(අංජුල මහික වීරරත්න )
සෞඛ්‍ය බලධරයන්ට එන්නත්කරණ ක්‍රියාවලිය පවා විධිමත්ව කරන්නට ඉඩ නොදී ආණ්ඩුවේ දේශපාලනඥයන් "වළං කඩේට පැන්න හරකා සේ" ක්‍රියා කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
කොරෝනා වසංගතය රටපුරා පැතිරුනේ ආණ්ඩුවේ නොසැලකිලිමත් හා අවිධිමත් වැඩපිළිවෙළ නිසා බව කී රංගේ බණ්ඩාර මහතා වසංගතයෙන් ජනතාව බේරා ගැනීම සඳහා දැන්වත් මොලේ ඇතිව තීන්දු තීරණ ගන්නැයි ඉල්ලා සිටින බවද සඳහන් කරයි.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රංගෙ බණ්ඩාර මහතා කීවෙි වර්තමානයේ උද්ගත වී තිබෙන තත්ත්වය හරියාකාරව තේරුම් ගෙන දේශපාලනඥයින් වැඩ කටයුතු කළ යුතුව තිබෙන බවයි
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ආණ්ඩුවේ නොසැළකිල්ලෙන් වසංගතය රටපුරා පැතිරුණා‘‘
CHANDIMA Friday, 28 May 2021 12:52 PM
එතකොට පහුගිය කාලේ ඇමෙරිකාවේ ලෙඩේ පැතිරුණේ ඇමෙරිකානු ආණ්ඩුවේ වරදින්... ජපානයේ පැතිරෙන්නේ ජපන් ආණ්ඩුවේ වරදින්.. ඉන්දියාවේ පැතිරෙන්නේ ඉන්දියානු ආණ්ඩුවේ වරදින්... චීනයේ පැතිරෙන්නේ චීන ආණ්ඩුවේ වරදින්.. 8වත් පාස්වෙලා නෙමෙයිද පොලිසියට ගියේ?
වීරවිජේFriday, 28 May 2021 05:01 PM
පුතා පාරෙ බීලා හප්පලා කමක් නැහැ නේද...?
රාජේශ් ඛන්නාSaturday, 29 May 2021 02:28 AM
ආණ්ඩුව බලය වෙනුවෙන් ම චන්ද බලාගෙන ම තීරණ ගනිමින්, රට වෙනුවෙන් නිවැරදිම තීරණ නොගැනීමේ විපාක අද අපි භුක්ති විඳිමින් සිටිමු.. අනෙක් ප්‍රමාණයෙන් විශාල රටවල් උදාහරණයට ගැනීම නොවටී. තායිවානය, නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව උදාහරණයට ගතයුතු මය. ප්‍රාන්ත ආණ්ඩු නොමැති කුඩාම රටක මෙවැනි අවස්ථාවක දේශපාලනමය නොවන කරුණක් පාලනය කරගැනීමටවත් නොහැකි පාලකයන් සිටීමෙන් සහ ඔවුන් කරන හරි වැරදි සියල්ලම අනුමත කරන රැල්ලක් සිටීමෙන්, දැනටමත් ආර්ථික හා සමාජමය වශයෙන් අන්තයටම පිරිහී තිබෙන අපේ රටේ අනාගතය, ගොඩ ගත නොහැකි තැනකට තල්ලු වීම කණගාටුවට කරුණකි. රටේ මහජන මුදල් අවභාවිතා කර සත්‍යය අසත්‍ය කර පෙන්විය හැකි දියුණු රහසිගත තාක්ෂණික මාධ්‍ය ක්‍රම යොදා ගනිමින් අසත්‍යය ම සත්‍යය ලෙස පෙන්වමින් ලෝකයටම ණය වෙමින් සමස්ථ රටවැසීයාම රවටමින් කරන මේ උප්පරවැට්ටි ආණ්ඩු ක්රමයේ කෙළවරින් කළු සල්ලි ප්රකෝටිපතියන් අතලොස්සක් සහ දුකින් පෙළෙන පිඩිත පන්තියක් සහිත රටක් මතුවීම නොවැළක්විය විය හැකිය. එය රටේ සහ අපේ අවාසනාවකි.
