IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ගම්මන්පිලට වාග් ප්‍රහාරයක්

(අජන්ත කුමාර අගලකඩ)

අරලියගහ මන්දිරයේ අද පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඇතුළු පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් අතර උණුසුම් මත ගැටුමක් ඇති වූ බව වාර්තා වේ.

රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් වසංගතය පමණක් නොවන බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කැටගොඩ මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂරැස්වීමේ දී විරෝධය පළ කිරීමත් සමග මෙම මත ගැටුම හටගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කැටගොඩ මන්ත්‍රීවරයාට අමතරව රෝහිත අබේගුණවර්ධන ,එස් .ඒ .ඩ් ජගත් කුමාර ,තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ද මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇතැයි දැනගන්නට තිබේ.

එහිදී අදහස් දක්වා ඇති ගම්මන්පිල මහතා සඳහන් කර ඇත්තේ,තමන් ප්‍රකාශ කළේ කොවිඩ් අර්බුදයට අමතරව ,ශ්‍රී ලංකාව දිගින් දිගටම ලබා ගත් ණය ගෙවන්නට තිබීම ද ආර්ථික අර්බුදයට හේතුවක් වී ඇතැයි ප්‍රකාශ කළ බවය.

වෙනත් අදහසක් එමගින් ඉස්මතු කිරීමට තමා උත්සාහ නොකළ බවද ගම්මන්පිල මහතා ප්‍රකාශ කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් පෙන්වා දී ඇත්තේ ගම්මන්පිල මහතාගේ ප්‍රකාශයෙන් ආණ්ඩුව අපහසුතාවට පත්වන බවය.

ජනතාව හමුවට ගොස් මෙවැනි ප්‍රකාශ කරන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් ආණ්ඩුව යම් පියවරක් ගත යුතු බවද ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.

ආණ්ඩු පක්ෂ රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ,ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මැති ඇමැතිවරු ද සහභාගි වූහ.

 



අදහස් (10)

ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ගම්මන්පිලට වාග් ප්‍රහාරයක්

kapila Monday, 07 February 2022 10:51 PM

ගම්මන්පිල කියපු දේ සහතික ඇත්ත. අනිකුත් මෝඩයින්ට මේක තේරෙන්නේ නෑ. එහෙම නැත්නම් මහජනයාට කොලේ වහන්න හදනවා. ආර්ථික අර්බුධයට හේතුව කොරෝන පමණක් නොවේ. පවතී සියලු ආණ්ඩු වල කරපු සෝබන ව්‍යාපෘති වලට ගත් ණය මේ අර්බුධයට හේතුවයි. මත්තල ගුවන් තොටුපල, නෙලුම් කුලුන වගේ අසාර්ථක ව්‍යාපෘති නිසා ණය ගෙවන්න එම ව්‍යාපෘති වලින් මුදල් උත්පාදනය කලේ නෑ. ලක්ෂ 8ක් ව පවතී රාජ්‍ය සේවකයින් ලක්ෂ 15 දක්වා රාජපක්ෂ ආණ්ඩුව වැඩි කළා. පඩිත් වැඩි කළා. ආණ්ඩුවේ වියදම් ඉහල ගියා. සල්ලි ආච්චි ගැහුවා. උද්ධමනය වැඩි උනා. දැන් ජනතාවට කොලේ වහන්න බෑ. රෝහිත ල කටගොව ලගේ අවසන් කාලයයි මේ යන්නේ. මේ වගේ මෝඩ කතා කියනකොට කවුද චන්දෙ දෙන්නේ?.

:       0       0

sugath Monday, 07 February 2022 11:03 PM

මේ දවස්වල ඇත්ත කිව්වොත් කපෝති.

:       0       0

naleen Monday, 07 February 2022 11:06 PM

පුළුවන් තරම් කට්ටිය එකතු වෙලා ජනතාවට කොලේ වහල රට කෑවනම් හරි

:       0       0

චන්දන Tuesday, 08 February 2022 06:58 AM

ගම්මන්පිල එසේ කිවුවා නම් හොඳයි . ණය ගැනීම නිසා ලංකාව විශාල අර්බුදය ක ඉන්න බව ඇත්ත . ඔය විරෝධය පල කරපු අය පාර්ලිමේන්තුව ට සුදුසු නැති බව එයාල අවබෝධ කරගන්න .

:       0       0

හතර හිනා Tuesday, 08 February 2022 07:21 AM

මුදල් ඇමැතිගෙ මැරයෝ ටික ගම්මන්පිල මහත්තයට සත්තමක් දාලා වගෙයි

:       0       0

ජගත් ලියනගේ Tuesday, 08 February 2022 12:46 PM

මේවට සිංහලෙන් කියන්නේ " ශෝ " කියල . තිර රචනාව කලින් ලියල තියෙන්නෙ .

:       0       0

සනත් ඉතාලිය Tuesday, 08 February 2022 02:14 PM

ඔන්න පේනව නේද පොහොට්ටුවේ ඉන්න උගතුන්ගෙ තරම .ප්‍රකාශයක් හරිහැටි තේරුම් ගන්න බැරි මැටි මෝල්ලු. ඇත්ත තත්වය අතිසැටියෙන් මහජනතාවට පැහැදිලි කලාම ඒක වැරදි. එතකොට පොහොට්ටු කාරයො තැන් තැන්වල පිස්සුකෙලිනකොට ආන්ඩුව අපහසුතාවෙට පත්වෙන්නෙ නැහැ. ඔය ගොඩාක් උඩපනින පොහොට්ටු කාරයො ගොඩාක් ඊලගපාර ගෙදර.

:       0       29

shasi Tuesday, 08 February 2022 05:51 PM

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදයට හේතුව ‘කොවිඩ්’ වසංගතය නොවන බව ඉන්දියාවේත් අනෙක් ආසියානු රටවලත් ආර්ථික තත්ත්වය සහ ආර්ථික ප්‍රගතිය දෙස බැලීමේදී පෙනී යයි. ශ්‍රී ලංකාව වර්තමානයේ පත්ව ඇති අතිශය දුෂ්කර තත්ත්වයට හේතුව ‘කොවිඩ්-19’ වසංගතය නොවන බව හොඳින්ම පෙනී යයි. වසංගතය නිසා සත්‍ය වශයෙන්ම සිදු වූයේ මෙරට ආර්ථික කළමනාකරණයේ මුල් බැසගෙන තිබෙන මූලධාර්මික ප්‍රශ්න නිරාවරණය වීමයි.

:       0       6

fairoos Wednesday, 09 February 2022 01:32 PM

තවත් අවුරුදු 3ක් කොහොම හරි ඇදගෙන යමු...

:       1       4

Deepal Nirosh Saturday, 12 February 2022 10:11 AM

වවුලාගේ ගෙදර ලැගුම් අරගෙන වවුලාට ඉන්න හැටි කියාදෙන්න හදන මේ වගේ බට්ටිච්චන් වඳ නොවීම තමයි අරුමය..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1546 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 299 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 554 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 799 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 153 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 560 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 726 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site