IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


‘‘ආණ්ඩුවට මෝල් හිමියන්වවත් පාලනය කරන්න බැරිවෙලා‘‘

(නිමල කොඩිතුවක්කු)

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බලයට පැමිණි ආණ්ඩුවට හාල් මෝල් හිමියන්වත් පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා පැවසීය.

ජනතාවට සහන ලබාදීම කෙසේ වෙතත් තම ගජ මිතුරන්ට ලාභ ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා මෙසේ ද කීය.

"මේ ආණ්ඩුවට කොරෝනා අර්බුදයත් ආර්ථික අර්බුදයත් කළමනාකරණය කරන්න බැහැ. ආණ්ඩුව හදිසියේම මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතියේ විධිවිධානයන් සම්මත කරගත්තා. කෝවීඩ් මර්දනයට හදිසි නීතිය අවශ්‍ය වන්නේ කොහොමද කියන එක මේ අවස්ථාවේ තිබෙන ගැටලුවක්.

කෝවිඩ් යනු වසංගතයක් එය මර්දනය කර ගැනීම සඳහා අපේ රටේ ඕනෑ තරම් නීති ප්‍රතිපාදන තිබෙනවා. වසංගත රෝග නිවාරණ පනත තියෙනවා. හාල්, පිටි, සීනි ,පරිප්පු ,ඇතුළු භාණ්ඩ වල මිල අඩු කරන්න හදිසි නීතිය යටතේ තීන්දු ගැනීමටත් නීතිමය විධිවිධාන අවශ්‍ය වන්නේ නැහැ.

ඒ සඳහා පාරිභෝගික ආරක්ෂක අධිකාරියෙ පනත තියෙනවා. ඒ තුලින් අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම තොග සඟවාගෙන ගැනීම වැනි කාරණාවලට මිල පාලනය වැනි දේවල් කරන්න පුළුවන්. අපේ රට තුළ ස්ථාපිත වෙච්ච ඕනෑතරම් අණපනත් නීතිරීති තිබියදී ආණ්ඩුව කඩිනමින් මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීති විධානයන් රාශියක් පණවා ගනු ලැබුවා.

 



අදහස් (11)

‘‘ආණ්ඩුවට මෝල් හිමියන්වවත් පාලනය කරන්න බැරිවෙලා‘‘

de silva Wednesday, 08 September 2021 05:59 PM

වැඩිය දැඟලුවොත් අර 1970 ගණන් වල කළා වගේ, හාල් මෝලක් දමලා බත්කන එකත් තහනම් කරනවා. අපේ සර් කියනවා නම් පිදුරු වුණත් කන්න සූදානම් කට්ටියක් ඉන්න බව අමතක කරන්න එපා.

:       17       8

SUNIL MILANO Wednesday, 08 September 2021 05:59 PM

කොහොමටත් කිසිම දෙයක් වැටහෙන්නේ නැහැ.. කියලා අපි දන්නවා. පුතාණෝගේ ගජයෝ ටිකනේ...

:       4       22

Raveendra Wednesday, 08 September 2021 06:17 PM

සහතික ඇත්ත මේ මෝල් අයිතිකාරයන් පුතානොගේ කට්ටිය වෙන්න ඇති නේද ගොයියෝ..... ඔව් ඔව් දැන් බලයේ ඉන්න "අයට " කිසිදෙයක් බැහැ.

:       0       3

ගමේ එකාලා Wednesday, 08 September 2021 07:17 PM

සහෝදර සමාගමේ වැඩ තක්කෙටම කෙරෙනවා... පවුලේ අය බෙදාහදා ගෙන කන හැටි පේන්නම තියෙන්නේ..?

:       17       4

gunarathnaThursday, 09 September 2021 06:46 AM

රාජපක්ෂ පවුල පාර්ලිමේන්තුවේ නොහිටියත් අවුරුදු 100කට හරි කන්න කුඹුරු තියෙනවා.

:       1       1

de silva Wednesday, 08 September 2021 07:55 PM

ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නේ මාෆියා කාරයෝ සහ විෂය ගැන කිසිම දැනුමක් නැති ඉනිස්සු.

:       4       2

SUNIL MILANO Wednesday, 08 September 2021 08:25 PM

මවුබිමේ පාපයට උපන් අපතයොන්ට කිසිම දෙයක් තේරුම්ගන්න තරම් මොලවල් නැහැ.

:       0       8

Hamid Wednesday, 08 September 2021 11:04 PM

පාඩුවේ ඉන්න පැත්තකට වෙලා.

:       0       9

RaveendraThursday, 09 September 2021 06:38 AM

ඇත්තෙන්ම මේ අයගේ රුපකායෙන්ම ඉතාමත් හොදින් පැහැදිලි වෙන කරුණු කීපයක් ඇත. ඒ නම් මේ සෑම කෙනෙකුගේම හිත යට තිබෙන්නේ තමන් උපන් මව්බිමට හා එහි පුරවැසියනට තිබෙන ආදරය නොවෙන බවය. සමස්ථයක් ලෙස ගත් කල දේශපාලුවන් කුමක් හෝ වචනයක් පිටකරන්නේ දහසක් දේශපාලන වාසි බලාගෙනය. මෑත කාලයේදී ඒවා හොදින් රටවැසියනට දැකීමට හැකිවීම එක අතකින් සතුටකි.

:       0       1

සුද්දා Thursday, 09 September 2021 03:42 AM

දැන් මේ හාල් අත්පත් කරගත් එක ගැන හිත අමාරුවෙන් වෙන්න ඇති මේ කතාකරන්නේ. ඔයාලට ඔහොම එකක්වත් පුළුවන් වුණාද.

:       0       6

de silva Thursday, 09 September 2021 10:58 AM

මේ දවස්වල ආණ්ඩුවට තද වෙලා ඉන්නේ,

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදත් ඡන්ද පෝස්ටර් අලවලා දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 14 20 0

මැතිවරණ නිති රිති උල්ලංඝණය කරමින් නිති විරෝධි ලෙස දේශපාලන පක්ෂයක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (14) අලුයම අත් අඩංගුවට ගත් බව ගාල්ල පෙලිසි


අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන්
2024 නොවැම්බර් මස 14 37 0

මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ


කැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථානයක් භාර නිලධාරිනිය හදිසියේ මිය ගිහින්
2024 නොවැම්බර් මස 14 513 0

කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ


බඩෝවිට වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 14 204 0

ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන


ඡන්ද පොළකට පහර දෙන්න ලොරි රථයක ගිනිඅවි ඇතුළු ආයුධ සඟවලා
2024 නොවැම්බර් මස 14 927 0

ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 නොවැම්බර් මස 14 64 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 209 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1637 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site