(නිමල් ජයරත්න)
ආගමික දර්ශනවාදී දේශන පවත්වා මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ අවමංගල උත්සවයට සහභාගි වු බව කියන දිඹුලාගල සිරිපුර පදිංචි, 26 වියති එක්දරු පියකු වස ශරිරගත වීමෙන්කි දෙහිඅත්තකන්ඩිය රෝහලට ඇතුළත් කර ඇති බව සිරිපුර පොලිසිය කියයි.
ඔහු සමග ඇගේ බිරිද ද ආගමික දර්ශනවාදි දේශන පැවැත්වු රුවන් ප්‍රසන්න ගුණරත්න මහතාගේ අවමංගල කටයුතු සඳහා ගොස් ඇති අතර එම ගමනට නුවරගල ප්‍රදේශයේ පස්දෙනෙකු පමණ සහභාගී වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පරීක්‍ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි.
වස ශරීර ගත වී දෙහිඅත්තකන්ඩිය රෝහලේ අසාධ්‍යව ප්‍රතිකාර ලබන පුද්ගලයා දේශනවලට සහභාගි වූවා ද නැද්ද යන්න මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකී වු බවත්, අවමංගල කටයුතුවලට සහභාගි වූ කාන්තාවක් ප්‍රදේශයේ ආගමික දර්ශනවාදය පතුරුවමින් දේශන කිහිපයක් පවත්වා ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බවද සිරිපුර පොලිසිය කියයි.
දේශන පැවැත්වූ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න යන අය දෙහිඅත්තකණ්ඩිය පොලිස් කොස්තාපල්වරයකුට අයත් නිවසක වසර හයක පමණ කාලයක් කුලියට සිටි ඇති බවද පරීක්ෂණවලින් තහවුරු ඇති බවට තහවුරු වී ඇත.
රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා දෙසැම්බර් 28 හෝමාගම මාකුඹුර ප්‍රදේශයේදී උග්‍ර වස වර්ගයක්, භාවිතා කර සියදිවි හානි කරගෙන තිබූ බවත්, ඊට දින දෙකකට පසු ඔහුගේ බිරිය සහ දරුවන් තිදෙනා එලෙසම සියදිවි හානි කරගෙන තිබුණි.
ආගමික දර්ශනවාදී දේශන පැවැත්වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ දේශනවලට සහභාගි වූ කිහිප දෙනකු පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයක සිටින බවට මෙවැනි විට තොරතුරු අනාවරණ වෙමින් පවතින බවද ආරක්ෂක බුද්ධි අංශ සඳහන් කරයි.
මෙම සමාජ ඛේදවාචකය පිළිබඳ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ මෙලෙස අදහස් දැක්වූහ.
මනුෂ්‍ය ජීවිතයක වටිනාකම ගැන අමුතුවෙන් ඔබට කිව යුතු වන්නේ නැහැ. කිසිම ආගමික දර්ශනයක මනුෂ්‍ය ඝාතනය හෝ සිය දිවි නසා ගැනීම තහවුරු කරන්නේ නැහැ. ලංකාවේ මෑත කාලීනව විවිධ ආගමික මත දරන විවිධ ආගමික අන්තවාදීන් විවිධ අන්තවාදී ඉගැන්වීම් සිදු කරමින් ඒ සඳහා අනුගාමිකයින් පොළඹවා ගනිමින් තම මිථ්‍යාදෘෂ්ටික ආගමික අදහස් ඉටුකරගැනීමට කටයුතු කරන බවක් පේන්න තියෙනවා. ඊට හොඳම නිදසුනක් තමයි රුවන් ප්‍රසන්න ගුණරත්න නම් පුද්ගලයාගේ අන්තවාදී ඉගැන්වීම්. මෑතක ඔහු තම දේශනා තුළින් අන්තවාදී ඉගැන්වීම් සිදු කරමින් සියදිවි නසාගෙන හෝ මෙලොව ජීවිතයෙන් සමුගෙන වඩා යහපත් මතු භවයක් ලබන්න කටයුතු කිරීම සඳහා තම අනුගාමිකයින් පොළඹවා ඇති අතර මේ වන විට ඔහු, ඔහුගේ පවුලේ සියලු දෙනා ඇතුලුව 07 දෙනෙකුට එහා අනුගාමිකයින් සියදිවි නසාගෙන ඇති බව තොරතුරු වාර්තා වෙනවා. බුදු දහමේ සියදිවි නසාගැනීම ප්‍රාණඝාතයක් ලෙසයි සැලකෙන්නේ. සියදිවි නසාගැනීම මනුෂ්‍ය ඝාතනයක් කළා හා සමානයි. ඒක නිසා මේ මොහොතේ ඔහුගේ දේශන වලට සම්බන්ධ වූ සැමටත් පොදුවේ සියලු මහජනතාවටත් සිහිපත් කර සිටින්නේ ආගමික මුවාවෙන් සිදුකරන අන්තනවාදීන්ගේ මිථ්‍යාදෘෂ්ඨික පුහු ඉගැන්වීම්වලින් මිදී මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම්ගෙන අවබෝධයෙන් කටයුතු කරන ලෙසයි.
වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සැක කටයුතු අන්දමින් මියගිය අඹුසැමි යුවලකගේ මළසිරුරු දෙකක් අද පස්වරුවේ හමුවූ බව වැලිපැන්න පොලිසිය පවසයි .වැලිපැන්න මුස්ලි
දූෂණ වංචා චෝදනා එල්ල වූ විශාල පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට ඉදිරිපත් වීම හේතුවෙන් අපේක්ෂක ලැයිස්තුවලට අපේක්ෂකයන් තෝරා ගැනීමේදී දේශපාලන ප
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව
අර්තාපල් සහ ලොකු ළූණු ආනයනය කිරීමේදී පැවති විශේෂ ආනයන බද්ද රජය මගින් වැඩි කිරීම හේතුවෙන් පිටකොටුව තොග වෙළෙදපොලේ ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් තොග මිල ව
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා
බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආගමික දර්ශනවාදී දේශකයාගේ තවත් අනුගාමිකයෙක් රෝහලේ
සෞභාග්‍යයේ චින්තනය Friday, 05 January 2024 07:05 AM
මෙම මුග්ධ මිනිහා ඇදහීම කල සියල්ලෝම සොයා මුල්ලේරියාව රෝහලේ පුනරුත්ථාපනය කිරීමට යොමුකිරීම කරනවා නම් හොදයි එහෙම නැතුව මෙහෙම මානසික ව්‍යාධීන් සුවකරන්න බැහැ ජනතාව දැනුවත් කර එහෙම පුද්ගලයින් ගැන තොරතුරු ලබාගැනීම කර අවශ්‍ය නම් අධිකරණයට ගොස් අනුමැතිය ගැනීම කරන්න එහෙම නොවුනොත් අනාගතයේ බලවත් විපතක් වෙන්න පුළුවන්
ෆ්‍රැන්සිස්Friday, 05 January 2024 04:06 PM
1971,1988/89 කාලවලදීත් වර්තමානයේදීත් ජෙප්පෝ දේශනා කරන දේ ඔයිට දෙවැනි නැහැ. මොකද එහෙම කියන්නේ ඇහුවොත් කියන්න පුළුවන් එම රැස්වීම් සඳහා උදේ ගෙදරින් පිටත්ව ගිය මිනිහා රැස්වීම අවසානයේ ආපසු එන්නේ යක්ෂයෙක් වගේම නිසා කියලා.... මම අත්දැකීම් අනුව කියන්නේ. ඇත්තටම මෙහෙම මිනිස්සු කියන්නේ තනිකරම ජලකර බෝම්බ කියන්න බැරි නැහැ...
RwnSaturday, 06 January 2024 11:46 AM
ජෙප්පෝ කරපු දේ හරිම...කැතයි ..මිලේජ්ජයි ...ජේ.ආර් ජයවර්ධන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ශ තහනම් කරපු එක හරිම ලස්සනයි ...මානුෂිකයි ...
Lal Friday, 05 January 2024 07:35 AM
අනුර පස්සේ යන ජෙප්පන්ට වෙන දේත් මේක තමා ....88/89 ඕකම තමා උනේ
nishantha Friday, 05 January 2024 07:46 AM
මෙය සුළුවෙන් සිතන්න එපා. ආගම් අන්තවාදයේන් අන්තිමේට සිදු වන්නේ උතුම් බුද්ධ ශාසනයට අවමන් සිදු වන එකයි. දැන් ලංකාවෙ පදුරක් පදුරක් ගානේ බෝසත්වරු බුදුවරු. මිථ්‍යදෘෂ්තියට අහු වන්නේ ගොඩක්ම නුගත් කම නිසායි. පවතින අර්ථික අපඒසුතාවය හා අසානය සමග ඇති වන පිඩනය මත ගොඩක් මිණිස්සු මේ වැනි මාර්ග වල යනවා. අපේ හමුදුරුවෝ මේ ගැන හොද අවබොදයක් තියෙන නිසා වැඩ පිළිවෙලක් හදන්න. මතකනේ යුද්ධය තියේන කාලේ හාල් කිලෝ එකටත් ආගම දාලා ගියා.
