IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ආණ්ඩුව ’’බාර්’’ඇරලා, පාර්ලිමේන්තුව වහනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටේ ප්‍රශ්න එන්න එන්න ගොඩ ගැහෙද්දී ආණ්ඩුව පාර්ලිමේන්තුව වසා බාර් අරින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"කථානායකතුමනි ,හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව පැවැත්වීම වැළැක්වීමට යෝජනාවක් ගෙනල්ලා තියනවා .ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ දින 25ක් පාර්ලිමේන්තු කටයුතු නැති වුණා.කොරෝනා අඩුවෙලා නම් පාර්ලිමේන්තුව කල් දාන්නෙ මොකද? යනුවෙන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූයේ පාර්ලිමේන්තුව දින දෙකකට සීමා කළේ පක්ෂ නායක රැස්වීමේදී පැමිණි එකඟතාවයකට අනුව බවයි.

 



අදහස් (24)

ආණ්ඩුව ’’බාර්’’ඇරලා, පාර්ලිමේන්තුව වහනවා

Ruhunu Wednesday, 22 September 2021 08:18 PM

පාර්ලිමේන්තුවනම් සදා කල් වැහුවත් අපි කැමතියි.

:       1       30

යෝගා Wednesday, 22 September 2021 08:26 PM

ඒක සාධාරණයි. බාර් නම් ආදායම්, පාර්ලිමේන්තු නම් වියදම්

:       0       36

Sriland Wednesday, 22 September 2021 08:39 PM

තමුන්ට ලොකු පාර්ලිමේන්තුව, අපේ ළමයිට අවුරුදු 2ක් පාසල් වහලා. කෝ එක්කෙනෙක් කතා කරනවද විවෘත කරන්න

:       0       29

Raveendra Wednesday, 22 September 2021 08:40 PM

ඉතින් ගිනිවතුර කඩ අයිති කාරයින් ඔක්කොම දියවන්නාව පට්ටියේ ඉන්න අයට නොතේරීම පුදුමයකි. දියවන්නාව පට්ටිය වැහුවේ නුඹලාට අයිති ඒ ගිනිවතුර කඩවල ගිහින් වැඩකරන්න බොලව්.. හොඳයි කියනවා බලන්න... තමන්ට බාර් එකක්වත් නැද්ද කියලා..?

:       0       1

Ajit Wednesday, 22 September 2021 08:44 PM

ආදායම් වැඩි කර ගැනීම (සූරා බදු) සහ වියදම් අඩු කිරීමට (හරක් ගාල නඩත්තු කිරීම) මෙයින් බලාපොරොත්තු වෙනවා...

:       0       0

gunarathna Wednesday, 22 September 2021 08:58 PM

පුදුම දේවල් වලට මෙයාලත් කතා කරන්නේ

:       0       21

SIRIPALAWednesday, 22 September 2021 10:22 PM

ඒක තමා නිවැරදි තීරණය .බාර් වලින් හොඳට බීලා රූ රැජිනක් එක්ක පාර්ලිමේන්තුවට ඇවිත් මොනවා කරනවද කියලා කව්ද දන්නේ .රුපසුන්දරිය දේශපාලනයට පැමිණීම සුදුසු නැත

:       2       9

chandima Wednesday, 22 September 2021 09:52 PM

කැමතිනම් ගිහින් බාර් පෝලිමේ ඉන්න .ඒකෙන් රටටවත් අදායමක් එනවා

:       0       17

SL Wednesday, 22 September 2021 10:36 PM

ඔබ තුමා කොච්චර කල් පාර්ලමේන්තුවේ හිටියද ? මොනවද රටට ගෙනාපු ප්‍රතිලාභ? මොනවද ඔබතුමා දේශපාලනයට එන්න ඉස්සරවෙලා තිබුණු දේපල? මොනවද ඔබතුමාට සහ පවුලට දැන් තියෙන දේපල ? ඔබ තුමා හොරා කාපුවගෙන් රට අවුරද්දක් වහල තිබ්බත් ඔබතුමැයි පරම්පරාවයි ජීවත් වෙයි, හැබැයි අපිට බැහැ . ඔබ තුමා දේශපාලනේට එනකොට රජය ආදායම් ඉපැයුවේ රහමෙර බද්දෙන් ද ? ඔබ තුමා ආර්ථිකය දියුණු කරපු හින්දද රහමෙර බද්ද නැතිනම් රටට දුවන්න බැරි? මේ ඔබ තුමා මෙච්චර කල් පාර්ලිමේන්තුවේ ඉඳල හදපු ආර්ථිකයද ?

:       0       21

කල්පනාThursday, 23 September 2021 06:39 AM

මෙතුමා රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික්වලට ඉතා ප්‍රශිද්ධ කිරිඇල්ල ග්‍රාමයේ ඉඩම්හිමි වලව්වකින් පැවතෙන කෙනෙක් කියල දන්නෝ දනිති මෙතුමාට මැණික් සම්පත් තිබෙන ඉඩකඩම් තවමත් කිරිඇල්ලේ තිබෙන බව දැනගන්නට ඇත.

