(යොහාන් භාසුර)
ආගම්වලට අපහාස කරන පුද්ගලයන් ආණ්ඩුව ඉදිරියට ගේන්නේ සිතාමතා ද යැයි සැකයක් ඇත බවත් රටේ බහුතරයක් වූ ජනතාව අදහන බුදුදහමට පහර දෙන්නෙම ආණ්ඩුවට ඔන විදියට එදිනදා ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කිරීමට වියහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (29) පැවසීය.
ආණ්ඩුවේ සමහර කාරණා වෙනත් පැත්තකට යොමු කරන්න වර්තමාන ආණ්ඩුව දක්‍ෂ බව කී මන්ත්‍රීවරයා පසුගිය සති දෙකම තුන තුළම ජනතාව නිරන්තරයෙන් ෆාස්ටර් ජෙරම්, ෆාර්ටර් චාල්ස් සහ නතාෂා ගැන කථා කළ බව ද සඳහන් කළේය.
මිනිස්සු බඩු මිල ගැන කථා කිරීම අඩු කරලා ෆාස්ටර් ජෙරම්ට දඩුවම් දෙන විදිය කථා කරන අතරම නතාෂා හිරේ දානවාද යන්න පිළිබඳව ද අවදානයෙන් ජනතාව සිටින බව කී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ ඒ අය කරන ක්‍රියාව හරහා ජනතාව එදිනදා ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම අමතක කර ඇති බවත්ය.
බදුවලට, විදුලිබිලට එරෙහිව සහ ඡන්ද කල්දැමීමට එරෙහිව ජනතාව ක්‍රියානොකරන නිසා ආණ්ඩුවට ඡන්ද කල්දාන්න උදව් කළ කෙනෙක්ට උතුරේ ආණ්ඩුකාරවරයා තනතුර දී ඇති බවත් අරගලයෙන් ජයග්‍රහණය කළේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පමණක් බවත් ඒ මහතා කීය.
අරගලයේ ක්‍රියාකාරිව සිටි වෙනත් කිසිවෙක් ජයග්‍රහණය කර නොමැති බවත් එහි විශාල කාර්යක් කළ අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ දරුවෝ ජය නොලැබූ අතර එහි හිටපු කැඳවුකරු වසන්ත මුදලිගේ මාසෙන් මාසට හිරේ යවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙරට මෑත ඉතිහාසයේ කිසිදිනක නැති ආකාරයට බරපතල ගණයේ අපරාධ කල්ලි නැවත එළියට පැමිණ ඇති ඇති බව කී ඒ මහතා සඳහන් කළේ පසුගිය මාසය තුළ වෙඩි තැබීම් 27 කින් පුද්ගලයන් 19 ක් මණයට පත්වී ඇති බවත්ය.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය හෝ ජනාධිපතිවරයාව සිටියදී පාතාලය හිස එසවීම සාමාන්‍ය තත්වයක් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා වැඩි දුරටත් කීය.
‘නිදහස ජනතා සභාව’ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (29) එසේ පැවසීය.
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආගම්වලට අපහාස කිරීම ආණ්ඩුවේ වැඩක්ද?
සසර Monday, 29 May 2023 04:47 PM
දේශපාලන සම්ප්‍රප්පලාඵ වලට වෙන්කරන අවකාශය දුෂ්කර පාසල් ළමයින් වෙනුවෙන් වෙන් කළා නම් එය දහස් වටී... ප්‍රතික්ෂේප වූ දේශපාලකයින්ගේ දුර්ජන අදහස් නිසා ළමා, තරුණ මනස විනාශ වේ...
Bamunuarachchi Tuesday, 30 May 2023 03:49 AM
ආගම් වලට අපහාස කරලා නැහැ හලෝ බුද්දාගමට අපහාස කරලා. අනිකුත් ආගම් වලට අපහාස කරන්නේ නැහැ නමුත් ඒ ආගම් වල දේශනා කර ඇති කරුණු ගැන ප්‍රශ්න කරනවා. ඒවා අපහාස කෙරීම් නොවෙයි.