IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට නිල වාහනය වෙනුවට ඉන්ධන කෝටාවක්

(දමිත් වික්‍රමසේකර)

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබා දීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  ප්‍රකාශ කළේය.

රජයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබා දෙනවා වෙනුවට ඔවුන් භාවිත කරන පුද්ගලික වාහනයට ඉන්ධන කෝටාවක් ලබාදීමට රජය මේ වනවිට තීරණය කර ඇතැයි එම නිලධාරියා පැවැසුවේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබාදීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වීම හේතුවෙන් රජය එම තීරණය ආපසු හරවාගෙන ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් අමාත්‍යාංශ රාජකාරී කටයුතු සඳහා අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට නිල වාහනයක් ලබාදීමට රජය ගත් තීරණය එලෙසම ක්‍රියාත්මක වන බව එම නිලධාරියා පැවසුවේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාටම නිල වාහනයක් ලබා දීමට රජය ගත් තීරණයට විරුද්ධ පක්ෂයෙන්ද දැඩි විවේචන එල්ල වූ අතර තමන්ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන නිල වාහනයට සමාන වාහනයක් ඉල්ලා සිටින බව ඇතැම් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.

තමන් තේරී පත්වූ මැතිවරණ බල ප්‍රදේශයට රාජාකරි කටයුතු සඳහා ගමන් කිරීමට වාහනයක් අවශ්‍ය බැවින් රජය ලබාදීමට තීරණය කර තිබූ නිල වාහනය ලබා ගැනීමට කැමති බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කර තිබිණි.

මේ අතර මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආන්නද විජේපාල මහතා අප පුවත්පතට ප්‍රකාශ කර සිටියේ පසුගිය රජයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඛණ්ඩව ලබාදුන් තීරු බදු රහිතව වාහනයක් ආනයනය කිරීමේ බලපත්‍රය මෙම රජය මගින් ලබා නොදෙන බවයි. සෑම වසර 5 කට වරක් ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ඉදිරිපත් වුවත් මෙවර එවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් නොවනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. එසේම අමාත්‍යවරුන් සඳහා නව වාහන ආනයනය නොකරන බවද ඔහු පැවැසුවේය.

 



අදහස් (10)

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට නිල වාහනය වෙනුවට ඉන්ධන කෝටාවක්

රුවන් Sunday, 01 December 2024 10:41 PM

ඒක නම් කමක් නෑ, හැබැයි පාවිච්චි කරන වාහනය V8 නම් ප්‍රශ්නයක් එනවා.

:       0       7

pj Monday, 02 December 2024 01:53 AM

මන්ත්‍රීන් සම්බන්ධ දෙයක්වත් කෙලින්ම විසඳගන්න බැරියැ ... රට ගැන කුමන කතාද?

:       2       6

pj Monday, 02 December 2024 02:03 AM

සෑම මන්ත්‍රිවරයකුටම පෞද්ගලික වාහනයක් තිබිය යුතු යැයි ව්‍යවස්ථාවේ තිබේද?

:       2       4

යෝගා Monday, 02 December 2024 05:56 AM

ඡන්ද ගන්න බලාගෙන හතර අතේ බොරු විදලා දැන් ඇඹරෙනවා. මේකෙන් පේන්නේ මාලිමාවට මේ සම්බන්ධව කිසිම ප්‍රතිපත්තියක් තිබිලා නෑ කියන එකයි...

:       5       9

primeshika Monday, 02 December 2024 07:11 AM

2/3 ඉන්න එයාගේ මන්ත්‍රීලාට හම්බවෙන කුට්ටිය අඩුවෙන නිසා තමයි ජනාධිපති තුමා එක පෑන් පාරින් තෙල්මිල අඩු කරන්නේ නැත්තේ...!

:       4       9

Perera Monday, 02 December 2024 07:12 AM

අපේ දැනගැනීම පිණිස එක මන්ත්‍රී කෙනෙකුට කෝටාව කීයක්ද?

:       1       12

විදුර Monday, 02 December 2024 10:54 AM

සාමාන්‍ය ජනතාවට වාහන ගෙන්නද්දී මෙහෙන් ගහන ටැක්ස් එක නැති කරලා දාන්න. මිනිස්සු රට දාලා යන එක අඩුවෙයි.

:       6       8

Daman Monday, 02 December 2024 12:37 PM

කොහෙන්ද හිනාවෙන්න ඕනේ...?

:       4       11

Duminda Udayakumara Monday, 02 December 2024 01:55 PM

වාහනයක් ගන්න එකත්, තෙල් ගන්න එකත් ජනතාවට ප්‍රශ්නයක් නෙමෙයි. රටේ ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් දෙන්න. සියලු රජයේ ආයතනවල ඇමතිවරු, නිලධාරීන් එළියට ඇවිත් වැඩබිම්, ගොවිබිමිවලට ගිහින් ප්‍රශ්න දැකලා ඉක්මනින් පිළිතුරු හොයන්න ඕනේ. රජය පැත්තෙන් තමන්ගේ වැඩ පිළිවෙල සමාජගත කිරීමේ දී අඩුපාඩු තියෙනවා. ඉක්මනින් හදා නොගත්තොත් ප්‍රශ්න හුඟක් ඇතිවේවි.

:       1       10

don Monday, 02 December 2024 05:28 PM

දැන් එතකොට කවුරුවත් බස් එකේ එන්නේ නැද්ද?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොල්-කිතුල්-තල් මදින අයට රක්ෂණයක්
2025 අප්‍රේල් මස 01 34 0

කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත පිරිස් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.


කිලිනොච්චියේ විරෝධයක්
2025 අප්‍රේල් මස 01 153 0

කිලිනොච්චිය මුලන්කාවිල් ප්‍රථමික පාසලක ඉගෙනුම ලබන සිසුන්ගේ මවුපියෝ පිරිසක් අද විරෝධතාවයක නිරත වූහ.


චාමරට ගෙදර කෑම දෙනවාද? තීරණය මේ සතියේ
2025 අප්‍රේල් මස 01 276 2

හිටපු රාජ්‍ය අමාත්‍ය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට නිවෙසින් කෑම ගෙන ඒමට අවසර දෙනව


පොලිසියේ ගිනි අවිය උදුරන්න ගිහින් වෙඩි කයි
2025 අප්‍රේල් මස 01 365 1

පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් ලුහුබැඳ ගොස් මිනුවන්ගොඩ ප්‍රභාගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගනිද්දී එහි එක් සැකකරුවකු කලහාකාරි ලෙස හැසිරී පොලිස් න


උත්සව සමයට අතිරේක බස් 500ක්
2025 අප්‍රේල් මස 01 94 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සඳහා විශේෂ බස් රථ සේවාවට අතිරේක බස් රථ 500 ක් ඇතුළත් කරන බව ලංකා ගමනා ගමන ම


දෙමටගොඩ චමින්ද ඝාතන නඩුවකින් නිදොස් කර නිදහස් කරයි
2025 අප්‍රේල් මස 01 225 0

පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි මරණීය දණ්ඩනය ලැබ මේ වන විට බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්ද ඇතුළු විත්තිකර


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 113 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 714 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 761 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site