සෙනෙවිරත්න Friday, 05 January 2024 08:01 AM
මේ පුනරුප්පත්තිය කියන බොරුව පතුරවන සියල්ලෝම අන්තවාදීන් , සමහරු මේක දඩමීමා කරගෙන සැදැහැවතුන්ගෙ සියල්ල දාන මාන ලෙස ලබාගෙන සැප විඳිනව අර අයට මරනින් මතු උපතකදී නොදන්නා දෙයක් මවා පානව. මේ අය ටිකක් එහාට ගිහින් ඒකයි වෙනස. ඇයි මේ සමහර හාමුදුරුවරු මෙලොව යහපත් ජීවිත ගතකරන්න නොදන්නා එලොවක් පෙර භවයක් මවන්නෙ? ඇයි මේ ලොවේ කල වැරදි මේ ආත්මයේදිම විඳවන බව නොපෙන්වන්නෙ? ඇයි තම හෘදසාක්ෂිය ගැන බය ඇති නොකර එලොව බිය පෙන්වන්නෙ? සමහරු අපාය දිවියලෝකය දැක්ක වගේ කියවනව තමන් මහාපරිමාන අකුසල් කරනව.
සෙනෙවිරත්න Friday, 05 January 2024 08:11 AM
නිවන් යන්න කියලලු මේ පන නහගන්නෙ, මේ ජාතියෙ එකෙක් නයි වැඩිය කැළණි පන්සලේ දේශනයකුත් කලාලු, නොදන්නා මතු ජීවිතයක් පෙන්වා අසරනයන්ගේ මුදල් කඩාවඩා ගන්නා සියල්ලෝම අන්තවාදින්ය.
පාඨකයෙක් Friday, 05 January 2024 08:35 AM
"ඔහු සමග ඇගේ බිරිද ද" මේවා ලියන්නේ කෘතිම බුද්ධියෙන්ද?
Janahitha Friday, 05 January 2024 09:15 AM
ඇනේ හාමුදුරුවනෙ ඔය කියන පුද්ගලය පර්ලිමෙන්තුව ඉන්න අය මුනගැසි නැතිද
Mahaachaarya Friday, 05 January 2024 09:39 AM
ඔහු කිසියම් යටි අරමුනක් අතිව මුදල් ටිකක් එකතු කර පිටරටකට පනින්ට කල සැලසුම වියර්ත උන නිසා කර ගත්තු දිවිනසා ගැනීමක්වත්ද?
ලුම්බිණි Friday, 05 January 2024 09:52 AM
මරාගෙන මැරෙන බෝම්බ පුපුරවාගෙන සුරපුර කන්‍යාවන් ලබන්න යන අයත් මේ වගේ තමයි.
Assnka Friday, 05 January 2024 04:40 PM
හාමුදුරුවෝ දේශපාලනය කරද්දී ගිහියෝ බණ කියනවා...
wijesena Saturday, 06 January 2024 01:58 AM
වැඩේ කියන්නේ දේශනා කරන මාර දූතයෝ ,දූතියෝ වස පානය කරන්නේ නැහැනේ .මුන් දේපලත් ලියාගෙන ද දන්නේ නැහැ .බොහොම ඉක්මනට මේ අයව කොටු කර ගන්න වේවි
Rohana Saturday, 06 January 2024 12:21 PM
බුදු දහමට වැඩිපුර දෙයක් යමකු දේශනා කරන්නේද ඔවුහු මානසික රෝගීන් වන්නෝහ. නැතහොත් අන්තවාදීන්ය. නැතහොත් මිත්‍යාද්‍රෘෂ්ඨිකයන්ය. කිතුනු ඉස්ලාම් ආගම් අදහන අය අතරද අන්තවාදීන් සිටිති. මෙවැනි අන්වාදය අනුගමනය කරන්නෝද විනාශයකරා ගමන්කරති. අන්තිමට ප්‍රශ්ණය කෙලවරවන්නේ පොලීසිය නිසාය..
Bamunuarachchi Sunday, 07 January 2024 03:10 AM
දේශනා කාරයින්ට අහුවෙන කොටසක් සියදිවි හානිකර ගන්නවා. තවත් කොටසක් රට ගිනිතියා... රට මංකොල්ල කනවා, මිනී මරනවා. දෙවෙනි දේශනාකාරයා කිව්වොත් රට සමෘද්ධිමත් කරන්න ඔබලා අනික් අයට වහ දීලා ඔබලත් වහකාපන් කියලා අනුගාමිකයෝ ඒකත් කරනවා ෂුවර්...