(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුව දිනෙන් දින ජනතා විශ්වාසය පළුදු වන ආකාරයෙන් කටයුතු කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා පැවසීය.
ආණ්ඩුවේ වැඩපිළිවෙළ හේතුවෙන් රට ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියකට පත් ව ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා මෙසේද කීය.
"වර්තමාන රජය බලයට පත්වු දා සිට එකම පොසොන් පොහොයක් වත් වන්දනා මාන කරන්න හැකි වුනේ නැහැ. වර්තමාන රජයේ වැඩපිළිවෙළට ස්භාවධර්මයෙන් පවා අවහිරතා ඇවිත්. එදා රජය පත්කරන වෙලාවේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ගොඩක් මතක් කරේ ස්වභාව ධර්මයෙන් යහපතක් වන්නේ රටට ගැලපෙන නිහතමානී නායකයෙක් ඉන්නා විට කියලා.
දැන් අපිට තේරෙනවා මොකක්ද සිදුවෙලා තියෙන්නේ කියලා. විශේෂයෙන් අද මේ කොරෝනා තත්ත්වය තුල රටේ ජනතාව ජීවත තර්ජනයට ලක්වෙලා. මේ වනවිට මියයන ප්‍රමාණයෙන් වැඩි පිරිසක් නිවස තුල හෝ රෝහලට ගෙන යනවිට මියගිහින්.
බොහෝ රෝගීන් නිව්මෝනියාව තත්ත්වයට පත්වෙලා හුස්ම ගැනීමේ අපහසුතාවෙන් ඔක්සිජන් නැති නිසා මිය යනවා. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. මේ තත්ත්වය තුල සමස්ත ජනතාවම දුක්විදිනවා. නමුත් රජයේ සමහරු කොරෝනාව ගරානාවක් කරගෙන.
ඇන්ටිජන් එක ඉන්ජෙක්ෂන් එක ඇතුළු උපකරණ ගෙන්වීමේදී එකම ගජමිතුරු කල්ලියක් තමයි මේවට සම්බන්ධ වෙලා ඉන්නේ. රටේ ජනතාව මහපාරේ හෝ නිවස තුල මැරෙද්දි රජය මොකද්ද කරන්නේ. රජය කොරෝනා සම්බන්ධ ජනාධිපති කාර්ය සාදක බලකාය කියලා හමුදාවට බාර දීලා කැබිනට් මණ්ඩලය වගකීමෙන් මගඇරලා ඉන්නවා. අද කොරොනා තත්ත්වය ඉන්දියාවට වඩා භයානක තත්ත්වයක තිබෙන බව වෛද්‍යවරුන් ඇතුළු ලෝක සෞඛ්‍ය සංවිධානය පිලිගන්නවා.
මෙම වගකීම රජය භාරගත යුතුයි. මේ රජයේ වගකිවයුතු කවුරුත් වගකීම බාර ගන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ කණ්ඩායමකට එය බාර දීලා සියලු දෙනා අත පිය දාගෙන ඉන්නවා. ජන ජීවිතය විශාල අනතුරකට ලක්වෙලා. රජය මේ අවස්ථාවේ සියල්ලගේම සහයෝගය ගෙන කටයුතු කර යුතුයි. අද මේ තත්ත්වයට මුහුණ දෙන්න රජයට කිසිදු සැලසුමක් නැහැ.
අද මේ වනවිට කොළඹ තිබෙන ප්‍රධාන වටිනා ඉඩම් සෙලන්දිවා කියලා සමාගමක් හරහා විකුණන වැඩපිළිවෙළක් තිබෙනවා. රටේ දේශීයත්වය ගැන කතා කරලා ආපු ආණ්ඩුව අද අපේ රටේ වැදගත්ම භූමි විකුණමින් යනවා. අද රටේ ආර්ථිකය ඍණ තත්ත්වයක් තිබෙන්නේ. ඒ සදහා දේපල විකුණලා තමන්ගේ ගොඩ වැඩි කරගැනීම නතර කර යුතුයි. මේ තත්ත්වය තුල රටේ විශාල ප්‍රශ්න ගනනාවක් ඇතිවෙලා තියෙනවා.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘ආණ්ඩුව දිනෙන් දින ජනතා විශ්වාසය පළුදු කරනවා‘