IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදයක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තුව විවෘත කරමින් ඉදිරිපත් කරන  ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන්  සභාව කල් තබන අවස්ථාවේ විවාදයක්   ලබන 9 වැනිදා බ්‍රහස්පතින්දා සහ 10 වැනිදා  සිකුරාදා දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (3) තීරණය කළේය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (3) පස්වරුවේ
රැස්විය.

මේ අතර සුබසාධක ප්‍රතිලාභ පනත  යටතේ නියෝග සහ විවිධ රජයේ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව පසුගිය සභාවාරයේදී  යථාපරිදි යොමුකර තිබූ යෝජනා 51 ක් අනුමැතිය  සදහා 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද මෙම  කාරක සභා රැස්වීමේදී තීරණය කර ඇත.

අනතුරුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ප.ව 5.00 දක්වා පැවැත්වෙනු ඇත.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය දෙවැනි දිනටත්  ලබන  10 වැනිදා පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් මහ ලේකම් නීතිඥ කුෂානී   රෝහණදීර  මහත්මිය පැවසුවාය.

මෙම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, සභානායක අමාත්‍ය  සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය  ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් සහ  පක්ෂ නායකයින්  ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදයක්

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1798 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 588 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 3800 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 533 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 1026 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2952 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 619 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1770 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site