(අංජුල මහික වීරරත්න)
රටේ දරුණු වසංගතයක් පැතිරෙමින් තිබෙන අවස්ථාවකදීත් ආණ්ඩුව සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළ මුදල පසුගිය වසරට සාපේක්ෂව බිලියන 6කින් අඩු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා 2022 අය-වැය සම්බන්ධයෙන් මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
රටේ ජනතාවගේ සෞඛ්‍ය මෙන්ම බඩගින්දර ගැන නොසිතන ආණ්ඩුවක් කුමටදැයි එජාප නියෝජ්‍ය නායකයා ප්‍රශ්න කළේය.
මෙය ජනතාව මුලා කරන අය-වැයක් බව කී විජයවර්ධන මහතා අද රටේ ජනතාවට කන්න හාල්, සීනි ඇතුළු කිසිවක් නැතැයි ද මෙවැනි රටක බොරු අයවැයක් ඉදිරිපත් කර ආණ්ඩුව ජනතාව රවටමින් සිටින්නේ යැයි ද කීය.
රටේ අනාගතයක් නැති බව තරුණ පරපුරට වැටහී දැන් ඔවුන් රට අතහැර යන්නට පටන් ගෙන තිබෙන බවත් රටේ ආර්ථිකය හදන්න මොළය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට සහ පක්ෂයේ නායකත්වයට පමණක් බවත් දැන් ජනතාවට වැටහෙමින් තිබෙන බව ද එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ආණ්ඩුව සෞඛ්‍යට වෙන් කළ මුදල අඩු කරලා‘
Stiland Saturday, 13 November 2021 02:40 AM
ආණ්ඩුව මොලේ කල්පනා කරලා තියෙනවා. තවත් අඩුකරන්න ඕනේ ඔය සල්ලි සේරම යන්නේ බටහිර බෙහෙත්වලට සහ බොරු කොරෝනා ජාවාරමට... ආණ්ඩුවට ජයවේවා..!!!