IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ආචාර්ය, මහාචාර්ය තනතුරු අවභාවිතාවට වැට

(සුජිත් හේවාජුලිගේ)

ආචාර්ය, මහාචාර්ය තනතුරු අවභාවිත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව)විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිමය බලයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නැතැයි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එම කමිටුවට පසුගියදා දැනුම් දුන්නේය. කමිටුව ඉහත උපදෙස් ලබාදුන්නේ ඒ අනුවය.

යමෙකුට මහාචාර්ය තනතුරක් භාවිත කළ හැක්කේ විශ්වවිද්‍යාලයකින් ලබාදී ඇත්නම් පමණක් බව සඳහන් කළ අමරතුංග මහතා මහාචාර්ය යනුවෙන් හැඳින්වෙන්නේ තනතුරක් බැවින් එම තනතුර දැරූ අය විශ්‍රාම ගිය පසු ඒ නාමය භාවිත කළ නොහැකි බවද සඳහන් කළේය.

සම්මානිත මහාචාර්ය පදවි ලබා දිය හැකි පුද්ගලයන් කවුදැයි සඳහන් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයිද ඔහු පැවසුවේය.

මාස දෙකක් මහාචාර්ය පදවිය දරා විශ්‍රාම ගිය පසු මහාචාර්යවරයකු ලෙස පෙනී සිටිය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

යම්කිසි පුද්ගලයකු ජාතික වශයෙන් ඉටු කළ සේවය සලකා සම්මානිත මහාචාර්ය පදවි පිරිනමන බව පැවසු අමරතුංග මහතා කොමිසම නිකුත් කළ චක්‍රලේඛය අනුව මෙවැනි තනතුරක් භාවිත කළ හැක්කේ විශ්වවිද්‍යාල සනාතන සභාව අනුමත කර පාලක සභාව එය පිළිගැනීමෙන් පසුව බවද සඳහන් කළේය.

එසේ පිළිගැනීමෙන් පසු සම්මානිත මහාචාර්යවරයකු ලෙස පෙනී සිටිය හැකි යැයි සඳහන් කරමින් ඔහුට හෝ ඇයට ලිපියක් නිකුත් කෙරෙන බවත් මේ ආකාරයට සම්මානිත මහාචාර්ය තනතුරු ලැබෙන්නේ අතලොස්සකට පමණක් බවත් සම්පත් අමරතුංග මහතා පැවසීය.

 



අදහස් (15)

ආචාර්ය, මහාචාර්ය තනතුරු අවභාවිතාවට වැට

ගමේ එකාලා Saturday, 13 May 2023 12:06 PM

අපේ ගමෙත් ඉන්නවා දූෂිත දේශපාලුවෙක්... ආචාර්ය පට්ටමක් ගහගත්තු...

:       1       14

දාස Saturday, 13 May 2023 12:38 PM

පාර්ලිමේන්තුවේ ඉන්න හොර යෝධයින්ගේ අචාර්ය මහාචාර්ය නාම ගලවලා දාන්න.., ඕනෙ නම් හොරාචාර්ය කියලා දාගන්න දෙන්න... මොකද ඔය කට්ටිය හොරකමට කප් ගහපු අය හින්දා.. !

:       1       17

Pradeep Kumara Saturday, 13 May 2023 12:44 PM

පහුගිය කාලයේ ආචාර්ය තනතුරු ලබාදීපු අය දිහා බැලුවාම තේරෙනවා ඒකෙ නිර්නායක වල තියන දුර්වල කම. ලබාගත් අයගේ වැරදි නොවෙයි, ලබාදීපු අයගේ වැරැදි...

:       1       13

G Perera Saturday, 13 May 2023 01:25 PM

රොහාන් සමරජීව, ආශු මාරසිංහ...

:       1       15

රත්නායක Saturday, 13 May 2023 02:16 PM

සංගීත විෂයය කරලා අනෙත් ගුරුවරුන්ට අවස්ථාවක් නොදී දේශපාලන බලෙන් අවුරුදු ගණන් අංශාධිපති වී Phd උපාධිය නැතුව ප්‍රොෆෙසර් පට්ටමත් ගහලා, ප්‍රොෆෙසර් පට්ටමත් එක්ක එන සියලු ලාභ, ප්‍රතිපාදන ලබාගෙන විශ්ව විද්‍යාල ටෙන්ඩර් ක්‍රියා පිළිවෙත අවභාවිතාකර, තමාගේ සුබසාධනය සඳහා පමණක් ගුරුමණ්ඩලය පාගාගෙන හිටපු අයෙක්... දැන් ඔහුට එරෙහි විනය විරෝධී පරීක්ෂණයක් නිම වනතුරු හිස නමාගෙන හීන් සීරුවේ පහත හෙලපු තනතුරේ සිට බොරු ප්‍රොපෙසරයෙක් ලෙස කාර්යාලයට වාර්තා කරන බව ජයවර්ධනපුර පැත්තෙන් ඇහෙනවලු...