:       0       1

රණා Wednesday, 22 September 2021 10:48 PM

ඕනේ හරකෙකුට පාර්ලිමේන්තු යන්නත් පුළුවන්, ඕනේ හරකෙකුට බාර් එකට යන්නත් පුළුවන්, ඕනේ හරකෙකුට තප්පුලන්නත් පුළුවන්..... උම්බෑ...................

:       0       20

Bandara Wednesday, 22 September 2021 11:11 PM

කිව්වොත් කියන්නේ ගොන් කතාවක්

:       1       1

Perera Thursday, 23 September 2021 02:07 AM

නැතුව ,බාර් රටේ බොහෝ දෙනෙකුට ඉතාමත් අත්‍යවශ්‍යයි .හැබැයි පාර්ලිමේන්තුවෙන් රටේ ජනතාවට කිසිම වැඩක් නැහැ නේ .ඉතින් බාර් ඇරියා පාර්ලිමේන්තුව වැහුවා

:       0       0

විපරමා Thursday, 23 September 2021 02:42 AM

ඕක වහලා තියෙන තරමට හොඳා .කන්ඩ බොන්ඩ දෙන්නත් මොනතරම් වියදමක් යනවා කියලද.

:       0       0

lakvidu Thursday, 23 September 2021 06:42 AM

පාර්ලිමේන්තුවෙ ඔක්කොටම බාර් තියෙනවනෙ අයියා! ඉතිං එයාල කොහොමද එක වෙලාවෙ තැන් දෙකක වැඩ කරන්නෙ?

:       0       0

Sk Thursday, 23 September 2021 06:45 AM

පාර්ලිමේන්තුව ඇරියත් බාර් වගේ තමයි .කිසිම වැඩක් නෑ .බාර් වලින් අදායමක් හරි ලබනවා .පාර්ලිමේන්තුවෙන් වියදමක් යනවා .එකයි වෙනස

:       0       0

චන්දන Thursday, 23 September 2021 07:22 AM

ඔයාලට ඕක ලොකු වුනාට අපිට බාර් එකක් තරම්වත් ඕක වැදගත් නැහැ. එහෙම පිටින් ම පච මඩුවක් . මඩ ගහන එකේ නිමක් නැහැ . ඒ සියල්ල වරප්‍රසාද වලට මුවා වෙලා. ඕක ඇතුලේ කියන ඒවා එලියට ඇවිත් කියන්නේ නැත්තෙ ඇයි . නඩු වැටෙන නිසා.

:       0       0

Lelwala Thursday, 23 September 2021 08:03 AM

බාර් එකක් වගේ තමා පාර්ලිමෙන්තුව. හොදට බොන මුහුන. පාර්ලිමේන්තුව නෑ කියල අවුලක් නැත. බාර් වැසුවොත් රටම අවුල්

:       0       0

සමන්ත Thursday, 23 September 2021 08:04 AM

රජයට අවශ්‍ය ආදායම් ලබා ගැනීම මිසක් වියදම් කීරිම නෙමේ. පාර්ලිමේන්තුවේ නිකං වගේ ලැ⁣බෙන කෑම එක නැතිව මන්දපෝෂණය හැදෙයි කියලා බයේද කොහේද? පාර්ලිමේන්තු සදාකල් වහනවා නම් අපි නම් සතුටින්.

:       0       1

Bamunuarachchi Thursday, 23 September 2021 09:38 AM

මාර කතාවක්නේ හලෝ. බාර් ඇරලා වෙන සේවය පාර්ලිමේන්තු ඇරලා වෙනවාද? පාර්ලිමේන්තුව වහල තිබුන කාලේ කෝටි ගණනක් රටට ඉතුරුයි. බාර් වහලා තිබිලා රජයට කෝටි ගණනක් පාඩුයි.

:       1       6

fairoos Thursday, 23 September 2021 12:53 PM

වහල්ලු නම් කියයි කොහොමද සර් ගේ වැඩ කියලා

:       3       1

BamunuarachchiFriday, 24 September 2021 06:17 PM

හැමදාම වහල තිබ්බත් කමක් නැහැ

:       0       0

SUNIL MILANO Thursday, 23 September 2021 01:43 PM

කිසිම දෙයක හොඳක් දකින්නේ නැති මිනිහෙක් .මොන නැකතක ඉපදිලාද මන්දා

:       1       1

Bamunuarachchi Friday, 24 September 2021 06:18 PM

කොළඹ ප්‍රසිද්ද ඉස්පිරිතාලෙක හෘද රෝග වලක්වාගැනීමට බිත්තියේ ලොකු අකුරින් ලියා තිබෙන ෆන්ටාස්ටික් සෙවන් උපදෙස් කියෙව්වානම් අඩු ගණනේ මාසෙකට බෝතල් 2 ගෙදර ගෙනියනවාමයි. ඔය නොබොන හාදයෝ හොරෙන් අඩියක් ගහන්නේ දොස්තර කීවාම.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජාතික ජන බලබලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 377 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 578 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 1478 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 2497 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 343 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 853 0

ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 261 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 581 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1699 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site