Sri Lanka Friday, 28 May 2021 01:05 PM
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්
CHANDIMAFriday, 28 May 2021 02:05 PM
අනේ අම්මපා..?
මුණසිංහSaturday, 29 May 2021 02:12 AM
ඉතා වැදගත් සොයා ගැනීමක්. ට්‍රම්ප් ගේ හිතවතෙක් නේද?
යාපා Friday, 28 May 2021 01:56 PM
අනේ මන්දා ඔහේ නිදාගෙනද හිටියේ කියලා. විස්කි වතුර කරපු කෙනානේ....!!!
නස්නීන් Friday, 28 May 2021 02:15 PM
ආණ්ඩුව කිසිවක් නොකලා නොවෙයි. ආණ්ඩුව මුලින්ම තම මුළු ශක්තියම යෙදුවේ ආදාහනයද, භූමදානයද යැයි තීරණය කර ගැනීමටයි. ඵ් සමගම තෝරාගත් පෙදෙස් ලොක්ඩවුන් කිරීමයි. මෙම ක්‍රියාවෙන් සුළු වැරැද්දක් සිදුවුනා. ඵ් අනෙක් පෙදෙස් ගැන සොයා බලන්න අතපසු වුණා. දැන්නම් එන්නත් කිරීම හේතුවෙන් සියල්ල යහපත් ලෙස සමාප්ත වේවා යි ප්‍රාර්ථනා කරමු.
Raveendra Friday, 28 May 2021 03:17 PM
පුත්තලමේ ඉන්න සත්තු කොහොමත් කසිප්පුත් මේ පිරිසිදු ජලය කියලනේ කියන්නේ... මේ එහි හොඳම සාක්කිය ...
L,G,P,Jathunarachchi Friday, 28 May 2021 04:11 PM
ඇත්තෙන්ම... !!!
Disk break Friday, 28 May 2021 04:19 PM
අපරාදේ...!!! පුත්තලම් බූරුවන්ට වගේ වොඩ්කා බෝතලේ වතුර දෙන්න තිබ්බේ රෝගය නිමා වෙන්න....
රොහාන් Friday, 28 May 2021 05:09 PM
සයිනොෆාම් ශෝයි නේ දැන්..?
chandima Friday, 28 May 2021 05:20 PM
කොච්චර සිංහ හම දාගත්තත් හඳ පායනකොට නරියා හූ කියනවනේ..!!! දැන් තමයි ඒ කතාව තිතටම විශ්වාස කරන්න පුළුවන් වුණේ..
wiley Friday, 28 May 2021 06:25 PM
රටේ ජනතාවගේ නොසැලකිල්ල.... රජය කියන්නේ සියලුම රටේ මිනිස්සුන්ට. එ්ක තේරුම් ගන්න මොලයක් නැති ගොන් මෝඩයින්...
සුධීර Friday, 28 May 2021 11:47 PM
යහපාලනයේ වරදින් පාස්කු ප්‍රහාරය සිදුවුනා. රංගේ බණඩාරත් ඒ යහපාලනයේ හිටියා.
L.G.P.Jathunarachchi Saturday, 29 May 2021 02:06 AM
ඇත්ත කතාව
මුණසිංහ Saturday, 29 May 2021 02:16 AM
ඇත්තටම එන්නත්කරණ ක්‍රියාවලියෙන් දේශපාලකයන් සහමුලින්ම ඉවත් වෙන්න ඕන. එයාල කළ යුතු වන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලංකාවට එන්නත් ගෙනැත් සෞඛ්‍ය අංශවලට ලබා දී අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම පමණයි. පරිපාලන නිළධාරින්ට ඉතිරිය භාර කළ යුතුයි. බොහෝ වැඩ දේශපාලකයන් අවුල් කරනවා. රටේ පාර්ලිමේන්තුව නැති කාලයේ ඉතා හොඳින් එය වුනා. වෙලාවට දැනට පලාත් සභා නැත්තතෙිබුණ නම් ඉවරටම ඉවරයි!
විජේ Saturday, 29 May 2021 06:01 AM
ඒත් ඉතින් මැරෙන්නේ මැරෙන්න අවශ්‍ය අය නෙවෙයිනේ, ඒකනේ හිතට අමාරු..!!!