(ඩයනා උදයංගනී)
ආණ්ඩුවේ ගැටලු ඉන් පිටතදී කතා කරන්නට වුණේ ඔවුන් සිය හවුල්කාර පක්ෂ සමග අභ්‍යන්තර සාකච්ඡාවක නිරත නොවූ නිසා යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (1) පැවසීය.
වත්මන් ආණ්ඩුව පක්ෂ 16ක එකතුවක් බව කී ඇමතිවරයා අභ්‍යන්තර සංවාදයක් නොවූ විට ප්‍රශ්න පිටාර ගලන බව ද සඳහන් කළේය.
තමන් ඇතුළු කණ්ඩායම අරගල කරන්නේ දරණ තනතුරු අවදානමට ලක්කර බව පැවසූ ගම්මන්පිල මහතා තමන්ට ආණ්ඩුවෙන් යන්නැයි පවසන්නේ ‘මේ ගොල්ලෝ එළවා ගත්තොත් අපිට ඒ තනතුරු ගන්න පුළුවන් වෙයි’ කියා සිතන අය බව ද කීවේය.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංවර්ධන අධිකාරිය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහි සභාපතිවරයා වශයෙන් ඛනිජ තෙල් කර්මාන්තයේ විශේෂඥයෙකු වන සාලිය වික්‍රමසූරිය මහතා කටයුතු කරන අතර ඛනිජ තෙල් කර්මාන්ත ශේත්රයේ ප්‍රවීනයෙකු වන සුරත් ඕවිටිගම මහතා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසින් කටයුතු කරයි.
ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා පැවසීය.
තමන් ආයෝජනවලට විරුද්ධ නැතැයි කී ඇමතිවරයා රටට අයෝජන අත්‍යාවශ්‍ය නමුත් විදේශ ආයෝජන ලබාගැනීම හරහා රටේ පවතින ටෙන්ඩර් ක්‍රියාදාමයට ඇති මහජන විශ්වාසය පළුදු වන්නේ නම්, ජාතික ආරක්ෂාවට හා අනාගත බලශක්ති සුරක්ෂිතතාවයට තර්ජනයක් වන්නේ නම්, එවැනි ආකාරයේ ආයෝජන ගිවිසුම්වලට තමන් විරුද්ධ බව ද ප්‍රකාශ කළේය.
කෑගහන අය ආණ්ඩුවෙන් යවා ගතහොත් කෙරෙන වැරදි සද්ද නැතිව හොඳට කරගන්න පුළුවන් කියා සමහරු සිතන බව පෙනෙන්නේ යැයි ද ඇමතිවරයා පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුවේ ගැටලු පිටතදී කතා කළේ අභ්‍යන්තර කතා නොවූ නිසයි
Hafeel Tuesday, 02 November 2021 04:58 AM
නාමල් රාජපක්ෂ කියන්නේ ඕගොල්ලෝ ඇමති මණ්ඩලයෙදී කතා නොකර දැන් එලියට ඇවිත් විරුද්ධ වෙනවාලු. මොකද්ද ඇත්ත? විස්සට සහයෝගය දීල බැසිල්ව ගෙනාපු එකේ කර්ම තමයි දැන් විඳින්නේ.
sharm warn Tuesday, 02 November 2021 09:35 AM
පොඩි කාලේ කියපු 'අම්බලමේ පිනා..' කවිය තමයි කියන්න තියෙන්නේ.