:       1       10

Chandana jayasundara Saturday, 13 May 2023 02:26 PM

නියමයි...!

:       1       7

ravin Saturday, 13 May 2023 03:15 PM

එතකොට අප්‍රසිද්ධ ආයතන වලින් උපාධි අරන් ආචාර්ය පට්ටම් ලබාගත්තු උදවියට ආචාර්ය කියන පට්ටම නමට ඉදිරියෙන් භාවිතා කළ හැකිද? තවත් සමහරු කැලෑ නීතිය රජකරවමින් නීති විශාරදයින් ලෙස කටමැත දෙඩවීම...

:       1       7

Kodi Saturday, 13 May 2023 04:33 PM

ආචාර්ය පට්ටම් සිංහ සමාජ වගේ ඒවායිනුත් දෙනවා නේද? ඒවාට යම් නියාමනයක් අවශ්‍ය නොවේද? ආචාර්ය මර්වින් සිල්වා, රෝසි වගේ අයත් මතක් වෙනවා නේද? සා.පෙළ වත් සමත් නැති ආචාර්ය පට්ටම් තියෙන අය කෙතරම් ඉන්නවාද? අනේ මන්දා...

:       1       9

හර්මානිස් Saturday, 13 May 2023 05:26 PM

මම දැක්කා එක් ජ්‍යෝතිෂවේදී කාන්තාවක් දේශබන්දු කියලා නමට මුලින් යොදාගෙන තියෙනවා. හරියට කේන්ද්‍රයක් හදාගත නොහැකි ඇයට දේශබන්දු සම්මානයක් දෙන්නත් කිසිම හේතුවක් දකින්නට නැහැ.. ඒ නිසා මෙහෙම රැවටීමේ අවස්ථා අඩුකිරීමට විධිමත් වැඩපිළිවෙළක් නොපමාව ආරම්භ කළොත් ඉතාමත් හොඳයි...

:       1       6

ගුණපාල Saturday, 13 May 2023 05:57 PM

එහෙනම් මුලින්ම ගලවන්න cope හිටපු සභාපති චරිත හේරත්ගේ මහාචාර්ය පට්ටම. දැන් එයා පේරාදෙනිය කැම්පස් එකේ නැහැ. පූර්ණ කාලීන දේශපාලනයට බහින්න අස්වෙලා ඉන්නේ. දැන් එයා ආචාර්ය විතරයි.

:       2       8

LallaSunday, 14 May 2023 01:11 AM

ඇයි මහාචාර්ය රංජිත් බණ්ඩාර, චන්න ජයසුමන...තව හොරගෙඩි ඇති....

:       0       0

Bonipus Saturday, 13 May 2023 07:42 PM

ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ සින්දු කියපු ඈයෝ, සිංහල සිංදුවලට හොලව හොලවා නර්තනය කරපු ඈයෝ, සිංහල සිනමාවේ රඟපෑ ඇයෝ, වයසට ගියාම නිකම්ම ආචාර්ය පට්ටම දාගෙන. ලැජ්ජ වෙයව්...

:       1       4

NDF Leader Saturday, 13 May 2023 07:51 PM

මේ සියල්ල හිටපු මහාචාර්යවරු, දැන් ආචාර්ය. විවි ප්‍රතිපාදන කොමිසම පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයකින් PhD ලබා ගත් සැවොම මැරුණත් ආචාර්ය...

:       0       4

Bunny Preena Monday, 15 May 2023 10:14 AM

ආචාර්ය මහාචාර්යලාට ලැබෙන ප්‍රතිචාර එච්චර හොඳ නැහැ වගේ පේන්නේ...

:       0       0

අසංක බලපිටිය Tuesday, 16 May 2023 11:26 AM

ඉන්දියාවෙන් , සල්ලි වලට හොරට දෙන ජ්‍යොතිෂ ආචාර්ය පට්ටම් වලට මොකද කරන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කුව විකුණන් කෑම ලැජ්ජයි
2025 අප්‍රේල් මස 21 32 0

පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල


අනතුරින් අඹු සැමි යුවළ මරුට:දරුවා රෝහලට
2025 අප්‍රේල් මස 21 60 0

ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව


විශ්ව විද්‍යාල කොමිසමටත් ඇමැති බංගලාවක්
2025 අප්‍රේල් මස 21 267 0

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන


කාදිනල්තුමාගෙන් ජනපතිට ඉල්ලීම් ගොන්නක්
2025 අප්‍රේල් මස 21 698 1

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන


සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 835 1

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 40 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 426 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 270 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 426 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site