම්වතිය බව කියන නැටුම් ගුරුවරියකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව ගල්කිස්ස


’’බිල අඩු වුණත් බඩු අඩු වෙලා නෑ’’
2025 පෙබරවාරි මස 13 251 0

රජය විදුලි බිල සියයට 20ත් 30 ත් අතර සංඛ්‍යාවකින් අඩු කළද ඊට සාපේක්ෂව වෙළඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙළෙඳ භාණ්ඩ අඩු කිරීමට පියවර නොගැනීමෙන් තම


තරුණයකුට බොරු චෝදනා එල්ල කළ පොලිසියේ තුනකට වන්දි ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 13 702 0

සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් තරුණයකුගේ අත් පා බැඳ එල්ලා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට භාජනය කොට එම පාපොච්චාරණය ප


අයවැය අවසන් පූර්ව සාකච්ඡාව පැවැත්වෙයි
2025 පෙබරවාරි මස 13 842 0

අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි.


රජයේ ගබඩාවට දුන් පළමු වී අස්වැන්න
2025 පෙබරවාරි මස 13 4870 10

වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්න


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 167 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 131 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 920 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site