(නිමල කොඩිතුවක්කු)
මැතිවරණයට වියදම් කළ මුදල් සොයා ගැනීම සඳහා ආණ්ඩුවේ ප්‍රබලයන් ජාවාරම්කරුවන් සමග එක්ව පරිසරය විනාශ කරමින් සිටින බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා කොළඹ දී අද (30) පැවසීය.
පුත්තලම ආනවිලුන්දාව අභය භූමිය ඇතුළු අභය භූමි සහ රක්ෂිත ඇතුළත් පරිසර පද්ධති මෙම පිරිසේ ගොදුරු බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාව සමග ඒකරාශීව දැවැන්ත වැඩපිළිවෙළක් ගොඩනඟන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේද කීවේය.
මේ මැතිවරණයේ දී පොහොට්ටුවට වැඩි බලයක් ලබාදීලා ජනතාව බලාපොරොත්තු වෙච්ච කරුණු කාරණා කිහිපයක් තියෙනවා. දැන් ඒ ජනතා අභිලාශයට පයින් ගහලා ආණ්ඩුවට ඕන විදිහට කටයුතු කරමින් යනවා.
දැන් මේ ලැබිච්ච බලය ඒකාධිපති පාලනයක් කරා ගෙන යාමට මේ අය කටයුතු කරමින් සිටිනවා. මේ ආණ්ඩුව අප්‍රේල් 30 සිට අගෝස්තු 31 දක්වා මුදල් වියදම් කරලා තියෙන්නේ නීති විරෝධී විදිහටයි. ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව මුදල් වියදම් කරපු ආකාරය පිළිබඳ අද ආණ්ඩුව මග අරිනවා.
නව ආණ්ඩුව අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අවස්ථාවේ අපි මේ ගැන දිගින් දිගටම ප්‍රශ්න කළත් ඒ අය මේකට පිළිතුරු දෙන්නැතුව මඟ හැරියා. මේ අයට ලැබුණු බලය අයුතු ලෙස පාවිච්චි කිරීමෙන් රටට විශාල හානියක් සිදුවෙනවා. මේ විදියට රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් රටේ නායකයෝ ක්‍රියාත්මක වුණොත් ඉදිරි කාලයේදී රට භයානක තත්වයකට මුහුණදීමට සිදුවෙනවා. ඒක රටට ඉතාම අහිතකර තත්වයක් බවට පත් වේවි.
මේ සැරේ රටේ බලය ගන්න පොහොට්ටුව ජනතාවට වැදගත් විදිහට බොරු බේගල් ඇද බෑවා. දැන් රටට සල්ලි නැහැ. විදේශ විනිමයක් නැහැ. ආනයන සියල්ලක්ම නතර කරලා තියෙන්නේ. ආනයන අඩු කරලා අපනයන වැඩි කරන්න මේ ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නැහැ. ආනයනය නතර කිරීමත් සමඟ රටේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ වල විශාල හිඟයක් පවතිනවා. මේ නිසා කුඩා පරිමාණ ව්‍යාපාර සිට මහා පරිමාණ ව්‍යාපාර දක්වා අද සියල්ල කඩා වැටිලා තියෙනවා. අද යතුරුපැදියක් ගන්න අවස්ථාවක් නැහැ. ටයර් එකක් දාගන්න විදිහක් නැහැ. මෝටර් රථ අමතර කොටස් නැහැ.
මේ ආණ්ඩුව යටතේ අද ආර්ථිකය අසමතුලිත වෙලා තියෙනවා. වෙළඳපොළේ බඩු හිඟ වෙන්න කොට ජනතාව අතර ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේක මග ඇරෙන්න දැන් වෙනස් විදියකට ඇමැතිවරු පත් කරලා තියනවා. අලුතින් මේ රටේ නිෂ්පාදන ඇතිකරලා ඒ නිෂ්පාදන රටේ පරිභෝජනයට දෙනවා කියලා මේ හරහා රටේ ජනතාවට පණිවිඩයක් දුන්නා. අමාත්‍යාංශය මගින් ජනතාව ටික කාලයකට අන්දගෙන තියෙනවා. මේ ආණ්ඩුව දුරදිග නොබලා කටයුතු කිරීම නිසා මේ රට නුදුරු දිනනදීම කඩා වැටීමකට ලක් වෙනවා.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ආණ්ඩුවේ පරිසර විනාශය ගැන සොයන්න විපක්ෂයෙන් කණ්ඩායමක්’
Kamal Koyrala Sunday, 30 August 2020 10:13 AM
අප්පුහාමි හොඳ අදහසක්.. මේකට ජනතාව අවශ්‍ය නැහැ. මෙය විපක්ෂයක කාර්යභාරයයි. දැන් උසාවි නොමැතිව කමිටු දාන එකේ මෙවැනි කාරණා සඳහා ත්‍රිපුද්ගල, පංච පුද්ගල කමිටු පත්කර ගන්න.. ඩීල් නැතිව නීතියෙන් පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න.
