IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


ආචාර්ය හුටපටය: සභාලේඛන ලොක්කා හෙට සීඅයිඩියට

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ  අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම  ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන්  කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්  ලබා ගැනීම සඳහා හෙට (15) පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ  ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ  ජයලත් පෙරේරා මහතාට  දැනුම්දී ඇත.

එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පැමිණ   මෙයට පෙරද  ජයලත් පෙරේරා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණ.

පාර්ලිමේන්තු වෙබ් අඩවියට මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් කිරීමේ වගකීම පැවරී ඇති  සභා ලේඛන කාර්යාලය  පවතින්නේ  ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂවරයා යටතේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙයට පෙර සභාලේඛන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයාද   අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවිය  සඳහන් කළ  එම කාර්යාලයේ සේවකයකු  සහ සේවිකාවකද   එ්  දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

මේ අතර සභානායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක සඳහන්ව තිබූ තොරතුරු අනුව හර්ෂණ  නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කළ බව එම සේවකයන්  එහිදී  සඳහන් කර තිබිණැයි කියති . එම ලේඛනය සභානායක කාර්යාලයට  ලැබී තිබුණේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන්  බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන්  කළේය

මේ අනුව එම කාර්යාල දෙකේ  නිලධාරීන්ගෙන්ද මේ පිළිබඳව ඉදිරියේදී ප්‍රශ්න කෙරෙනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ වෙබ්  අඩවියේ තමාගේ නම ඉදිරියෙන් ආචාර පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදු වූ බව පවසමින් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණ පැමිණිල්ලක් කළේය.

එම දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කළේ ඒ අනුවය.

මේ සිද්ධිය  කතාබහට ලක්වීමෙන් පාර්ලිමේන්තුවේද  දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.



අදහස් (9)

ආචාර්ය හුටපටය: සභාලේඛන ලොක්කා හෙට සීඅයිඩියට

pj Tuesday, 14 January 2025 05:25 AM

ඔය කියන හුටපට විසඳන්න යන වියදම මහජන බදු මුදල් නේද..?

:       1       11

Gonman Tuesday, 14 January 2025 07:59 AM

මගෙ නමටත් ඉසසරහින් කවුදෝ ආචාර්ය කියලා දාලා බලන්නකෝ මිනිස්සුන්ගේ මේවා කරන්නේ

:       0       10

හසකWednesday, 15 January 2025 08:08 AM

පිනා කියන කෑල්ල මුලටම දාන්න අමතක වෙලා වගේ

:       1       1

පූගොඩආරච්චි Tuesday, 14 January 2025 08:46 AM

මෙම පරිගණක ගත කරන තොරතුරු අදාළ මන්ත්‍රීවරුන් විසින් සභානායක කාර්ලයට ලබා දෙන තොරතුරු වන අතර, සභානායක කාර්යලයට පත්වූ විශ්‍රාම ලත් පාරල්මේන්තු නිළධාරියෙකු විසින් තම ගැලවිල්ලට මෙලෙස ඇත්ත වශයෙන්ම ඉතාමත් අහිංසක නිළධාරීන් දෙදෙනෙකු බිල්ලට දීමක්ය.

:       1       11

ගුණරත්න Tuesday, 14 January 2025 09:09 AM

මේක දැන් මහා විහිළුවක් වෙලා තියෙන්නේ, මිනිස්සු හිනා වෙනවා.

:       2       16

සිදාWednesday, 15 January 2025 08:06 AM

ඇඬුවනම් හරි යයිද?

:       0       1

de silva Tuesday, 14 January 2025 06:25 PM

ඔය පාර්ලිමේන්තුවේ අචරියෝන්ගේ හුට පටය තමයි අපට දැනට තිබෙන ලොකුම ප්‍රශ්නේ.., ගෝඨාභය වියත් මග කියලා ආචාරියෝ කීප දෙනෙක් පාර්ලිමේන්තුවට ගෙනත් දැම්මා, ඔවුන් ටික අවුරුදු 2ක් යනකොට ගෝඨාවත් නැති කරලා රටත් විනාශ කරලා දැම්මා. දැන් අලුතෙන් ආපු ආචරියෝ සෙට් එක කරන්නේ මොකක්ද කියලා විමසිල්ලෙන් බලන් ඉඳිමු..

:       0       6

ddsWednesday, 15 January 2025 08:04 AM

විමසිල්ලෙන් බලන් ඉඳල විනාස වුණාම දිගට හරහට බනිමු හොඳේ. ඒක ලේසියි.

:       0       1

බකල ජයා Tuesday, 14 January 2025 10:56 PM

කවුරු මොනව කිව්වත් නම අයිති පුද්ගලයගෙන් අහල නිශ්චිතව දැනගෙන තමයි නම් ඇතුලත් කරන්න ඕන. මිනිස්සු කෙනෙකුට මයින කියනව, තව කෙනෙකුට බටලන්ද කියනව, මන්ත්‍රී කෙනෙක් තව කෙනෙකුට පයන්නෙන් වචනයක් කියනව, ජනපති කෙනෙක් එක්කෙනෙකුට පිස්සු පූසා කියනව. ඒ නම් පාර්ලිමේන්තු සයිට් එකේ දැම්මොත් ........... ?!? නම ඇතුල්කරන එකේ වගකීම තියන කෙනා වැරැද්ද බාරගන්න ඕන. ලංකාවෙ ඕන දේකට බෝලෙ පාස්කරන සෙල්ලම වහාම නතර කරල නිලධාරීන්ගෙන්, නායකයන්ගෙන් ජනතාව *"වගවීම"* ඉල්ලා සිටිය යුතුයි. වැරදි කරුවන් ඉල්ලා අස්වීම ඇතුලු සුදුසු දඬුවම් විඳිය යුතුයි. නැත්තං මේ රට හැදිලි බොරු!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

එප්පාවල පොස්පේට් සමාගම කෝටි 2700 පාඩු කරලා
2025 අප්‍රේල් මස 29 39 0

එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්


විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි
2025 අප්‍රේල් මස 29 514 0

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ


කර්මාන්ත-ව්‍යවසාය පනත් හතක් සංශෝධනයට
2025 අප්‍රේල් මස 29 195 0

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති


වාණිජ පනතක් වැඩිදියුණු කරන්න ඇමති කමිටුවක්
2025 අප්‍රේල් මස 29 102 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි
2025 අප්‍රේල් මස 29 1155 2

රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 29 2078 6

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 104 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 28 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1062 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site