(අංජුල මහික වීරරත්න)
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිප දෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීමට අදාළ වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍ය කර්මවලට භාජනය වූ රෝගීන් කිහිප දෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීම පිළිබඳව වින්දිතයන්ට ගෙවිය යුතු වන්දි ප්‍රමාණය තීරණය කිරීම පිණිස තාක්ෂණික කමිටුවක් පත් කිරීමට 2024-02-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර, එකී කමිටුව විසින් අදාළ කරුණු අධ්‍යයනය කර ගෙවිය යුතු වන්දි මුදල් පිළිබඳව සිය නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
එකී නිර්දේශ මත පදනම්ව අදාළ සිදුවීම හේතුවෙන් බලපෑමට ලක් වී ඇති රෝගීන් 17 දෙනෙකු සඳහා පහත සඳහන් පරිදි වන්දි මුදල් ගෙවීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රෝගීන් 12 දෙනෙකු සඳහා රුපියල් 1,000,000/- බැගින් වන්දි ගෙවීම.
රෝගීන් 02 දෙනෙකු සඳහා රුපියල් 750,000/- බැගින් වන්දි ගෙවීම.
එක් රෝගියෙකු සඳහා රුපියල් 700,000/-ක වන්දියක් ගෙවීම.
රෝගීන් 02 දෙනෙකු සඳහා රුපියල් 250,000/- බැගින් වන්දි ගෙවීම.
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ පෞද්ගලික අංශය එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමය සංවිධාන කරන ළමා චිත්‍ර තරඟයට මැයි 10 වැනිදා තෙක් චිත්‍ර බාර ගන්නා බව එම සංගමය පවසයි.
මග නැගුම මාර්ග ඉදි කිරීම් සමාගමට ස්කැවේටර් යන්ත්‍රයකින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කඩුවෙල කොරතොට, මයික්වත්ත ප්‍රදේශයේ ඉඩමක කළුගල් ව්‍යා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ආණ්ඩුවේ රෝහලේදී ඇස් අන්ධ වුනාට ආණ්ඩුව වන්දි ගෙවයි
Perera Tuesday, 07 January 2025 04:49 PM
හෙමින් හෙමින් හරි රට ගොඩගන්න ලකුණු මේවා.
sam Wednesday, 08 January 2025 03:02 AM
හොඳ වැඩක්. ඔයා මුදල කෙහිලියගේ දේපල විකුණා අය කරගන්න .