ජගා Sunday, 30 August 2020 10:36 AM
විල්පත්තුවට ගේම දෙනකොට ඔය අප්පුහාමි කොහෙද දන්නේ නැහැ හිටියේ..?
Raveendra Sunday, 30 August 2020 11:03 AM
අප්පුහාමි උන්දැගේ අදහස් අප ඉහළින්ම අගයන්නෙමු. විපක්ෂේද බලයේ ඉන්න පක්ෂේද නොවේ වැදගත්කම, විනාශයක් වෙනවා නම් "කවුරු කරත්" එය වැරදිය.. එබැවින් අප සැම එයට එකහෙලා විරුද්ධවිය යුතුයි. එලෙසම අප්පුහාමි ගොයියලා බලයේ ඉන්නකොට කරපු විනාශේ ගැනත් හොයා බැලුවොත් හොඳා නේද අප්පුහාමි ගොයියෝ? මොකද මිනිසුන් මැතිවරණය අවසන් වෙනකොටම සියල්ලෝම මැරිලා ඉපදුනේ නැහැනේ.. එ් නිසා තමන් අවංකවද කතාකරන්නේ නැද්ද ගැනත් හිතලා ඒ ඒ අයගේ අහිංසක මෙන්ම ආදරණිය මෑණියන්දලාට කොත්තමල්ලි , පස්පංගුව උදේ සවස තම්බ තම්බා බොන එකත් මහා පවක් නේද අප්පුහාමි.. මෙම අදහස් කිසිදු වෙනසකින් තොරවම අප්පුහාමිටම කියවීමට හැකිවේවා...!!!
මුණසිංහ Sunday, 30 August 2020 03:43 PM
නීති විරෝධීව සල්ලි වියදම් කළා නම් ඒකට විරුද්ධව කටයුතු කරන්න ඕන අපිද? පාර්ලිමේන්තුවේ දී ඒකට අවස්ථාව තිබුණා. ඡන්දෙ විමසන වෙලාවේ තමුන් ඇතුළු ඔය කවුරුවත් එතන නැහැ. දැන් එළියට ඇවිල්ලා බොරුවට කෑ ගහනවා. ඕවට අපි රැවටෙන්නේ නැහැ. අනෙක පරිසර විනාශය. පහුගිය කාලෙ විල්පත්තුව කපන කොට ඒකට විරුද්ධව වචනයක් කතා කලාද? රිෂාඩ්ට විරුද්ධව පුළුවන් නම් වැඩට බහින්න. තමුන්ගේ පළාතෙම මිනිහා නේ.
Nandalal DE SILVA - France Sunday, 30 August 2020 05:25 PM
බොහොම හොද කාලෝචිත අදහසක්... ඡන්දෙට ඉස්සර කියපු ගජබින්න අලංකාර කථා දැන් ජනතාවට පැහැදිලි වෙගෙන ආවත්, විශාල වශයෙන් එම පොරොන්දු ගැන විස්තර කරදීම විපක්ෂයේ කාර්ය භාරයයි. විපක්ෂය බලවත් ලෙස රජයේ කටයුතු නිරීක්ෂණය කළොත් ඔවුන් මහජනතාව නිතරම ගොනාට ඇන්දවීම අඩුකරන්න පුලුවන්...
Ranjith Sunday, 30 August 2020 07:12 PM
මට හිනායනවා අනේ..
Bamunuarachchi Monday, 31 August 2020 01:55 AM
ඔහෙලගේ ආණ්ඩුව කාලේ නේද අක්කර දහස් ගණනක් හම්බ මන්ත්‍රීලා විල්පත්තුව කපලා විනාශ කරලා ජනපද හැදුවේ..? එතකොට කට වහගෙන හිටියා නේද?