(අංජුල මහික වීරරත්න)
ඉන්දු-ලංකා හවුල්කාරීත්වයක් මගින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහල නැංවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා මෙම පියවර ගන්නා බවද ජනාධිපති කාර්යාලය කියයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේදී වූ එකඟතාවය පරිදි මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාල ජ්‍යෙෂ්ඨ මට්ටමේ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා රජයේ ආරාධනය පරිදි ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ (National Center for Good Governance, India) අධ්‍යක්ෂ ජනරාල් භාරත් ලාල් මහතා ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
මෙරට රාජ්‍ය සේවයේ ඵලදායී වෙනසක් ඇති කිරීම සඳහා අධීක්ෂණ ක්‍රියාමාර්ග හඳුන්වා දීමෙන් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය වැඩිදියුණු කරන ක්‍රමවේදය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
එම සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවට ගොස් අදාළ ඉන්දීය ආයතන සමඟ තවදුරටත් සාකච්ඡා කොට සුදුසු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය විය.
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආණ්ඩුවේ වැඩට ඉන්දියාවෙන් තල්ලුවක්
රංබොඩ Wednesday, 14 February 2024 04:00 PM
හැම එකටම ඉන්දියාව ගාවගෙන අන්තිමට අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තා වගේ වෙයිද දන්නේ නෑ. පාලකයින් නම් ටික කාලයක් ඉඳලා යයි. නමුත් අනාගත පරපුරට ප්‍රශ්න ඉතිරිවෙයි...!